leader s

 හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු බාල වයස්කාර දියණියට ඇතුළු මෙහෙකාරකමේ යොදවනු ලබන දරුවන්ට යුක්තිය සලසා දීමේ ආණ්ඩුවේ වගකීම අවධාරණය කරමින්
යාපනයේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
 
යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ජුලි 27 අඟහරුවාදා උදෑසන පවත්වන ලද එම විරෝධතාවයට 
දෙමළ ජාතික ජනතා පෙරමුණ, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ග්‍රාමීය කම්කරු සංගමය, වෙනසක් සඳහා වූ දිස්ත්‍රික් තරුණ සභාව, පූන්තාලීර් දිස්ත්‍රික් කාන්තා සංවිධානය සහ වඩමරාච්චි නැගෙනහිර පුරවැසි සංවිධානයේ සාමාජිකයන් එක්ව සිටි බවයි පලාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම නැවැත්වීම සදහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවට උද්ඝෝෂකයන් අවධාරණය කර තිබේ.
 
ඔවුන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ යලි මෙවැනි අවාසනාවන්ත සිදු විම් ඇති නොවීමට වග බලා ගැනීම රජයේ වගකීම බවයි.
 
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද විරෝධතාවයට එක්ව සිටි අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.
 
 
 jaffna 02
 
 jaffna 04
 
 
බාලවයස්කාර මෙහෙකාර දැරිවියගේ මරණය ගැන සැකපිට අත්අඩංගුවට ගෙන සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇගේ පියා, සොහොයුරා සහ දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ තැරව්කරු අගෝස්තු 9 වැනිදා තෙක් රඳවා තබා ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ජුලි 16 සදුදා නියෝග කර තිබුනි.
 
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය ඉදිරියේ කියා තිබුනේ    මන්ත්‍රීවරයාට අයත් බෞද්ධාලෝක මාවතේ පිහිටි  නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් නිවසේ ගෘහ මුලිකයා ලෙස රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වගකිව යුතු බවයි.
 
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජින්ද්‍ර ජයසුරිය හමුවේ නඩුව ජුලි 26 සදුදා කැඳවූ අවස්ථාවේදී පිටු නවයක පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් කියා සිටියේ අදාළ මරණය සිය දිවි තොර කරගැනීමක් ද, නැතහොත් මරා දැමීමක් ද යන්න ගැටළුවක් බැවින් ජ්‍යෙෂ්ඨ  අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටුවකින් නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් කළ යුතුය යනුවෙනි.
 
ඒ අනුව හැටන් ඩයගම ප්‍රදේශයේ භූමදානය කරනු ලැබූ ජූඩ් කුමාර් ඉශාලිනී දැරිවියගේ සිරුර යළි ගොඩ ගැනීමට අධිකරණයේ අවසරය ලැබිණි.
 
හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක් වූ හැටන්, දියගම පදිංචි ජූඩ් කුමාර් ඉශාලිනී  පිලිස්සුම් තුවාල සහිතව 2021 ජූලි මස 3 දින,  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුනි.
 
15 දා දැඩි සත්කාර ඒකක අංක 2 හි 73 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ තුවාල හේතුවෙන් ඇය මිය ගියාය.
 
දිගුකාලයක් පුරා ඇය ලිංගිකව අපයෝජනයට ලක් වීම පිළිබඳ සැකය සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බව කොළඹින් පලකෙරෙන ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
 
 
 
 

 
THE LEADER TV 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්