කොවිඩ් 19 වසංගත රෝග තත්වය හේතුවෙන් ඉමහත් අභියෝගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ
යහපත උදෙසා ස්විස්ටර්ලන්ත රජය මඟින් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම පිළිබඳව හිටපු කතානායක කරු ජයසුරිය එම රජයටත්, ස්විස්ටර්ලන්ත ජනතාවටත් ගෞරව පුර්වක ස්තුතිය පුද කර සිටියි.
 
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' වෙනුවෙන් එහි සභාපති ලෙස කරු ජයසුරිය එසේ ස්තුතිය පුදකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
 
 
අදාළ වෛද්‍ය උපකරණ තොගය (ජූනි 08 වන දා) කටුනායක ගුවන් තොටුපොලේ දී ශ්‍රී ලංකාව වෙත භාර දී තිබේ. 
 
 
ජර්මන් ජනරජය ද තම සංවිධානයේ ආයාචනයෙන් දින 2කට පසු ශ්‍රී ලංකාව ඇතුළු සුදුසුකම් ලබන රටවල ප්‍රයෝජනය සඳහා එන්නත් මිලියන 30 ක් නිදහස් කර ඇතිබවත්, ජර්මන් චාන්සලර්වරිය විසින් මේ තීරණය ගත් බවට තම සංවිධානය දැනුවත් කර ඇති බවත් කරු ජයසුරිය කියා සිටියි.
 
 
ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ 6 ක් 
 
swiss aid 
 
 
මීට අමතරව පසුගිය සති කිහිපය තුළ ස්විස්ටර්ලන්තය ප්‍රංශය හා ජපානය සමඟ ද ඉතා හදිසි අවශ්‍යතාවය පවතින ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ හයක් ලබා ගැනීම සඳහා අප කළ ඉල්ලීම් වල දී, ලංකාවට සහාය වීමට මෙම සෑම රටක්ම ඉදිරිපත් වීම හා ඔවුන් ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි දැක්වූ සෙනෙහස අගය කරන බවද හිටපු කතානායකවරයා කියා සිටියි.
 
 
මේ අනුව ජපානයෙන් ලැබෙන ප්‍රදානයත්, අපගේ මිත්‍ර රටවලින් "කොවැක්ස්" ක්‍රමවේදය හරහා ලැබෙන එන්නත් ප්‍රමාණයත් සමඟ අඩුම වශයෙන් එන්නත් 8,65,000 ශ්‍රී ලංකාවට ඉක්මනින් ලැබෙනු ඇත.
 
 
මෙම දුෂ්කර අවස්ථාවේ සහාය ලබා දුන් රජයන්ට හා ජනතාවට, එම රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වෙසෙන තානාපතිවරුන්ට ද අප දිරිමත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයටත් තම සංවිධානයේ ප්‍රණාමය පුද කරන බව කරු ජයසුරිය කියා සිටියි.
 
 
 එමෙන්ම මේ සඳහා ආශිර්වාද ලබා දුන් යුනිසෙෆ්  ආයතනයටත් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරියටත් තම සංවිධානය ස්තුතිවන්ත වන බව පවසන කරු ජයසුරිය, මෙම එන්නත් මෙරටට ලැබුණු පසු ඒවා බෙදා හැරීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කිරීම රජයට භාර කාර්යයක් වන බවත්,  මේ සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවත් කියා සිටියි.
 

THE LEADER TV 
 

 

වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?

 

 

 

"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්