ගෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති සහතිකය ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. 


එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී පැවසුයේ, ''ගෝඨාභයගේ සහතිකේ බොරු, පුළුවන්නම් ඇත්ත එක පෙන්වන්න'' කියාය. ලංකාවේ ලියකියවිලි අනුව ඔහු මේවනවිටත් ද්විත්ව පුරවැසියෙකු බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.


වීඩියෝ

 

මේ අතර ගෝඨාභයගේ සහතික පත් සම්බන්ධයෙන් සති අන්ත 'අනිද්දා' පුවත්පතේ පලවී ඇති ලිපියක සඳහන් වන්නේ, 
ඇමෙරිකානු ආණ්ඩුවේ අත්අඩංගුවට පත් නොවීමට ලංකාව ඇතුළේ සැඟවී සිටින ජනාධිපතිවරයෙකු ශ්‍රි ලංකාවට ලැබීමේ ඉඩක්ද  පවතින බවයි.

එම පුවත් විශේෂාංගයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානුවෙක්ද, නැද්ද යන කාරණය පිළිබඳව සංවාදය පසුගිය සතියේ ප්‍රධාන මාර්තෘකාවක් විය. මේ වෙද්දී ‌ගෝඨාභය රාජපක්ෂ කියා ඇත්තේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාල "පුරවැසිභාවය අත්හැරීමේ සහාතිකය " තමාට ලැබී ඇති බවයි.

ශ්‍රි ලංකා පුරවැසි භාවය අත්හැරීම:

2003 ජනවාරි 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකාව අතහැර ඇමරිකානුවෙක් බවට පත්විය. ඒ ඇමෙරිකන් පුරවැසිභාවය ලබාගෙන, ශ්‍රි ලාංකික පුරවැසිභාවය අත්හරිමිනි. ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය ඔහු යළි ලබා ගත්තේ, හෙවත් ඇමෙරිකානු - ලංකා දිත්ව පුරවැසිභාවය ලබා ගත්තේ 2005 දී සිය සහෝදරයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවයි.

ද්විත්ව පුරවැසිභාවය ලබාගත හැක්කේ ශ්‍රි ලංකා රජයේ විශේෂ අවසරයකින් පමණයි.

පසුගිය සතියේ සමාජ මාධ්‍යවල ගෝඨාභයට ලැබුණු පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය යැයි ව්‍යාජ ලිපියක් හුවමාරු විය.

එම ලිපිය කුඨ ලේඛණයක් බව තහවුරු වෙන තැන් කිහිපයක්ම ඇත. ඉන් එකක් වන්නේ 2003 මාර්තු 13 වෙනිදා ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් බව එම ව්‍යාජ සහතිකයේ තිබුණත්, ඇත්තේන්ම ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගත්තේ 2003 ජනවාරි මාසයේදී විමය.

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් බවත්, එයට අදාල සහතිකය ඔහුට ලැබී ඇති බවත් කියමින් පසුගිය සතියේදී සමාජ මාධ්‍යවල සහතිකයක ඡායාරූපයක් හුවමාරු වී තිබුනී. 

දෙරණ සභාපති හා ගෝඨාභය රාජපක්ෂගේ සමීපතකයෙකු වන දිලිත් ජයවීරගේ ෆේස් බුක් පිටුවේ පවා ඒ සහතිකයේ ඡායාරූප පළවි තිබුණි. එහෙත් සමාජ මාධ්‍යවල සිටින කිසිවෙකු ඒ ව්‍යාජ සහතිකයට හසුවි නොතිබුණි.

වහාම ඒ සහතිකය ව්‍යාජ එකක් බව තහවුරු කරගෙන තිබුණි. එම සහතිකය විකිපීඩියාවේ ඇති මෙවැනිම සහතිකයක් කොපි කරමින් හදාගත් ව්‍යාජ සහතිකයක් බව ඔවුන් පෙන්වා දී තිබුණි.

