කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා
දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. 
 
සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
 
එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. 
 
එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
 
 
වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සංචාරක සීමා තිබියදීත් දිනකට 2500-3000 ක් අතර ප්‍රමාණයක් කොවිඩ් වසංතගයට ගොදුරු වන බැවින් මේ ප්‍රමාණය කිසියම් මට්ටමකට පාලනය කිරීමට නම් තවත් දින 7 ක් වත් එනම් ජූනි 14 දා දක්වා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බවයි. 
 
 
 
පසුගිය මැයි  21 වැනි දින පනවනු ලැබු සංචරණ සීමා ලබන (14) සඳුදා අවසන් වීමට නියමිතය. 
 
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවයි.
 
පවතින තත්ත්වය පරීක්ෂණය කර ලබන සිකුරාදා (11) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
 
 
 
සංචරණ සීමා අසංවිධානාත්මකයි : මිනිස්සු බඩගින්නේ !
 
 
AP20084296764087 
  
දැනට පවතින සංචරණ සීමා අසංවිධානාත්මක යයි සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට රජයට බරපතල විවේචනයක් එල්ලවෙමින් තිබේ.
 
සංචරණ සීමා පැනවීමෙන් පසු මැයි 25  දින, මැයි  30 දින සහ ජූනි 4 දින මහජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආර්ථක මධ්‍යස්ථාන, තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘතව තබන බව දන්වා සිටියත් 30 දා කඩ සාප්පු විවෘත කිරීම තුළ දක්නට ලැබුණ ජනතා ඒකරාශී වීම නිසා 30 දිනත් ජූනි 04 දිනත් කඩ සාප්පු විවෘත කිරීම අවංලගු කෙරිණි.
 
සියලුම අමාත්‍යවරු, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සඳහන් කර සිටියේ මේ කාලය තුළ චූන් පාන් කාරයාගේ සිට සියලුම බඩු භාණ්ඩ අහාරපාන බෙදා හරින්නන් සියලු ගමක් නගරයක් පාසා ගොවි ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බවයි.
 
එම වැඩ පිළිවෙල අසාර්ථක වී ඇති අතර බලපත්‍ර ලබා ගැනීම සඳහා දහස් ගණන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට රස්තියාදු වනු රුපවාහිනී මාධ්‍ය තුළින් අනාවරණය විය.
 
අදටත් රජයේ වැඩපිළිවෙල අසාර්ථකව ඇති අතර ජනතාව කොවිඩ් වසංගතයේ බැරෑරුම්කම තේරුම්ගෙන නොකා නොබී ගෙවල්වලට කොටුවී සිටින බව කිසිවකු හෝ ජනාධිපතිවරයා දැනුවත් නොකරන බව පැහැදිළිය.
 
bandula sathosa 
 
බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියා සිටියේ සතොස  Q Shop සියල්ල විවෘත කර ඇති අතර අංක 1969 ට කතා කිරීමෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගත හැකි බවයි.
 
නිරෝධානයට ලක්වී ඇති පවුල්වලටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මල්ල බෙදා හැරීමට නොහැකි සතොස ලංකාවට 1969 න් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරිනවා යයි කීම මේ වර්ෂයේ හොඳම විහිලුව බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.
 
පසුගිය 25 දා කොළඹ කඩ සාප්පු විවෘත කල ද ඊට පෙර එළවලු පළතුරු මිළදී ගන්නා වෙළෙන්දන් දඹුලු ගිය විට දඹුලු ආර්ථික මධ්‍යස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබිණ.
 
 
 
රජයේ නිවේදනවල අවුල !
 
 
රජය සංචරණ සීමාවන් සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදනවල අපැහැදිළිතාවය මෙයට මූලික හේතුවයි.
 
මීට පෙර එක් අවස්ථාවක මේ සියලුම කඩ සාප්පු වසා දැමීමට නියෝග කර ආර්ථික මධ්‍යස්ථාන, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය විවෘත කර තිබුනේත් මෙවැනි නිවේදනවල අවුල්කාරී ස්වභාවය නිසාය.
 
අමාත්‍ය ජොන්ස්ටන් සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පැවසු කරුණු කාරණා නැවතත් පැහැදිලි කිරීමට යුධ හමුදාපතිට සහ පොලිසිය මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ට සිදු වීම මිට කදිම උදාහරණයකි. 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

THE LEADER TV 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්