මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) සභාපති ලෙස අද (13) පෙරවරුවේ වැඩ බාරගෙන ඇත. 
 
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විසින් එම පත්වීමට අදාල ලිපිය අද උදැසන  ඔහුවෙත ලබා දී තිබිණ.
 
මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළේය.
 
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී. හර්ෂාන් ද සිල්වා ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙස 'උසස්කර ' තිබේ.
 
 
''මට අයෙත් නිකන් හිරේ යන්න බැහැ ..'' කියලා !
 
 
යූ.ඩී. හර්ෂාන් ද සිල්වා ජනාධිපතිවරයාට සමීප නිලධාරියකු ලෙස සැලකුන ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවරන ඇතැම් රාජකාරි කටයුතු කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොකරන බවට මොහුට විවේචන එල්ලවී තිබිණ.
 
 '' මේවා කරලා මට අයෙත් නිකන් හිරේ යන්න බැහැ ..'' කියමින් ඔහුට පවරනු ලැබූ ඇතැම් නියෝග පැහැර හැර තිබෙන බවට ජනාධිපති කාර්යාලයට වාර්තා වී ඇතැයි සඳහන්වේ.
 
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ දී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළ අවස්ථාවේදී ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා ද විත්තිකරුවකු ලෙස නම්කර තිබිණ. 
 
 
අගමැතිගේ විරෝධය :
 
 
නාගරික සංවර්ධන අධිකාරිය රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා යටතේ ගැසට් කර ඇතත් විෂයබාර කැබිනට් අමාත්‍යවරයා වන්නේ අගමැති මහින්ද රාජපක්ෂයි.
 
ඒ අනුව, තමා යටතේ ඇති ආයතනයක් සභාපතිවරයකු තමාටත් නොදන්නවා ඉවත් කිරීමේ සුදානමක් ඇති බව වාර්තාවීමත් සමග අගමැති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් විරෝධය පළකර තිබුබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
කෙසේවුවද ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබු මේජර් ජනරාල් වරයා පත්කිරීමට අවසානයේ අගමැතිවරයා ද එකඟත්වය පළකර ඇතැයි  ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
##################
 
THE LEADER TV 
 
කෞෂිගේ ලේකම් පත්වීම බොරුවක්!
 

 
පොහොර වැඩෙනුත් : ප්ලෑන් කරලා බැසිල්ව ඇන්නුවද ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්