එම ව්‍යාජ සහතිකයෙහි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ජොයෙල් ගීෆීල්ඩ් නම් නිලධාරියෙකු එය අනුමත කළ බව සඳහන් කරමින් අත්සනක් ඇත. එහෙත් එම නිළධාරියාගේ නම හා අත්සන, ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැරීමේ සහාතිකයට උදාහරණයක් ලෙස විකිපීඩියා වෙබ් අඩවියේ ඇති ඡායාරූපයෙහි ඇති අත්සනට සම්පූර්ණයෙන් සමානය. විකිපීඩියාවේ ඡායාරූපයෙහි තිබෙන්නේ පැරගුවෙහි තානාපතිවරයා‌ගේ අත්සනකි. ජූලි 26 දිනය සහිතව ඒ අත්සන යොදා ඇත.

Fake latter. 08.05jpgඅනෙක ගෝඨාභය රාජපක්ෂ පුරවැසිභාවය අත්හැරීමට අදාල ලේඛන 2019 ජූලි 05 වැනිදා බාරදුන් බව එහි ඇත. ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ සිටියේ සිංගප්පූරුවේය. ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළීබඳ නීතිරීති අනුව යම් පුරවැසියෙකුට ඕනෑම තානාපති කාර්යාලයකට පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ ලිපිලේඛන  භාරදිය හැක. දෙවැනි පුරවැසිභාවය ඇති රටේ තානාපති  කාර්යාලයෙන්ම විය යුතු ම නැත.

එහෙත් ඔහු ජූලි 05 වැනිදා හිටියේ සිංගප්පූරුවේ වන නිසා ඔහු එදින ලියකියවිලි බාරදුන්නා නම් එය දුන්නේ සිංගප්පූරු තානාපති කාර්යාලයට විය යුතුය. එහෙත් මේ ව්‍යාජ ලේඛනයෙහි සඳහන්ව තිබුණේ ජූලි 05 වැනිදා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලියකියවිලි බාරදුන් බවයි.

මෙහි ඇති ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් බලපත්‍රයේ විස්තරද ව්‍යාජ බව තහවුරු වී තිබේ. එහි සඳහන්ව ඇත්තේ 2012 දී ඔහුගේ ගුවන් බලපත්‍රය ලැබුණු බවය.එයද ව්‍යාජ තොරතුරකි.

සමාජ මාධ්‍යවලින් ඒ සහතිකය ව්‍යාජ එකක් බව ඔප්පු වෙද්දී, සන්ඩේ මෝනින් පුවත්පතේ වෙබ් අඩවියේ කතුවරිය වන මන්දනා ඉස්මයිල් වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ කියා තිබුණේ සමාජ මාධ්‍යවල හුවමාරුවන සහතිකය ව්‍යාජ එකක් බවයි. තමා සතුව සෑබෑ සහතිකය ඇතැයි ඔහු කියා තිබුණි. පසුව ඔහු ලග ඇතැයි කියන සහතිකය මාධ්‍යවලින් ප්‍රසිද්ධ කර තිබේ.


''ගෝඨාභයගේ සහතිකය ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේද ඇවිලෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.'' 

ඔහුගේ පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය පිළිබඳ ප්‍රශ්නය ඇවිලගියේ සමාජ මාධ්‍යවල පමණක් නොවේ. ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේද එය ඇවිලෙන ප්‍රශ්නයක් බව අපට වාර්තා වෙයි.‌ ගෝඨාභය රාජපක්ෂට කැමැත්තක් නොදක්වන පුද්ගලයෝ එම සහතිකය ඉදිරිපත් කරන ලෙස බලපෑම් කරමින් සිටියෝය.

