හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් රට ගොඩනඟන 'රැඩිකල් මාවත' යන පදනම මත ගොඩනඟන
''සැබෑ දේශප්‍රේමියෝ'' නම් සංවිධානයක් ඔස්සේ විමුක්ති කුමාරතුංග කරළියට ගෙන ඒමට නියමිත බව ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.
 
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ පුතා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට අවතීර්ණ වීමේ සූදානමක් පවතින බවත්, මෙම කටයුත්ත චන්ද්‍රිකා කුමාරතුංගේ සමීපතමයෙකු වන හිටපු අමාත්‍ය මංගල සමරවීර භාර ගෙන තිබෙන බවත් එමනිසා (emanisa)  වෙබ් අඩවිය වාර්තා කර  ඇත. 
 
dfdf555
 
එම වෙබ් අඩවිය එම පුවත පළකර ඇත්තේ, මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් මතවාදීමය දේශපාලන ව්‍යාපෘතියක් ජුලි 25 දා ඉරිදා එළිදැක්වීමට කටයුතු යොදා තිබියදීය.
 
රට ගොඩනැගීමේ අරමුණින් යුතුව 'සැබෑ දේශප්‍රේමියෝ' හරහා මංගල, රැඩිකල් මැද මාවතක් යෝජනා කර සිටියි.
 
අනාගතයේ රට බාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව මතවාදීමය වශයෙන් සන්නද්ධ කිරීම සඳහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත බව එහි සංවිධායකවරියක් පැවසුවාය.
 
මෙම දේශපාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වූ පළමු මාධ්‍ය හමුව ජුලි 25 ඉරිදා කොළඹ ටී.බී. ජායා මාවතේ පිහිටි  'ෆ්‍රීඩම් හබ්' හි දී පැවැත් වීමට නියමිතය. 
 
එම මාධ්‍ය හමුව True Patriot සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි 'ෆ්‍රීඩම් හබ්' ප්‍රධාන සම්බන්ධිකාරක කෙශාල් ජයසිංහ 'ද ලීඩර්' වෙත පැවසිය.
 
'සැබෑ දේශප්‍රේමියෝ' නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මිට මාස කිහිපයකට ඉහතදී සැලසුම් කර තිබුනද කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ එය දිනෙන්දින කල්දැමීමට සිදුවූ බව පැවසු කෙශාල් ජයසිංහ, ඉරිදා පැවැත්වෙන මාධ්‍ය හමුව නිරෝධායන නීති අකුරටම ක්‍රියාත්මක කරමින් මාධ්‍යවේදීන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වැඩි දුරටත් කියා සිටියේය.
 

 

 

 


 

THE LEADER TV 
 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය?
 
 
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්