මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමාවන් නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටි

බැවින් ඉදිරියේදී යළිත් එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව උත්සව කළමනාකරණ සංගමය පෙන්වා දෙනවා.

 

කොළඹ නගරය සඳහා පනවා තිබූ COVID-19 සීමාවන් රැසක් මේ වනවිට ලිහිල් කිරීම නිසා යළිත් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් පසුගියදා ප්‍රකාශයට පත්කරමින් එම සංගමය මේ බව ප්‍රකාශ කර තිබුණි.



උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම දෙනා ලබාදී ඇති මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව යි උත්සව කළමනාකරණ සංගමය (Event Management Association - EMA) අවධාරණය කරන්නේ.

 

EMA 2

රොෂාන් විජයරත්න



“අපගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීම පිළිබඳව රජයට අපගේ ස්තූතිය හිමිවනවා. ඉතාමත් දුෂ්කර මාස කිහිපයකට පසුව දැන් අපගේ සාමාජිකයන්ට යළිත් තම ජීවනෝපායන්හි නියැළීමට අවස්ථාව ලැබේවි. කෙසේ නමුත් COVID-19 සම්බන්ධ ආරක්ෂක විධිවිධාන අප දැඩිව අනුගමනය කළ යුතුයි. මීට පෙර උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබුණු විට, ඇතැම් අය මෙම ආරක්ෂක විධිවිධාන මුළුමනින්ම නොතකා හරිමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් වුණා. යළිත්එ වැනි තත්ත්වක් උදාවී COVID-19 රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත්, නැවතත් උත්සව තහනම් වී මුළු කර්මාන්තයම කඩාවැටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ යළිත් එවැනි තත්ත්වක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි. ඒ වෙනුවෙන් මෙම විධිවිධාන සියල්ල වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනාගෙන් අප දැඩිව ඉල්ලා සිටිනවා.” උත්සව කළමනාකරණ සංගමයේ සභාපති රොෂාන් විජයරත්න පැවසී ය.

 

EMA 1

“බොහෝ උත්සව කළමනාකරණ සමාගම් තම යටිතල පහසුකම්, උපකරණ හා පුහුණු කටයුතු ආදිය සඳහා රු. මිලියන 10 පමණ සිට රු. මිලියන 800 ක් පමණ දක්වා සුවිශාල ආයෝජනයන් සිදුකර තිබෙනවා. ඔවුන් දැන් සිටින්නේ සේවක වැටුප් ගෙවීමට හෝ මූල්‍යමය වගකීම් පියවීමට පවා නොහැකි තත්ත්වයකයි. නිසි අත්වැලක් නොමැති වුවහොත් මේ සමාගම් බංකොලොත් වේවි. එසේ වුවහොත් ක්ෂේත්‍රයේ සෘජු රැකියා වල නියුතු 130,000 කට අධික පිරිසකට සහ වක්‍ර රැකියා වල නියුතු 600,000 කට අධික පිරිසකට මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයටත් විශාල බලපෑමක් ඇතිවෙනවා.” උත්සව කළමනාකරණ සංගමයේ උප සභාපති සජිත් කොඩිකාර පෙන්වා දුන්නේ ය.

EMA 3

නිශාන් වාසලතන්ත්‍රී

 

“මෙහිදී ශ්‍රී ලංකාව උත්සව පැවැත්වීම සඳහා සුදුසු ආරක්‍ෂිත රටක් ලෙස පිළිගැනීමක් දිනාගැනීමේ හැකියාවත් සැලකිල්ලට ගත යුතුයි. විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ වසංගත තත්ත්වය පාලනය කරමින්, තිරසාර ලෙස ඉදිරියට යාමට ක්‍රමයක් සොයාගතහොත් අපට උත්සව සහ වෙනත් සංචාර කටයුතු සඳහා සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබාදීමට හැකියාව ලැබේවි.” උත්සව කළමනාකරණ සංගමයේ භාණ්ඩාගාරික නිශාන් වාසලතන්ත්‍රී පැවසී ය.



නිසි මාර්ගෝපදේශ වලට අනුකූල නොවන ආකාරයට පවත්වනු ලබන උත්සව සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා ‘සුරක්ෂිත උත්සව තානාපතිවරුන්’ පත්කළ යුතු බව ද අත්පොත එළිදක්වමින් උත්සව කළමනාකරණ සංගමය යෝජනා කර සිටියි.  


එමෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කරමින් රටේ ආර්ථිකය යළි පණගැන්වීම සඳහා රජය දරන උත්සාහයට ඔවුන් සිය පූර්ණ සහයෝගය පළකර සිටියි.

EMA 8

ජෙරී ජයසිංහ

 

“ජනතාවට COVID-19 එන්නත් ලබාදීම සඳහා රජය දරන උත්සාහය අප අගය කළ යුතුයි. එහිදී අපගේ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ටද ප්‍රමුඛත්වය ලබාදෙන මෙන් අප ඉල්ලා සිටිනවා. මෙම වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා අර්ථවත් ඉඩකඩක් නිර්මාණය කරගැනීමට නම් අප හැකි ඉක්මනින් අවම වශයෙන් ජනගහනයෙන් 60% කට වත් එන්නත් ලබාදිය යුතුයි.” උත්සව කළමනාකරණ සංගමයේ උපදේශක ජෙරී ජයසිංහ පැවසී ය.

උත්සව කළමනාකරණ සමාගම් මෙන්ම මංගල උත්සව සැලසුම්කරුවන්, උපකරණ කුලියට දෙන සමාගම් (නාද පද්ධති, ආලෝකකරණ පද්ධති, LED ආදිය), වේදිකා සහ පසුතල නිර්මාණකරුවන්, ගෘහභාණ්ඩ සහ යටිතල පහසුකම් කුලියට දෙන සමාගම්, ඩිජිටල් නිර්මාණ සමාගම්, උත්සව ශාලා, මල් සැපයුම්කරුවන්, සංගීතඥයන්, වඩු කාර්මිකයන්, උත්සව සහය සේවාවන් සපයන්නන්, විනෝදාස්වාද සේවාවන් සපයන්නන්, නර්තන කණ්ඩායම්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් නිර්මාණ ශිල්පීන්, පිරිසැකසුම්කරුවන්, කාර්මිකයන් සහ තවත් බොහෝ අංශ මෙම සංවිධානය නියෝජනය කරන අතර මෙම ක්ෂේත්‍රය සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයට රු. බිලියන 30 ක පමණ දායකත්වයක් ලබාදෙයි.

උත්සව කළමනාකරණ සංගමය විසින් ප්‍රකාශයට පත්කළ මෙම අත්පොත, 2021 ජූලි 19 දින සිට www.emalk.org වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිය හ.

 

 

 
THE LEADER TV 
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? 
 
තෙල් නැතුව බැසිල් ඇවිලෙයි ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්