විශේෂයෙන්ම කුමරා වෙල්ගම වැනි පිරිස් දැඩිව ඒ ප්‍රශ්නය මතුකර තිබුණි. ඊට අමතරව මේ වෙද්දී දිනේෂ් ගුණවර්ධන හා චමල් රාජපක්ෂට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලැබිය යුතු බව ප්‍රකාශ කරන කණ්ඩායම්ද පෙන්වා තිබුණේ  ගෝඨාභය රාජපක්ෂ‌ගේ පුරවැසිභාවය ඉවත් කරගත් බවට සහතිකයක් අගෝස්තු  11 වැනිදාට පෙර නොලැබුණහොත් ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂත්වය ලබා නොදිය යුතු බවයි.

කෙසේ වෙතත් පසුගිය සතියේ ඒ සහතිකය පක්ෂ නායකයින්ට ඉදිරිපත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ලියකියවිලි බාරදී ඇත්තේ 2019 මාර්තු හා අප්‍රේල මාසවලදී බව මේ වෙද්දී තහවුරුය. 

කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම:

ඔහු නියෝජනය කරන දේශප්‍රේමී බලවේග දැඩිව පිළිගන්නා කාරණා කිහිපයක් එකට තැබීමෙන්ම ගෝඨාභය රාජපක්ෂ 2019 මාර්තු මාසය දක්වාම කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම ගැටලුවක් බව කිවහැකිය. 

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ශ්‍රී ලංකාවට එරෙහි විවිධාකාර කුමන්ත්‍රණ කරන බව දේශප්‍රේමී බලවේග නිතර පවසයි. ඒ අනුව ඇමෙරිකාව විවධාකාර උපක්‍රම පාවිච්චි කරමින් ශ්‍රී ලංකාව අමාරුවේ දමන්නටත්, එල්ටීටීඊය වැනි සංවිධාන හා ඒවායේ හිතවතුන් රකින්නටත් උත්සාහ කරයි. 

අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ එල්ටීටීඊයට එරෙහිව යුද්ධය මෙහෙයවූ වීරයා බව ඔවුහු පවසති. කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටි ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේදී කළා යැයි කියන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා නම්, එදා ඇමෙරිකාවට ශ්‍රී ලංකාවේ යුද්ධය සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ හැකියාව තිබුණි. 

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ තමන් ඇමෙරිකානුවෙක්ය යන කාරණාවද සඟවාගෙන සිටීමට උත්සාහ ගත්තේය. අන්තිමේදී එය පොදුජන සංවාද තලයට ආවේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසාය.

පුරවැසිභාවය ඉවත් කිරීම:

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නේ කෙසේදැයි කෙටියෙන් මෙසේ කිව හැකිය. ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කොන්සල් කාර්යාලයක හෝ තානාපති කාර්යාලයක වෙලාව වෙන් කර ගැනීම මුලින්ම කළ යුතුය. 

ඉන්පසුව එම කාර්යාලයෙහි නිලධාරියෙකු සමග සම්මුඛ සාකච්ඡාවකට ඉඳගත යුතුය. එහිදී ඇමෙරිකානු ගුවන් බලපත්‍රය හා පුරවැසිභාවය සහිත දෙවැනි ර‌ටේ ගුවන් බලපත්‍රය රැගෙන යා යුතුය.

කාර්යාලයේ නිලධාරියෙක් පුරවැසිභාවය ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා සම්මුඛ සාකච්ඡාවට ලක්කරයි. එහිදී නිලධාරියා නිල ලියකියවිලි හා ඒවා පුරවන ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙයි. පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හේතුව, පුරවැසිභාය ඉවත් කරගැනීමෙන් පසු ජීවත්වීමට බලාපොරොත්තු වන්නේ කොහේද යන කාරණා එහිදී විමසයි. බදුගෙවීමේ ගැටලු තිබෙනවාද නැද්ද යන්න විමසයි. 

ගෝඨාභය රාජපක්ෂ ගෙවුණු මාර්තු මාසයේදී එම පළමු සම්මුඛ සාකච්ඡාවට මුහුණ දී තිබේ. මෙය දුරකථනයෙන් කළ හැකි බව ද ඇතැම් තැන්වල සඳහන්ය.  

