ලක්ෂ ගණන් යෞවනයන්ගේ ආදායම් හා රැකියා සුරක්ෂිත කිරීම පිණිස අහිමි වීමේ අවදානමට ලක්ව ඇති ජී එස්. පී. + සහනය රැක ගැනීමට
රජයට සහාය දීමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
 
හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න එබව කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයේ ජුනි 13 වන දා පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
 
වත්මන් රජයට ආර්ථික සැලස්මක් හෝ දර්ශනයක් නොමැති බව පැවසු හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, වත්මන් අර්බුදය තේරුම් ගැනීමේ නොහැකියාව නිසා රටට බරපතල අපරාදයක් සිදුවෙමින් පවතින බවද කියා සිටියේය.  
 
''අපි රජයට වැරදි කියනවා පමණක් නොව අපි රජයට උදව් කරන්නත් ලැහැස්තියි.'' ඔහු එහිදී සඳහන් කළේය.
 
මෙරට මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය බලපතල අනතුරකට ලක්ව ජනතාවගේ නිදහස දවසින් දවස අහිමිවෙමින් පවතින බව යුරෝපා පාර්ලිමේන්තුවේ අදහස වී ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරේම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් ආරක්ෂා කරමින් අලුතින් නීති සම්මත කිරීමට ආණ්ඩුවට සහය දැක්වීමට සුදානම් බව කියා සිටියේය. 
 
ඒ තුළින් ජාතික ආරක්ෂාවත්, ගමේ තරුණියන්ගේ රැකියාවත් ආරක්ෂාත් තහවුරු වනු ඇතැයි ඔහු සඳහන් කළේය. 
 
 
thumbs b c 0c5798d53319f6267b206a70d8d343a9 
 යුරෝපා පාර්ලිමේන්තුව
 
 
එම මාධ්‍ය හමුවේදී ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
 
 
''යුරෝපා පාර්ලිමේන්තුවේ ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් වුනා. එහි මන්ත්‍රීවරු 705 දෙනාගෙන් යෝජනාවට පක්ෂව 628 දෙනෙක්, එනම් 90% පක්ෂව ඡන්දය දුන්නා. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නොකඩවා පිරිහෙමින් පවතින බව මේ යෝජනාවෙන් සඳහන් වෙනවා. 
 
ඊට පස්සෙ මෙය කෙසේ හෝ හරවා ගන්න ඕනෑ නිසා, යුරෝපා පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ජී.එස්.පී.ප්ලස් ආර්ථික සහනය නතර කිරීමට එම යෝජනාවේ අඩංගුවෙලා තිබෙනවා.
 
 
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිත කරමින් එක එක පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවට විශේෂයෙන් එම  යෝජනාවෙන් චෝදනා කර තිබෙනවා.  
 
අපි දන්නවා ප්‍රකට තරුණ නීතිවේදී හිජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගෙන වසරකට වැඩියි. තවම උසාවියක්ලා උසාවියකට ඉදිරිපත් කර නඩුවක් කියලා නැහැ.
 
ඒ වගේම අනාෆ් ජසීම් කියන කලා කරුවෙකුත් අත් අඩංගුවට අරගෙන තිබෙනව. තවම නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ.  
 
මේකෙන් සුළු ජන කොටස් හිංසනයට ලක් කරනවා යැයි මේ යුරෝපීය පාර්ලිමේන්තු යෝජනාවේ සඳහන් වෙනවා. 
 
 
hijas ahnaf rishad shani 
හිජාස්  -ජසීම් -රිෂාඩ් -ශානි 
 
 
යුරෝපා යෝජනාවේ සඳහන් නොවුනත් අපේත් එක්ක පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ නායකයෙක් රිෂාඩ් බදියුදීන්  මැතිතුමා ඔය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම අත් අඩංගුවට ගෙන තිබෙනවා. තවම ජනාධිපති කොමිසන් සභාවෙන් හෝ පොලිසියෙන් හෝ ඔහුට වැරදිකාරයෙක් ලෙස කිසිම චෝදනාවක් එල්ල කරලා නැහැ.
 
