'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ 2005 දී ද ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ හොර පාරෙන් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.


ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ සඳහන් කර තිබේ.

''මෙන්න කතාව සිංහලෙන් කෙටියෙන්. ද්විත්ව පුරවැසිබව සඳහා ඉල්ලුම් කර ඇත්තෙ 2005 නොවැම්බර් 18. ඇමති අනුමැතිය දී ඇත්තේ දින 03ට පසු නොවැම්බර් 21. එතකොට ඇමතිවරුන් පත්කර නොතිබිණ. 
මෙරට පුරවැසි බව නැවත ලබා ගැනීමට පෙර, ඇමෙරිකන් පුරවැසියකු ලෙස 2005 මැතිවරණයට මැදමුලනෙ ගෙදර ඡන්ද ලැයිස්තුවේ නම යොදා තිබිණ. පසුගිය මාසයේ අලුත් හැඳුනුම්පත් අංකයකින් අලුත් ගමන් Kusal FBබලපත්‍රයක් ලබාගෙන ඇත්තේද හොර පාරකිනි. මේ රට හදන්න ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයෙකුගේ සුදුසුකම් කිහිපයකි.''


මෙසේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ ගැටලුව දැන් නව මුහුණුවරක් ගෙන ඇත්තේ, ඔහු තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ සදහන් නොවන ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවට හෙළිවීමත් සමගය. 

 ඒ සඳහා පෞද්ගලිකව පෙනී නොසිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරි වේලාවන් ගෙන් පිටත ඉල්ලුම් කර තිබීම ද ප්‍රශ්නකාරී වී ඇත.

එපමනක් නොව වාර්තා වන ආකාරයට රාජපක්ෂ පුරවැසිභාවය සම්බන්ද පනත ප්‍රකාරව ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර නොමැති අතර මෙම නව ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කර ඇත්තේ දේශසීමා පාලන වාර්තා වල සඳහන් නොවන නව හැදුනම්පත් අංකයක් යටතේය. 

පාස්පෝට් අර්බුදයට නව මුහුණුවරක් !

මෙම කාරණය පිළිබඳව සොයා බැලීමේදී ‘ද ලීඩර්’ වෙත වාර්තා වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ගුවන්ගමන් බලපත්‍රය සදහා වූ ඉල්ලුම් පත්‍රය 2019 මැයි 7 වන  දින පෙරවරු 3.00 පසු (ඉල්ලුම් පත් අවසාන වශයෙන් භාර ගනු ලබන්නේ මෙම වෙලාවට පෙරයි) භාර ගෙන හදිසි පදනම යටතේ නිකුත් කර ඇති බවයි. 

ගෝඨාභය එදින පෞද්ගලිකව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණ නොමැති අතර ඔහුගේ ඇඟිලි සලකුණුද ලබා ගෙන නැත. එහෙත් නව හැදුනම්පත් අංකයක් යටතේ සුළු වෙලාවකින් ඔහුට නව ගමන් බලපත්‍රයක් ලබා දීමට දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇත. 

මෙම නව හැදුනම්පත් අංකය ඔහුගේ පෙර හැඳුනුම්පත් අංකයට හෝ දේශ සීමා පාලන වාර්තා වලට සම්බන්ද අංකයක් නොවනබව හෙළි වී ඇත. 


Gota 2018.08.06ඔහු නව ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබෙන්නේ ද්විත්ව පුරවැසි මුද්‍රාව නොමැතිව බවද වාර්ථාවේ. ගෝඨාභය  පවසන ආකාරයට මෙම නව ගමන් බලපත්‍රය ඔහු තවදුරටත් ද්විත්ව පුරවැසියෙකු නොවන බවට සාක්ෂියක්වේ.

ආගමන නිලධාරීන් පවසන ආකාරයට ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින් පුරවැසිභාවය පිලිබඳ පනත අනුව විදිමත් අයදුම්පතක් මාර්ගයෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලැබීමට ඉල්ලීමක් සිදු කර යුතුය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මෙවැනි ඉල්ලීමක් සාමාන්‍ය ක්‍රියාවලිය අනුව සිදු කර නැති අතර එනමුත් ඔහු ද්විත්ව පුරවැසි මුද්‍රාව නොමැති ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇත. 

තවද නව ජාතික හැදුනුම්පත් අංකයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු ද්විතව පුරවැසියෙකු බව නව ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ දී ආගමන පරිගණක පද්ධතියට හසු වී නැත.

ඇමතිගේ බලතල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කල පරිදි, ද්විත්ව පුරවැසිභාවය යනු ශ්‍රී ලංකා පුරවැසියෙකුගේ සියලු අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසමින් හිටපු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති ‘තත්වයක්’ බවයි. 