එම සාකච්ඡාවේදී මීළඟ සම්මුඛ සාකච්ඡාවට සතියකින් හෝ සති කිහිපයකින් වෙලාවක් ලබාදෙයි. දෙවැනි සාකච්ඡාවේදී ලියකියවිලි සියල්ල සම්පූර්ණ කොට පැමිණිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ අප්‍රෙල් මාසයේදී එයටgota text 2019.08.05 new මුහුණ දී තිබුණි. 

එහිදී ඇමෙරිකානු ඩොලර් 2350 ක් හෙවත් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් පුරවැසිභාවය ඉවත් කරගැනීමේ බද්ද  ලෙස ගෙවිය යුතුය. රැකියා විරහිත විශ්‍රාමික හමුදා සෙබලෙක් හා අමාත්‍යංශයක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂට ඒ ලක්ෂ 4 ගෙවීම ගැටළුවක් නොවූවා විය හැක. ඊට අමතරව ඔහුට ඇමරිකාවේ ඇති දේවළ අනුව බදු ගෙවීමටද සිදුවෙයි.

ඒ සියලු ලියකියවිලි හා ගෙවීම් සම්පූර්ණ කොට භාරදිය යුතුය. ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රයද එහිදී බාර දිය යුතුය. දෙවැනි සම්මුඛ සාකච්ඡාවේදී මූලිකවම සිදුකරන්නේ එම ලියකියවිලි පරික්ෂා කර අනුමත කිරීමය. ලියකියවිලි වැරදි නම් පුරවැසිභාය අත්හැරීම පිළිබඳ දිවුරුමක් ලබා දීමට සිදුවෙයි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා කියන ආකාරයට ඔහු එම දිවුරුම ලබාදී හමාරය. ඉන්පසුව ඔහුට ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස පෙනී සිටිය නොහැක. ඇමෙරිකානු ගුවන් ගමන් බලපත් පාවිච්චි කළ නොහැක. ඇමෙරිකාවට ඇතුළුවුවත්, විදේශිකයෙකු ලෙස වීසා ලබා ගන්නට සිදුවෙයි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 මාර්තු මාසය තෙක්ම ඇමෙරිකාව අල්ලාගෙන සිටියේ ඒ නිසාය. ඇමෙරිකාව අත්හැරීම ලොව කිසිම කෙනෙකුට ලෙහෙසි තීන්දුවක් නොවේ. අත්හැරියාට පසුව නැවත පුරවැසිභාවය ලබා ගැනීම කළ හැක්කක්ද නොවේ. ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ සාමාජිකයෝ තවමත් ඇමෙරිකානුවෝය.  

සාමාන්‍යයෙන් තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් පුරවැසිභාවය අත්හැරීමට බලාපොරොත්තු වන ඇමෙරිකානුවෝ බාරදුන් ලියකියවිලි සියල්ල ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසීහි තිබෙන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවනු ලබයි. පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ අවසන් තීන්දුව ගන්නේ එම දෙපාර්තමේන්තුවයි.

 ඉන් පසුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අත්හැරීමේ සහතිකයක් පුරවැසියාට නිකුත් කරනු ලැබේ. එය තැපෑලෙන් පුරවැසියා වෙත එවනු ලැබේ. පුරවැසිභාවය අත්හැරියා ලෙස සලකන්නේ එම ලිපිය නිකුත් කිරීමෙන් පසුවය. 

ඉන්පසුව පුරවැසිභාවය අත්හරින ලද පුද්ගලයාගේ නම ඇමෙරිකාවේ ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවිය මාස තුනකට වතාවක් ප්‍රසිද්ධ කරන ඇමෙරිකානු පුරවැසිභාය අත්හරින ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට ඇතුළත් කරයි.

