හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ  මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ  මරණය සම්බන්ධයෙන්
 
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගන්නා බව නීතිපති අධිකරණයට දැනුම් දී තිබේ.
 
මන්ත්‍රීවරයාට අයත් බෞද්ධාලෝක මාවතේ පිහිටි  නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් නිවසේ ගෘහ මුලිකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගකිව යුතු බවයි නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නේ.
 
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජින්ද්‍ර ජයසුරිය හමුවේ නඩුව අද [26] කැඳවූ අවස්ථාවේදී පිටු නවයක පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් කියා සිටියේ අදාළ මරණය සිය දිවි තොර කරගැනීමක් ද , නැතහොත් මරා දැමීමක් ද යන්න ගැටළුවක් බැවින් ජ්‍යෙෂ්ඨ  අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටුවකින් නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් කළ යුතු බවයි.
 
ඒ අනුව හැටන් ඩයගම ප්‍රදේශයේ භූමිදානය කරනු ලැබූ ඉෂාලිනී දැරිවියගේ සිරුර යළි ගොඩ ගැනීමට අධිකරණයේ අවසරය ලැබිණි.
 
මෙතෙක් කරන ලද විමර්ෂණ වලදී අනාවරණය වී ඇති පරිදි  මෙම  දැරිවියට පහර දී ඇති බවත්, නිවසේ CCTV 8 ක් ක්‍රියාත්මක වුවද ඒ අවස්ථාවේදී  ඉන් එකක් ක්‍රියාත්මකවී නොමැති බවත් සිය වාර්තාව මගින් ඉදිරිපත් කරන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේ මෙම නිවසට මෙහෙකාර සේවය සඳහා ගැහැණු ළමයින් 11 දෙනෙක් වරින් වර රැගෙන විත් ඇති අතර ඉන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.
 
 
 
ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව ළමයා යන්න නිර්වචනය කෙරෙනුයේ අවුරුදු 18 ට අඩු අය යැයි විත්තියේ නීති තර්ක හමුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අවධාරණය කළේය.
 
 
බාලවයස්කාර මෙහෙකාර දැරිවියගේ මරණය ගැන සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇගේ පියා, සොහොයුරා සහ දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ තැරව්කරු අගෝස්තු 9 වැනිදා  තෙක් රඳවා තබා ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
 
 
 
මානව හිමිකම් කොමිසමට පැමිණිලි
 
 
ජුලි 26 සදුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු රාජමාණික්කම් රංජනී මාතාව මාධ්‍ය වෙත සදහන් කළේ තම දියණියට සිදුවු ආසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කළ බවයි.
 
තම දියණිය මෙහෙකාර සේවයේ යෙදී සිටි නිවසින් ඇයට හරියාකාරව ආහාර පාන ලබා දී නොමැති අතර විදුලි  ආලෝකය රහිත කාමරයක ඇය රදවා තබා ඇති බවටත් ඇය චෝදනා කළාය.
 
" මගේ දුව වැඩ කරපු ගෙදර මගේ දුවට ගොඩක් අපරාධ කරලා තියනවා. මොකද එයාලා මගේ දුවට කෑම දිලා නෑ.  මගේ දුව කළුවරේ බල්බ් නැතුව කළුවර කාමරේක. ඒ ළමයා කළුවරේ ඉන්න බයයි. "
 
ජූඩ් කුමාර් ඉශාලිනී දියණිය රැදී සිටියේ හිටපු  අමාත්‍යවරයකුගේ නිවසක බැවින් එහි ඇයට හොද ආරක්ෂාවක් ලැබෙතැයි විශ්වාස කළද එය බොරුවක් බවට පත් වු බව ඇය වැඩි දුරටත් සදහන් කළාය.
 
" මගේ ළමයත් මේ ලෝකේ නෑ. මං ගාවත් නෑ  ලොකෙනුත් නැතිව ගියා. ඒකට සාධාරණය ඉෂ්ඨ වෙන්න ඔන කියලා මං මෙතනින් පැමිණිල්ලක් කරන්න ආවේ.   "
 
දියණියගේ මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන්ද තමන්ට සැකයක් පවතින බව සදහන් කළ රාජමාණික්කම් රංජනී මාතාව ඉල්ලා සිටියේ නැවත මරණ පරීක්ෂණයක් සිදු කර සත්‍ය හෙළි කරන ලෙසයි.
 
ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමට අද  අධිකරණය නියෝග කර තිබේ.
 
 
 
හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක් වූ හැටන්, දියගම පදිංචි ජූඩ් කුමාර් ඉශාලිනී  පිලිස්සුම් තුවාල සහිතව 2021 ජූලි මස 3 දින,  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුනි.
 
 
 
15 දා දැඩි සත්කාර ඒකක අංක 2 හි 73 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ තුවාල හේතුවෙන් ඇය මිය ගියාය.
 
දිගුකාලයක් පුරා ඇය ලිංගිකව අපයෝජනයට ලක් වීම පිළිබඳ සැකය සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බව කොළඹින් පලකෙරෙන ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
 
 
 
 
THE LEADER TV 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 
 
අගමැති කෞෂිට දුන්න පත්වීමත් රිවස් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්