ශානි අබේසේකර මැතිතුමා, ඔහු ලංකාවේ හිටපු ප්‍රකට ම එනම් සී අයි ඩී එකේ  විමර්ශණය කරන පොලිස් නිලධාරි කෙනෙකි. ඔහුවත් කාලයක් තිස්සේ අත්අඩංගුවේ තියාගෙන කිසිදු චෝදනාවක් නැතුව. තවමත් නිදහස් කර නැහැ. 
 
 
හමුදාකරණය :
 
 
ඊනියා, සාවද්‍ය තොරතුරු සැපයීම මිනිස්සු ඉදිරිපත් කරනවා කියා ඒ අයට පීඩාකාරි වන විදියට නව යෝජනාවල් රජය විසින් ඉදිරිපත් කරනවා.
 
ඒ වගේම සිවිල් රාජ්‍යයක සිවිල් නිලධාරීන් විසින් කළ යුතු කරුණු හමුදාකරණයට ලක් කරනවා කියමින් ද යෝජනාවේ සඳහන් වේ.
 
 
 
unnamed 10 
 
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අපක්ෂපාති සම්පූර්ණ විමර්ශනයක් මෙතෙක් තිබිලා නැහැ කියලත් ඒ යෝජනාවේ සඳහන් වෙනවා. කතෝලික සභාවේ නායකයන්ද දිගින් දිගට ප්‍රකාශ කරමින් සිටින්නේ මෙයමයි.
 
 
සිවිල් අයිතිවාසිකම් නැති කිරීමේ සැලැස්ම :
 
 
දේශපාලනඥයන් ඉලක්ක කරමින්, පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂ නායකයින්, දේශපාලන නායකයෝ ඉලක්ක කරමින් කොමිසන් සභා පත් කර ඒ අයගේ සිවිල් අයිතිවාසිකම් නැති කිරීමේ ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක වන බව එම යෝජනාවලියේ සඳහන්.
 
භාෂණයේ නිදහසත් අඩු කරලා. විශේෂයෙන්, මාධ්‍යවේදීන්ගේත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගේ භාෂණයේ නිදහස සීමා  කරලා. 
 
ඒවා තමයි එම යෝජනාවේ තිබෙන්නේ. එය කොහොමද අපට බලපාන්නේ.
 
ඔය ජී එස්. පී ප්ලස් සහනය අපට නැතිවන්නට පුළුවනි. අපි 2015 රජය භාර ගන්න කොට බොහොම අපහසු තැනක සිටියේ. බොහොම අමාරු තැනක සිටියේ.  ජී.එස්.පී. ප්ලස් තිබ්බේත් නැහැ. 
 
ඒ වගේම යුරෝපයට අපගේ මත්ස්‍ය අපනයන තහනමක් තිබ්බා. ඒක මැද්දේ අපි රජය අරගෙන ආපසු සාකච්ජා කර ඊට පස්සේ 2017 මැයි මස ජී එස් පී සහනය ආපසු අපේ රටට ලබා ගත්තා.
 
 
1Hs7zA7TE7urgefd 02 
''අපේ අපනයනවලින් 66 % ට GSP + සහනය පාවිච්චි කරන්න පුළුවනි.''
 
 
මේ GSP සහනය අපි වගේ රටකට ලොකු වාසියක්. ඇඟලුම් කර්මාන්තයට ලොකු වාසියක් තිබ්බා. මත්ස්‍ය කර්මාන්තයට ලොකු වාසියක් තිබුණා. ඒ වගේම පිඟන් මැටි කර්මාන්තයට, රබර් නිමි භාණ්ඩවලට ද ලොකු වාසියක් තිබ්බා. 
 
අපේ අපනයනවලින් 66 % ට ජී එස් පී ප්ලස් සහනය පාවිච්චි කරන්න පුළුවනි.
 