පිටපතක් ආගම පාලකවරයාට:

තමා ළඟ පුරවැසිභාය අත්හැරීමේ සහතිකයෙහි පිටපතක් ඇති බව කීවද ආගමන විගමන පාලක ජෙනරල්වරයාට තවමත් එවැනි පිටපතක් ලබා දී නැති බවද එහි අභ්‍යන්තර තොරතුරු අපට පවසයි. ලංකාවේ ලියකියවිලි අනුව ඔහු තවමත් ද්විත්ව පුරවැසියෙකි. 

19 වැනි සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැක. තමා තවදුරටත් ද්විත්ව පුරවැසියෙකු නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය. මැතිවරණ කොමිෂන් සභාවට අදාළ පුද්ගලයා ද්විත්ව පුරවැසියෙක් දැයි විමසන්නේ ආගමන විගමන පාලක ජෙනරල්වරයාගෙන්ය.

ඇත්ත වශයෙන්ම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ගැන විවිධාකාර ඇමෙරිකානු මාධ්‍ය වාර්තා, ඇමෙරිකානු රජයේ වෙබ් අඩවිවල ඇති කරුණු ආදී මූලාශ්‍ර ඇසුරු කරද්දී විවිධාකාර තොරතුරු දකින්නට ලැබෙයි. 

උදාහරණයක් ලෙස ඇමරිකාවේ යම් පුරවැසියෙකුට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වෙන අතර පුරවැසිභාවය ඉවත් කර ගැනීම කළ නොහැක්කක් බව ඇතැම් මූලාශ්‍රවල ඇති අතර තවත් මූලාශ්‍රවල ඇත්තේ නඩුවක් ක්‍රියාත්මක වන අතරේ වුව ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කළ හැකි බවය. 

එහෙත් ඕනෑම පුරවැසියෙකුට කැමති මොහොතක පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඇති අයිතියට ඇමෙරිකාව මුල් තැන දෙන බව ඇමෙරිකන් රජයේ පැහැදිළි ප්‍රතිපත්තියකි.


Amarika text 05.08එහෙත් නීතිය අනුව ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකන් පුරවැසිභාවය පිළිබඳ අපූරු කාරණාවක් ඇත. ඉතා පැහැදීලිව ඇමෙරිකානු රජයේ වෙබ් අඩවිවල තිබෙන්නේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයෙකු ඇමෙරිකානු පුරවැසියෙකුව සිටියදී යම් වරදක් කර ඇතැයි ඇමෙරිකානු අධිකරණයෙදී ඔප්පු වුවහොත් හෝ, ඔහු අපරාධයක් කර බවට ඇමෙරිකානු ආරක්ෂක අංශවලින් පරීක්ෂණයක් ආරම්භ කළහොත් ඔහු එයට මුහුණදිය යුතු බවය.

පුරවැසිභාවය අත්හැර සිටියත් ඔහු එවැනි පරීක්ෂණයකට මුහුණදිය යුතුය. පුරවැසියෙකුව සිටියදී කළ වරදකට ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට නියෝග කළ හැකිය. ඒ අනුව වැරදීමකින් හෝ ජනාධිපතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කොට, ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා වෙන්නට පුළුවන් වුණත් ඉන්පසුව වුව ඔහුව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ඇමෙරිකාව නියෝග කිරීමේ යම් අවදානමක් ඇත.

ඇමෙරිකානු අධිකරණවල අප දැනුවත්ව ඔහුට එරෙහිව සිවිල් නඩු දෙකක් විභාග වන බවත් අමතක නොකළ යුතුය. අපරාධ නඩුවකින් ඔහු වරදකරු වීම හා ඔහු ලංකාවේ ජනාධිපතිවරයා වීම යන දෙකම උපකල්පනය කළොත් ඇමෙරිකානු ආණ්ඩුවේ අත්අඩංගුවට පත් නොවීමට ලංකාව ඇතුළේ සැඟවී සිටින ජනාධිපතිවරයෙකු ශ්‍රි ලංකාවට ලැබීමේ ඉඩක්ද  පවතී.

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්