වයඹ පළාතේ දේශපාලනඥයකුද ඇතුලුව නීති විරෝධි ජාවාරම්කරුවන්ගෙන් ජීවිත තර්ජනයකට ලක්ව සිටින බාල වයස්කාර දරුවකුගේ
ජීවිතය බේරා ගැනීම සදහා වහාම  මැදිහත් වන්නැයි නීතිඥ සංවිධානයක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටි.
 
එම අධිකාරියේ ප්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය අවධාරණය කර ඇත්තේ නීති විරෝධී ජාවාරම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෙළිකරනු ඇතැයි විශ්වාස කෙරෙන වයස අවුරුදු නමයක දරුවකු මෙලෙස ජීවිත තර්ජනයට ලක්ව සිටින බවයි.
 
"මෙම දරුවා විසින් ශ්‍රී ලංකාවේ මත්කුඩු, මත් පෙති, දියමන්ති සහ නීතිවිරෝධී ආයුධ වෙළදාම සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථා දැක ඇති බවත්, එම සිද්ධින් ඉදිරියේදී මෙම දරුවා විසින් අනාවරණය කරනු ඇතැයි යන බිය නිසා දරුවා ඝාතනය කිරීම සදහා මේ වන විට කිහිපවිටක්ම පහත සදහන් කරනු ලබන පුද්ගලයන් විසින් උත්සාහ කර ඇති බවත් මේ සදහා වග කිව යුතු දේශපාලනඥයන් කිහිපදෙනෙකුම සම්බන්ධ බවටත් ඉහත කී දරුවාගේ පියා විසින් අප සංවිධානය දැනුවත් කොට ඇත."
 
achala
 
නීතිඥ අචලා සෙනෙවිරත්න
 
 
ජනතා නීතිඥයෝ සංවිධානයේ විධායක මණ්ඩල සභික නීතිඥ අචලා සෙනෙවිරත්න ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ මෙම දරුවා ඝාතනය කිරීමට උත්සාහ කිරීම හා ඒ සම්බන්ධ කරුණු පිළිබදව මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාට, පොලිස් මුලස්ථානය වෙත හා ළමා ආරක්ෂණ අධිකාරිය වෙතද දැනුම් දී ඇති බවයි.
 
එසේම හලාවත පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ වෙතද මෙම දරුවාගේ පියා විසින් පැමිණිලි කර ඇතත් මේ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සාධනීය පියවරක් ඉහත කිසිවකු විසින් හෝ ගෙන නොමැති බවත් නීතිඥවරිය අවධාරණය කරයි.
 
වගඋත්තර කරුවන්ගේ නිදැල්ලේ පසුවන බව පෙන්වා දෙමින් ඔවුන්ගේ නම් සහ විස්තරද නීතිඥවරිය ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දී තිබේ.
 
  
මත්ද්‍රව්‍ය හා සෙසු ජාවාරම් සම්බන්ධයෙන් මෙම දරුවා පළ කරන තොරතුරු මේ වන විට සමාජජාලා වල පල වී ඇති බව දැනගන්නට ඇති බවයි නීතිඥ අචලා සෙනෙවිරත්න පවසන්නේ.
 
 
දරුවාගේ පියා වන මාදම්පේ, සුදුවැල්ල වත්ත, අංක 196 හි පදිංචිව සිටින රම්පටි  දේවගේ සුමිත් කුමාර යන අය ඇතැම් අවස්ථාවල පැමිණිලි සිදු කිරීම සදහා මාදම්පේ පොලිස් ස්ථානය වෙත ගියද ඒවා සටහන් කරගෙන නොමැති බවත් නීතිඥවරිය ජාතික  ළමා ආරක්ෂණ අධිකාරියට  දැනුම් දී තිබේ.
 
මේ සම්බන්ධයෙන් කඩිනම්න් ක්‍රියාකර මෙකී අපරාධය පිළිබදව වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් බාල වයස්කාර දරුවාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ජනතා නීතිඥයෝ සංවිධානය ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටි.
 
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට යොමු කළ ලිපියේ පිටපත් පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ළමා හා කාන්තා කාර්යාංශය වෙතත් යොමු කිරීමට ජනතා නීතිඥයෝ සංවිධානය කටයුතු කර තිබේ.
 
 
 
 
##########
 
 
THE LEADER TV 
 
'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට ! 
 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ? 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්