කෝවිඩ් මර්දනයට පනවා ඇති සීමා උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්, මුලතිව් හි පිහිටි කෝවිලක් වසා දමා, පූජකයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබේ.
 
 
අලුතින් ඉදි කරන ලද ශිව දේවාලයක, පූජකයන් දෙදෙනකු සහ භාරකරුවකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට ගෙන ගොස්, එහි පැය හතරක කාලයක් රඳවාගෙන ඇත්තේ කෝවිලේ දිනපතා පවත්වන පූජාව අතරමග නවතා දමමිනි.
 
මූන්ගිලාරු හි පිහිටි මෙම ශිව කෝවිල, මාර්තු 11 දිනට යෙදුනු, හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ශ්‍රිවරාත්‍රී උත්සවය දින විවෘත කරන ලද්දකි.
 
 
kovil 
 
 
මෙම කෝවිලේ පූජකයකු වන දේවරාජා ශර්මා, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, එම ප්‍රදේශයේ ශිව කෝවිලක් නොමැති වීම නිසා, ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙම කෝවිල ගොඩනඟන ලද බවයි.
 
“කොරෝනා සීමා කිරීම් නිසා, දිනපතා වතාවත් කරන්නේ කිසිම ජනතා සහභාගිත්වයක් නැතුව. ඒත්  පොලීසිය ඇවිත්, පූජකයන් දෙන්නෙකුයි කෝවිලේ භාරකාරයෙකුයි පුදුකුඩිඉරිප්පු පොලීසියට අරගෙන ගිහිල්ලා පැය හතරක් තියාගෙන  හිටියා. ආගමික මාර්ගෝපදේශ වල හැටියට හැමදාම වතාවත් බාධාවකින් තොරව කරගෙන යන්න ඕනේ.”
 
  
හින්දු කෝවිලක, විශේෂයෙන් ශිව කෝවිලක වතාවත් සිදුකිරීම නැවැත්වීම, හින්දු සම්ප්‍රදායට අනුව භයානක පාපයක් ලෙස සැළකේ.
 
 
 
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිචාරය :
 
 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් මේ සම්බන්ධයෙන් පළ කළ ට්වීට් පණිවුඩයකට අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුනි.
 
 
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම් ජී. කාසිලිංගම් ට්වීට් පණිවුඩයක් මඟින් සදහන් කර තිබුනේ , කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
 
 
 
“මේ ට්විටර් පණිවුඩය දැක්කට පස්සේ මම පුදුකුඩිඉරුප්පු පොලිස්ථානයෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා. එතකොට මට දැනගන්නට ලැබුනේ, කෝවිඩ් ආසාදිතයන් බහුලව හමුවීම නිසා, මූන්ගිලාරු ප්‍රදේශය දැනට ලොක්ඩවුන් කරලා තියනවා කියලා. එහි පූජකයා විසින් තවත් 5 දෙනෙක් එක්ක පූජාව පවත්තලා තියෙනවා. මේ වෙලාවේ ඒක නිරෝධායන නීතියට විරුද්ධයි”
 
ඔහුගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ , “ඔවුන් හය  දෙනාම ප්‍රශ්න කරලා නිදහස් කරල තියෙනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය නවත්වන්න බලධාරීන් කටයුතු කරමින් ඉන්න වෙලාවක, තමන්ගේ ආගමික විශ්වාසයන් කුමක් වුනත්, සියලු දෙනා නිරෝධායන නීති වලට ගරු කළ යුතුයි.”
 
ආගමික කටයුතු සම්බන්ධයෙන් වන ‘නිරෝධායන නීති’ මොනවාදැයි අගමැති කාර්යාලය විසින් පැහැදිළි කිරීමක් සිදු කොට තිබුනේ නැත.
 
  
කෙසේ නමුත්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්ට @nmmraza ට්විටර් ගිණුමෙන්  ප්‍රතිඋත්තර දෙමින් රාසා නූර් විසින් පෙන්වා දී තිබුනේ, ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් ගත් කල, ආණ්ඩුවේ ප්‍රවේශය ඊට පරස්පර බවයි.
 
 
kurunegala mayor birthday 
  
“නමුත්, කුරුණෑගල පොලිසියේ දින 7ක් පුරාවට පිරිත් කියා, අවසානයේ නගරාධිපතිගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමේ ගැටළුවක් නැද්ද? කිසිදු භික්ෂුවක් අත්අඩංගුවට ගෙන නැත!”
 
එම ට්විටර් පණිවුඩයේ සඳහන් උපන්දින සාදය, ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකු වන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව  විතාරණ වෙනුවෙන්, පොලීසියේ සහභාගිත්වයෙන් පැවැත්වූවකි.
 
පුජක දේවරජා ශර්මා විසින් මෙම ගැටළුව විසඳීමට මැදිහත් වන ලෙසට ජනාධිපතිට සහ අග්‍රාමාත්‍යවරයාට මීට පෙර ආයාචනා කර තිබේ.
 
  
කොවිඩ් 19 සීමා මධ්‍යයේ වුවද, මහජන සහභාගිත්වයකින් තොරව, විහාරස්ථානවල දිනපතා වතාවත් සිදු කිරීමට රජය විසින් ඉඩ ලබා දී තිබේ.
 
 
දිනපතා වතාවත් ඉටුකිරීම නැවත ආරම්භ කිරීමට දැන් අවසර තිබේ දැයි හෝ, පූජකයන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වන විමර්ශනයේ ස්වභාවය සම්බන්ධයෙන් තවමත් පැහැදිළිකමක් නැත.
 
එදිනම, දෙමළ සන්නද්ධ අරගලයේ සටන් වැදී මියගිය පළමුවැන්නා වන පොන්නුදුරෙයි සිවකුමාරන් වෙනුවෙන්, ඔහුගේ මරණයේ 47 වන අනුස්මරණයට සමගාමීව, යාපනයේ උරුම්පිරායි හි පිහිට ප්‍රතිමාව ඉදිරිපිටදී උපහාර දැක්වීමට,     නැගෙනහිර වලිකාමම් ප්‍රාදේශීය සභා සභාපත් ත්‍යාගරාජා නිරෝෂ් හට ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදාව විසින් ඉඩ ලබා   නොදෙන ලදී.
 
අවසානයේදී ඔහුට සිදුවූයේ පෞද්ගලික බිමක අනුස්මරණය පැවැත්වීමටය.
 
 
 
 
 
 
 
 

              
 

 
 
 
 

THE LEADER TV 

 

හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්