කොළඹ ජාතික රෝහලේ හෘද රෝග සැත්කම් සිදුකළ රෝගීන් සිටින වාට්ටු දෙකක් කායික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගැනීම හේතුවෙන් එම හෘද  රෝගීන් අවදානමකට ලක්ව සිටින බව වාර්තාවේ.
 එම රෝහලේ මීට පෙර විවෘත හදවත් සැත්කම් රෝගීන් සඳහා වෙන් කර තිබූ 25 සහ 26 වාට්ටු මේ වන විට කායික රෝගීන් සඳහා වෙන් කර ඇත. කායික රෝගීන් සඳහා වෙන් කර තිබූ වාට්ටුවලට කොරෝනා රෝගීන් ඇතුලත් කිරීම මීට හේතුවයි.
 
කොළඹ ජාතික රෝහලේ පාලන අධිකාරිය ගත් මෙම තීරණය හේතුවෙන් රෝගීන්ද දැඩි පීඩාවට පත්ව සිටිති.
 
කායික රෝගීන් එම වාට්ටුවලට ඇතුළත් කිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිදු කෙරුණු විවෘත හදවත් සැත්කම් ප්‍රමාණයද සීමාවී ඇති බව වාර්තා වේ.
 
ඒ අනුව මීට පෙර විවෘත හදවත් සැත්කම් 10 ක් පමණ සතියකදී සිදු කෙරුණු අතර පවතින තත්ත්වය හමුවේ එය දෙක තුනකට අඩු වී ඇත.  විවෘත හදවත් සැත්කම් සඳහා භාජනය කිරීමට නියමිතව සිටි රෝගීන් පිරිසක් ආපසු නිවෙස් වෙත යොමු කර ඇති බව වැඩි දුරටත් අනාවරණය වේ.
 
 (nethnews.lk)
 

 
THE LEADER TV 
 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි ! | The Leader TV
 
 
 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්