එබැවින් ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම බොහෝ විට දේශපාලන තීරණයකි. ජාතික පුරවැසිභාවය තීරණය කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය අනුමත කිරීම, ප්‍රතික්ෂේප කිරීම හෝ අවලංගු කිරීම සඳහා සීමා රහිත බලයක් අමාත්‍යවරයා සතුය. 

පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව, ඇමතිවරයාට ද්විත්ව පුරවැසිභාවය ලබා දිය හැක්කේ ඔහු එසේ ලබා දීමෙන් “එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ යහපතට හේතු වනු ඇත” බවට “සෑහීමකට පත්වේ නම්” පමණි. 

19 (7) වගන්තියේ සඳහන් වන්නේ ද්විත්ව පුරවැසියෙකු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස ඔහු දිගටම සිටීම ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් නොවනු ඇත” යැයි සිතිය හැකි ලෙස කටයුතු කර ඇත්නම් “ඇමතිවරයාට ඕනෑම වේලාවක ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රකාශයක් අවලංගු කළ හැකි” බවයි. 

කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසියෙකු සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීමට කැමති නම් සහ ද්විත්ව පුරවැසි තත්වය අවලංගු කර නොමැති නම්, ඔවුන් නැවත පූර්ණ ශ්‍රී ලාංකික පුරවැසියන් බව ප්‍රකාශ කිරීම සඳහා Gota 2005පුරවැසි පනත යටතේ ඉල්ලුම් කළ යුතුය. නැවත වරක් මෙම තීරණය පුරවැසිභාවය පිළිබඳ අමාත්‍යවරයාට පැවරේ.


ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ ගොනු කළ දිවුරුම් ප්‍රකාශයකට අනුව, ඔහු 2005 දී සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 2005 දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු මිස ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීය. 

එපමණක් නොව, තම සහෝදරයා ,එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහු සංචාරක වීසා බලපත්‍රයක් ලබාගෙන ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ආගමන වාර්තා සඳහන් කරයි. 

ඔහු ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර තිබුණේ ඔහුගේ සහෝදරයා ජනාධිපති ලෙස වැඩ භාරගෙන දිනකිහිපයකට පසුවය.

පුදුම සහගත කරුණක් !

මේ අතර ආගමන හා ආගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලිපිගොනුවේ ලේඛන අස්ථානගතව ඇති බවයි. දැනට පවතින එකම ලේඛනය වන්නේ ඔහු 2005 නොවැම්බර් 18 වන දින ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කළ ඉල්ලුම් පත්‍රයයි.

කෙසේ වෙතත්, ඔහුගේ අයදුම්පත 2005 නොවැම්බර් 21 වන සඳුදා ඇමතිවරයා විසින් අනුමත කරන ලද බව වාර්තා පෙන්වා දෙයි. ඒ වන විට කිසිදු ඇමතිවරයෙකු පත් කර නොතිබුණද, ‘ඇමති’ විසින් අනුමැතිය ලබා දී තිබීම පුදුම සහගත කරුණකි.

තවද මාස කිහිපයක් පුරා අයදුම්පත් විශාල ප්‍රමාණයක් තිබුණද එහිදී රාජපක්ෂගේ අයදුම්පතට ප්‍රමුඛතාවය ලබා දී ඇත. 

ආගමන හා ආගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය සඳහන් කරන ආකාරයට 2005 නොවැම්බරයේ ඔහුට ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇති අතර ඊට අදාළ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇත්තේ 2014 ජනවාරි 13 වන දින බවයි.

මුල් ලියකියවිලි නිරීක්ෂණය කිරීම සඳහා විමසීම් කළ විට, දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවෙහි අයදුම්පතේ පිටපත්, ගෙවීම් ලැබීම් හෝ ද්විත්ව පුරවැසි සහතිකය ගෝඨාභයරාජපක්ෂට ලබා දී නොමැති බව අනාවරණය වී තිබේ. 

නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී ද්විත්ව පුරවැසියන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ද්විත්ව පුරවැසි සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, නව විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කළ බවට කිසිදු සටහනක් නොමැත.

'වහාම පරීක්‍ෂණයක් කරන්න ඕනෙ'

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය මෙසේ සඳහන් කරයි.

''ගෝටාගෙ පාස්පෝර්ට් ගැනිල්ල ගැන වහාම ආණ්ඩුව පරීක්‍ෂණයක් කරන්න ඕනෙ''

Uvindu FB06.08.2019

(ඩේලි එෆ් ටී පුවත් පතෙහි අගෝස්තු 05දා පළ වූ ලිපියක් මූලාශ්‍රයෙනි )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්