leader s

 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට දුමින්ද සිල්වා පත්කර ඇතැයි වාර්තාවේ.
 
මෙම පත්වීමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී,  ජනාධිපතිවරයා විසින් එම පත්වීම අනුමතකර ඇති බව තහවුරු කළේය.
 
පත්වීමට අදාල දැනුම්දීම ජනාධිපතිවරයා ගේ  අත්සනින් යුතුව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත නිකුත්කර ඇතැයි ඔහු සඳහන් කළේය.
 
ඔහුට මෙම පත්වීම බාර ගන්න ලෙස ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. 
 
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය  අමාත්‍ය වරයා වන්නේ ඉන්දික අනුරුද්ධ  යි. විෂයබාර කැබිනට් අමාත්‍යවරයා අගමැති මහින්ද රාජපක්ෂයි.
 
දුමින්ද සිල්වා පසුගියදා අගමැතිවරයා ද හමුවී තිබිණ. 
 
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි සමයේදී ආරක්ෂාව සම්බන්ධ අධීක්ෂණ මන්ත්‍රී ලෙස  කටයුතු කළේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ය. 
 
මරණ දඬුවමට නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පසුගිය පොසොන් පොහොයදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබිය.  
 
සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වන පත්වීමට අදාල ලිපියේ පිටපත මෙන්න 
 
 
 
WhatsApp Image 2021 07 17 at 8.46.35 PM
 
 

THE LEADER TV
 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්