The Leader News
BREAKING
ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●
Top Ad
පුවත්

හම්බන්තොටට පැමිණි වසරේ පළමු ගෑස් නැවෙන් මෙට්‍රික් ටොන් 7,000ක් ගොඩබායි

T

The Leader Desk

April 12, 2026 • 3:24 PM

හම්බන්තොටට පැමිණි වසරේ පළමු ගෑස් නැවෙන් මෙට්‍රික් ටොන් 7,000ක් ගොඩබායි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් අප්‍රේල් 4 වනදා සිය ගොඩබෑම් කටයුතු සාර්ථකව අවසන් කළ බව හම්බන්තොට වරාය අධිකාරිය පවසයි.
  • ආර්ජන්ටිනාවේ සිට පැමිණි මෙම නෞකාව මඟින් ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගම වෙත ඇණවුම් කර තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 7,000කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී ගොඩබෑ බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
  • මෙම ගෑස් තොගය මෙරට ගෘහස්ථ පාරිභෝගික පවුල් 570,000කට පමණ සැපයීමට ප්‍රමාණවත් වනු ඇතැයි ගණන් බලා ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් කරයි.
  • පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව හම්බන්තොට වරාය මඟින් මෙහෙයුම් සිදු කළ පළමු ගෑස් තොගය මෙය වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ගෘහස්ථ බලශක්ති සැපයුම් දාමය ශක්තිමත් කිරීමට වරාය ලබා දෙන දායකත්වය නැවත වරක් තහවුරු කර ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉකුත් අප්‍රේල් 4 වනදා සිය ගොඩබෑම් කටයුතු සාර්ථකව අවසන් කළ බව හම්බන්තොට වරාය අධිකාරිය පවසයි.

ආර්ජන්ටිනාවේ සිට පැමිණි මෙම නෞකාව මඟින් ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගම වෙත ඇණවුම් කර තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 7,000කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී ගොඩබෑ බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ගෑස් තොගය මෙරට ගෘහස්ථ පාරිභෝගික පවුල් 570,000කට පමණ සැපයීමට ප්‍රමාණවත් වනු ඇතැයි ගණන් බලා ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් කරයි.


පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව හම්බන්තොට වරාය මඟින් මෙහෙයුම් සිදු කළ පළමු ගෑස් තොගය මෙය වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ගෘහස්ථ බලශක්ති සැපයුම් දාමය ශක්තිමත් කිරීමට වරාය ලබා දෙන දායකත්වය නැවත වරක් තහවුරු කර ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් පවසයි.


වරායේ සම්මත මෙහෙයුම් කාර්යක්ෂමතාව මත මෙම ගෑස් තොගය නියමිත වේලාවට දේශීය බෙදාහැරීමේ ජාලයට එක් කිරීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයක් බව ද  වරාය අධිකාරිය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ENS දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී යොන්ග්ෂුවාං ලී (Yongzhuang Li) සඳහන් කර තිබුණේ ‘ANDOVER’ නෞකාවේ පැමිණීම මඟින් උපායමාර්ගික භාණ්ඩ මෙහෙයුම් සඳහා වරාය සතු සූදානම මනාව පිළිඹිබු වන බවයි.

ජාතික ඉල්ලුම සපුරාලමින් අත්‍යවශ්‍ය බලශක්ති සැපයුම් කාර්යක්ෂමව හැසිරවීමට වරායට පවතින හැකියාව මෙයින් ප්‍රදර්ශනය වූ බවත්, ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික මාර්ගයට නාවික සැතපුම් 10ක් වැනි කෙටි දුරකින් පිහිටා තිබීම නිසා සැපයුම් දාමයේ අඛණ්ඩතාව සහතික කිරීමට වරාය සුදුසු මට්ටමක පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

| hirunews

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...