මම මේ සඳහන් කළේ විශාල කර්මාන්ත ගැන පමණයි. මේ වාසිය නැතිනම් අපට අපේ අපනයන භාණ්ඩවල මිල ඉහලට දාන්න වෙනව.
 
 
''දහස් ගණනින් අහිමි වෙනවා''
 
 
යුරෝපයේ තිබෙන බදු සහනවලින් නිදහස් කිරීමයි අපට ලැබෙන මේ වාසිය, බදු සහනය නැති වූ විට මිල ඉහල දැමීමට සිදුවෙනවා. අපගේ භාණ්ඩ සඳහා ජාත්‍යන්තර තරඟ කාරිත්වය අඩු වෙනවා. 
 
එවිට අපට යුරෝපයේ වෙලඳපොල අවස්තා නැතිවීමෙන් අපේ ගම්වල සිටින තරුණ තරුණියන්ට තිබෙන රැකියා අවස්ථාවල් දහස් ගණනින් අහිමි වෙනවා.
 
අපි රජයෙන් බලාපොරොත්තුවන්නේ රජය ජනතාවගේ රැකියාවල්, ආදායම් මාර්ගය ආරක්ෂා කරයි කියලා. 
  
අද ජනතාව කොරෝනා මධ්‍යයේ දුෂ්කරතා රැසක් මත ජීවිතය ගෙන යන්නේ. මේ අතරේ ජී එස් පී ප්ලස් වැනි සහනයක් අහිමි වුවහොත් මේකේ ප්‍රති විපාක ගැන රටක් වශයෙන් හිතන්නවත් බැරිවෙනවා.. ලෝකයේ තිබෙන අපේ ලොකුම වෙළඳ පොලවල් දෙක යුරෝපය හා ඇමරිකාව. යූරෝ කෝටි 230 ක් යුරෝපයේ අපේ වෙළඳපොල. මේ දෙක අපට අහිමි වන්නට පුළුවනි.
  
මොකද්ද මේ රජය කරන්නේ, රජයට ආර්ථික සැලස්මක් නැහැ, දර්ශනයක් නැහැ. තේරුම් ගැනීම්ක්වත් නැහැ.මූලික දේවල් පවා තේරෙන්නේ නැති නිසා අපරාදයක් සිද්ද වෙන්නේ. අපි රජයට වැරදි කියනවා පමණක් නොව අපි රජයට උදව් කරන්න ලැහැස්තියි.
 
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත:
 
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට යුරෝප යෝජනාවට ඇතුළත්. අපේ රජයේ කාලයේ අපි වෑයම් කළා සංශෝධනය කරන්නට එහෙත් අපට විපක්ෂයේ සහයෝගය ලැබුනේ නැහැ.
 
එහෙත් රටේ පැවැත්ම හා මිනිසුන්ගෙ රැකියාවල් හා ආදායම් දිහා බලලා රජයට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන්නට රජයට සහාය දෙනවා.
 
ජී එස් පී යටතේ අපේ තරුණ තරුණියන් විශාල පිරිස් රැකියා කරනවා. මැද පෙරදිග ආරක්ෂාවල් නැති තැන්වලත් අපේ අය රැකියා කරනවා. 
 
ඉතිං අපේ තරුණයන්ගේ රැකියාවල් ආරක්ෂා කරන එක රජයේ ප්‍රමූඛතාවයක් නොවේදැයි අපි ප්‍රශ්න කරනවා.
 
 sri lanka guards
 ''ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනෑ. නමුත් ජාතික ආරක්ෂාව මැද මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළ යුතුයි.''
 
 
එම නිසා අපට අවහිර කළාට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන්න අපි රජයට සහයෝගය දෙනවා.
 
මේ සඳහා විශිෂ්ඨ නීතිවේදීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නීති කොමිසම විසින් මේ ගැන නීති කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
 
මේ කෙටුම්පතෙන් පටන්ගෙන පාර්ලිමේන්තු ක්‍රමය තුළින් මෙය ඉදිරියට ගෙනයන ලෙස රජයට දැනුම් දෙනවා. අපි ජනතාව ආරක්ෂා කරන්නට ඕනෑ. 
 
ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනෑ. නමුත් ජාතික ආරක්ෂාව මැද මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළ යුතුයි.
 
 
මානව අයිතීන් හා නිදහස : මෙවර එම චෝදනාවේ බර වැඩියි.
 
පසුගිය රාජපක්ෂ රජයේ අහිමි වූ ජී.එස්.පී සහනය යළි ලබා ගත්තේ යහපාලන රජය සමයේදී 2017 දී. යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකා රජයට ජී.එස්.පී ප්ලස් සහනය නැතිවීමට ඉඩ තියනවා. ක්‍රම විධියක් ක්‍රියාත්මක කර තිබෙනවා එය නැති කරන්න.
 
අපි දැන්මම ක්‍රියාත්මක කරන්න ඕනෑ, ජී.එස්.පී. සහනය බේරා ගැනීමට නම්.  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා නිදහස අඩුවෙමින් පවතින බව යුරෝපා පාර්ලිමේන්තුව මේ රජයට චෝදනා කර තිබෙනවා.
 
විශේෂයෙන් ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ත්‍රස්තවාදී පනත පාවිච්චි කරමින් එක එක පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවයි.
 
වසරකට වැඩි කාලයක් ගත වූවද ඒ අයව අධිකරණවලට ඉදිරිපත් කර නැහැ.
 
 මෙය අද ඊයේ චෝදනාවක් නෙමෙයි.  මිට පෙරත්  මෙම චෝදනාව ලංකාවට එරෙහිව එල්ල කර තිබෙනවා. මෙවර එම චෝදනාවේ බර වැඩිය.
 
සිවිල් පාලනය හමුදාකරණය කිරීම,  ඒ වගේම තවත් චෝදනාවක් නම් ප්‍රජාතන්ත්‍රවාදී රජයක සිවිල් අංශයෙන් කළ යුතු දේවල් හමුදා අංශයෙන් සිදු කරනවා යැයි ද චෝදනා කර තියනවා.
 
 
සමාජ මාධ්‍යවලට බලපෑම් ...
 
E3aQgPbWYAUd7Rv 
 
 
ඒ වගේම වැරදි ප්‍රවෘත්ති ප්‍රකාශ කරනවායැයි කියමින් එක එක නීති රීති ගෙනල්ලා ඒවා පාලනය කිරීමට තැත් කරනවා යැයිද පැවසේ. ඒ මගින් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නවා. මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරනවා සමාජ මාධ්‍ය තුළ සිටින මාධ්‍යවේදීන්ටත් ලොකු ගැටළුවක් තිබේ. අඩුවෙන මේ ඉඩ කඩ ආරක්ෂා කළ යුතුයි.
 
පසු ගිය කාලයේදී ද පොරොන්දු වූ පරිදී ලංකාව මෙය නිවැරදි නොකරන්නේ නම් විශේෂයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් වෙනස් කළ යුතු යැයි ඔවුන් කියනවා. මෙය නිවැරදි කරන්නට අපි රජයට සහාය දෙනවා. අපි කරන්න හදන කොට එදා විපක්ෂය රජයට සහාය දුන්නේ නැහැ.
 
ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් ආරක්ෂා කරමින් අලුතින් නීති සම්මත කරන්න ට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.
 
මේ මගින් ජාතික ආරක්ෂාවත් ගමේ තරුණියන්ගේ රැකියාවත් ආරක්ෂා කරන්න අපි මේ මගින් බලාපොරොත්තු වෙනවා.
 
අපේ තරුණ දරුවන් විශේෂයෙන් කාන්තාවන් දරුවන් මැද පෙරදිග අනාරක්ෂිත රටකට ගොස් රැකියා කරනවාට වඩා මේ රටේ සුරක්ෂිතව රැකියා කරන්න ජී.එස්.පී සහනය ආරක්ෂා කිරීම වැදගත් යැයි සමගි ජනබල වේගය කල්පනා කරනවා.''
 
 
 
  
 
##########
THE LEADER TV 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්