ඉන්දන මිල වැඩිකිරීමට ගත් තීරණය පිළිබඳව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ඝෘජුව වගකිවයුතු බවත්,
මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් අවධාරණය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විසින් ඊයේ (12) මාධ්‍ය නිවේදනක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම විරෝධය පළකර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
 
ජීවන වියදම් කමිටුව නියෝජනය කරන වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙන්ම බැසිල් රාජපක්ෂ සමග අමනාපයෙන් පසුවන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔහුට සහය පළකර ඇතයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.
 
සිය පක්‍ෂයේ සහ එහි නායකයින් අප්‍රසාදයට පත් කිරීම සදහා ගම්මන්පිල අමාත්‍යවරයා කටයුතු කරන්නේ දැයි සාධාරණ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. 
 
 
 
බැසිල් ගේ වැඩක් !
 
විමල් පාර්ශවයේ අදහස වී ඇත්තේ එම ලිපිය බැසිල් රාජපක්ෂගේ අනු දැනුම මත නිකුත්කර ඇති බවයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ගේ නිවේදනය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක්ම අමාත්‍ය උදය ගම්මන්පිලට දුරකථන ඇමතුම් ලබාදෙමින් බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇතැයි ද පැවසේ. 
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ,  ඉන්ධන මිල වැඩිකිරීම සිදුකළේ මුදල් අමාත්‍යාංශය විසින් බවයි. 
 
ඉන්ධන මිල වැඩිකිරීම යනු දැනට ඉන්ධන ලීටරයක් මත රජයට අයකරගන්නා බද්දට අමතර බදු මුදලක් එකතුකිරීමක් බව පැවසු එම ඇමතිවරයා, බදු ගැසීම පිළිබඳ “විෂය භාර” ඇමති  යනු මුදල් ඇමතිවන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බවත් ඉන්දන මිළ වැඩිකිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට තනිකොට ආණ්ඩුවේ පාර්ශවයන් විසින් පහරදීම ආණ්ඩුවේ සාමුහික වගකීම පැහැර හැරීමක් බවත් අවධාරණය කර සිටියේය.
 
ඉන්දන මිළ ගැන තීන්දු ගැනීම සඳහා වූ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ විශේෂ රැස්වීම කැඳවුයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් බවත්, එහිදී මිල වැඩිකිරීම සම්බන්ධව එකඟතාවයක් ඇති කරගත්තේ පොදු එකඟතාවය මත බවත් එම ඇමතිවරයා සඳහන් කළේය. 
  
එම මිල වැඩිකිරීමේ තීන්දුව මාධ්‍ය වලට ප්‍රකාශ කිරීම උදය ගම්මන්පිල අමාත්‍යවරයා වෙත පැවරු අවස්ථාවේදී 
 '' මට තමයි කන්න වෙන්නේ..'' යයි ඔහු සිනාසුන බවත්, ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු එහිසිටි ඇමතිවරුන් සියලුදෙනා '' නෑ  නෑ මේක සාමුහික තීරණයක් .. අපි ඔබතුමා එක්ක සිටිනවා '' යයි එක හඩින්  පැවසු බවත් අප වෙත තොරතුරු ලබාදුන් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
 
මුදල් අමාත්‍යංශයේ ආරංචිමාර්ග පවසන්නේ, ඉන්දන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජූනි 9 දා කැඳවා තිබු ජීවන වියදම් රැස්වීමට ජනපති, අගමැති (මුදල් ඇමති), වෙළද ඇමති, කෘෂිකර්ම ඇමති, ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති (නිවාඩ් කබ්රාල්) හා පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති (ලසන්ත අලගියවන්න) ජීවන වියදම් කමිටුවේ නිල සාමාජිකයින් සහභාගී වූ බවයි,
 
එසේම, විශේෂ ආරාධිතයින් ලෙස ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හා නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය පි. බී ජයසුන්දර,  අගමැති ලේකම් ගාමීණි සෙනරත් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් සජීත් ආටිගල යන  රජයේ ජේෂ්ඨ නිලධාරින් තිදෙනාද සහභාගී වී තිබේ.
 
gfdgfgfg 
 
ඉන්ධන මිළ ඉහළ දැමීමේ වගකීම අමාත්‍යය උදය ගම්මන්පිල මහතා විසින් භාර ගෙන ඛණිජ තෙල් අමාත්‍යය දූරයෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවට පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් මාධ්‍යයට නිකුත් කළ ලිපිය පිළිබඳව ආණ්ඩුවට පක්ෂපාත ජාතික සංවිධානවල ද බලවත් විරෝධය පලවෙමින් තිබේ.
 
'ලංකා ලීඩ්' පුවත් අඩවිය වෙත අදහස් දක්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර පවසා ඇත්තේ,  “සාගරගේ ලිපිය පොඩි එකාගේ ලියුම” වගෙයි කියාය. 
 
ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
 
''සාගර කාරියවසම් මහතාගේ ලිපිය කියවන විට දශක කිහිපයකට පෙර ජාතික පුවත් පතක පළවූ “පොඩි එකාගේ ලියුම” නම් කොළම මට මතක් වෙනවා. අපේ රටේ දේශපාලකයෝ නිරන්තරයෙන් ජනතාවට විහිලු සපයනවා. ඒක ඔවුන්ගේ මූලික චර්යාව බවට පත්වෙලා. එහෙත් මොළේ කළඳක් හරි තියෙන අය ඒ විහිලු වල සීමාව තියාගන්නවා. ඒක නැති වුනහම තමයි “ජෝකර්ලා” කියන වචනයෙන් ඒ අයව හඳුන්වන්නේ. 
 
එතුමා කියන විදියට ගම්මන්පිල මහතා පමණක් නොවෙයි, සමස්ත ජීවන වියදම් පිළිබඳ අමාත්‍යය මණ්ඩල උප කමිටුවටම ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා. ආණ්ඩුවට මුහුණ දීමට නියමිත බරපතල අර්බූද පිළිබඳව සිතන විට මේ වගේ අයවළුන්ට එම ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්ද කියා ප්‍රශ්නයක් මතුවෙනවා.” 
 
 
 
ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍යවලින් බැසිල්ට ප්‍රහාරයක් :
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විසින් ඊයේ (12) මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය වලින් බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගෙන ප්‍රහාරයක් එල්ලවෙමින් තිබේ.
 
 bbvb
112 3
 
 
 
ගම්මන්පිලගෙන් අද විශේෂ මාධ්‍ය හමුවක්
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඊයේ නිකුත් කළ එම නිවේදනයට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (13) දිනයේදී පිළිතුරු ලබා දීමට නියමිතව ඇත.
 
 සිය අමාත්‍යාංශයේ අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී තමන් ඊට ප්‍රතිචාර දක්වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය වෙත පවසා ඇත. 
 

 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 

THE LEADER TV 

 

 


මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

   

 


සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image