එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු ආණ්ඩුව විමර්ශන කමිටු හතරක් පත් කළත්, වරද කාගේ දැයි සෙවීමට කමිටුවක් පත් නොකිරීම
බරපතල සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
 
මින් ඉදිරියට මෙවැනි වරදක් නොවීම සඳහා වරද කාගේ දැයි හෙළිදරව් කිරීම වගකිවයුතු ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව ද මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේද පවසයි.
 
 
image 1275e7aad8 
 
''එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ගිනි ගැනීමෙන් වූ පරිසර හානිය, ආර්ථික හානිය ආදිය සෙවීම සඳහා ආණ්ඩුව කමිටු හතරක් පත්කර තිබෙනවා. නමුත් ආණ්ඩුව අත්‍යවශ්‍යම කමිටුව පත් කර නැහැ. මේ නැව ලංකාවට ආවේ මැයි 19 වැනිදායි. ලංකාවේ වරායට ගොඩ බෑම සඳහා කන්ටේනර 150ක් මේ නැවේ තිබුණා. ඒ නැව ආවේ එහි තිබූ කන්ටේනර් ගොඩබෑම සඳහායි. ඩුබායි වලින් පැටවූ එම කන්ටේනර් වල තිබුනේ ලංකාවේ ව්‍යාපාරිකයන් ඇනවුම් කළ බඩු භාණ්ඩයි. '' -මුජිබුර් රහුමාන්
 
 
 
මේ නැව පිටත වරායට පැමිණ දින කීපයකින් ගිනි ගන්නා තත්ත්වයට පැමිණියා. ගින්න නිවීම සඳහා ඉන්දීය නාවික හමුදාව එන්නේ දින පහකට පහකට පසුවයි.
 
මේ නැව 19 වැනි දා ලංකාවට එන විට ගිනි ගෙන තිබුණේ නැහැ. කන්ටේනර් ගොඩබෑම සඳහා නැව පැමිණෙද්දී වරාය අධිකාරිය සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ගත යුතු තීන්දු නිසි වෙලාවට ගත්තා ද? නැද්ද? යන කාරණය සෙවීම සඳහා අත්‍යවශ්‍යම කමිටුව ආණ්ඩුව විසින් පත් කර නැහැ. 
 
 
මේ වරද වූයේ කාගේ පැත්තෙන් ද ?
 
 
මේ වරද වූයේ කාගේ පැත්තෙන් දැයි මුලින්ම සොයා ගත යුතුයි. ඇමතිවරයා අවශ්‍ය අවස්ථාවේදී තීන්දු ගත්තාද? නැද්ද? යන කාරණය සෙවිය යුතුයි .ඒ ගැන සොයන අත්‍යවශ්‍යම කමිටුව මේ ආණ්ඩුව පත් කළේ නැහැ. 
 
ඒ කමිටුව පත්නොකර ආණ්ඩුව වෙනත් කමිටු පත්කර තිබෙනවා. එම කමිටු පත්කර ඇත්තේ එළියේ වූ දේ සොයන්නයි. නමුත් ඇතුලේ  පරිපාලනයේ වරදක් වුණා දැයි මුලින්ම සොයා බැලිය යුතුව තිබෙනවා.
 
  
මුලින්ම නැවේ ගින්න නිවීම සඳහා වරාය අධිකාරියේ අත්‍යවශ්‍ය පහසුකම් තිබේ දැයි සෙවිය යුතුයි. ඉන්දීය නාවික හමුදාව ගෙන්වූයේ ඒ පහසුකම් නැති නිසයි.
 
 
ලෝකයෙන් ම විසි වන තැන තිබෙන වරාය ලෙස ලංකාවේ වරාය නම් දරා තිබෙනවා. නැවක හදිසි තත්ත්වයක් ඇති වූ විට ඊට මුහුණදීම සඳහා වරාය පහසුකම් නැති නම් අප රටට නැව් ඒම නවතීවි. මේ හානිය ගැන සොයාබැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි අප පවසනවා.
 
මේ අපේ ආර්ථිකය සමඟ සම්බන්ධ වූ ගැටලුවක්. අවශ්‍ය තීන්දු තීරණ අවශ්‍ය වේලාවේදී නොගන්නා විට මේ ගැටළු ඇතිවෙනවා. මීට වගකිව යුත්තේ කවුදැයි සෙවීම සඳහා කමිටුවක් පත් කළා නම් මින් ඉදිරියට හෝ මෙවැනි වැරදි නොවීමට වග බලා ගන්නට තිබුණා. 
 
Astraeus Gyms Grand Re opening 2
 
 
මේ වන විට වරාය සභාපතිවරයා ලේකම් තනතුරක් දී මාරු කර තිබෙනවා. මෙලෙස මාරු කිරීමෙන් ආණ්ඩුව නොකියා කියන්නේ මේ සිද්ධිය සඳහා වරාය අධිකාරිය වගකිව යුතු බවද? මේ අනුව සභාපතිවරයා මේ සිද්ධියට වගකිව යුතු දැයි අපට සැකයක් තිබෙනවා. 
 
 
සත්‍ය කතාව නම් මේ නැව ගිනි ගත්තේ හරි වෙලාවට තීන්දු තීරණ නොගත් නිසයි. මේ නැව මුලින්ම ඇතුළට  ගෙන අදාළ කාන්දුව තිබූ කන්ටේනරය ඉවත් කර අවශ්‍ය පියවර ගත්තා නම් හානිය අවම කර ගන්න තිබුණා. අප මෙහි සුල මුල සෙවිය යුත්තේ අනාගතයේදී මෙවැනි දේවල් තවදුරටත් නොවීමටයි. 
 
මේ සිද්ධියට පෙර ලංකා මුහුදේ නැව් කීයක් ගිනි ගත්තාද? ලංකාව ලොව විසිවන වරාය ලෙස නම් දරා තිබුණත් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ නායකත්වයක් නැති වීම මෙවැනි ක්‍රියා වීමට මූලික හේතුවක්. 
 
 
බරපතළ චෝදනාවක් :
 
 
මේ නැව ගිනි ගන්නට ඉඩ හැරියා යැයි අදාළ නැව් සමාගමේ නීතිඥවරයා පවා පවසා තිබෙනවා. එය බරපතළ චෝදනාවක්. මේ සිද්ධියේදී මුල සිටම ඊට මුහුණදීමට ක්‍රමවේදයක් නොතිබූ බව පැහැදිලියි.
 
මේ ආණ්ඩුවට කිසිම අභියෝගයකට මුහුණ මුහුණ දීමට දැනුමක් හෝ හැකියාවක් නැති බව දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටිනවා.කොරෝනා පාලනය අසමත් වුණා. ආර්ථිකය අසමත් වුණා. වෙන කවරදාවත් නොවූ පරිදි මුහුදේ යන නැව් පවා ගිනිගෙන ලංකා මුහුදේ සිටින මසුන් පවා මැරි මැරී ගොඩ ගසන්නේ ආණ්ඩුවේ අසමත් බව නිසයි.''
 
 
 
 
 
##########
THE LEADER TV 
 
 
වරායේ ජෙනරාල් ඉවත්කළ ඇතුලේ ගැටුම?
 
 
 
ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්