කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් හා කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක

දණ්ඩනීති සංග්‍රහය, ආයතන සංග්‍රහය හා පොලිස් නියෝග උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව විනය හා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත හෙයින්, ඔවුන් වහාම වෙනත් සේවා ස්ථානවලට මාරුකිරීම සඳහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ජාතික පොලිස් කොමිසමේ නිර්දේශයක් ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තාවක් කැඳවා තිබිණ. එම වාර්තාව ඊයේ (28) දිනයේ වැඩබලන පොලිස්පතිවරයාට ලැබී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය ලැබුන වහාම අවශ්‍ය පියවර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

චෝදනා මොනවද ?

සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට චෝදනා කරමින් පුවතක් නිර්මාණය කර රට ගිනි තැබීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ට එරෙහිව මේවනවිට බරපතල චෝදනා හතරක් එල්ලවී ඇත. ඒවා නම්,

1- ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩබලන පොලිපතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම ඔහුට ඇති එක් චෝදනාවකි. එය ආයතන සංග්‍රහය යටතේ ඔහු විසින් කර ඇති බරපතල වරදක් ලෙස සැලකේ.

2- එසේම, හිතාමතාම ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනු කිරීමට යයි.

3- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් සොයා යාමේ ප්‍රමුඛ කාර්යය පසෙකලා, නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් විසින් නිර්මාණය කරන ලද බරපතල පුවතට අදාළ මුස්ලිම් ජාතික වෛද්‍ය සාෆි සියාබ්දින් විසින් කර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට විශාල පොලිස් බළඇණියක් යෙදවීමට සිදුවී ඇති අතර හා ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. මෙය පැහැදිලිව පොලිසිය නොමග යැවීමක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

4- බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් අධිකරණ කටයුතු නොමග යැවීමට සිතාමතා කටයුතු කිරීම එම චෝදනාවන් වේ.

CIDයට එරෙහිව රෝහලේ අධ්‍යක්ෂකගෙන් පැමිණිල්ලක්

Sarath Weerabandara. wimal 

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් තමාගේ රාජකාරීයට බලපැම් කළ බව පවසමින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා විසින් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍යවරයා මාධ්‍ය වෙත පැවසුවේ තමන් රාජකාරි කටයුත්තක යෙදී සිටි අවස්තාවේදි අධිකරණ නියෝග නොතකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් පසුගිය 03වනදා පැමිණ තමන්ට බලපෑම් සිදු කළ බවයි.

එමෙන්ම වෛද්‍යවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් තේරීම් කාරක සභාවේදි ද තමන්ට සහ රෝහලට අපහස වන පරිදි ප්‍රකාශ කළ බවයි.

රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ නීතිඥ සමන් බන්ඩාර මහතා චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙම අවස්ථාවේදි නීතිය අවභාවිතා කරමින් සිටින බවයි.

වෛද්‍ය සරත් වීරබණ්ඩාර කලකට ඉහත ජනතා විමුක්ති පෙරමුණ සමඟ දේශපාලන කටයුතුවල නියැළී සිට පසුව විමල් වීරවංශ මහතා සමඟ එක්වූ අයෙකි. දැනට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සමීපතම ගෝලයකු ලෙස ක්‍රියාකරන්නෙකි.

සබැඳි පුවත් :

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්