මෙරටට පැමිණෙන ගුවන් යානා මගින් රැගෙන ආ හැකි ගුවන් මගීන් සංඛ්‍යාව සංශෝධනය කර ඇත.
ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගීන් අදාළ එන්නත් මාත්‍රා ලබා දින 14 ක් ගතවී තිබේනම් සීමා කිරීමකින් තොරව ඔවුන් රැගෙන ඒමට ගුවන් සමාගම්වලට අවසර දී තිබේ. එය අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව, එවැනි මගීන් ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණ කර මෙරටට රැගෙන ඒමට අවසර හිමිවනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ”ජෛව බුබුළ” සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරා ලෙස මෙරටට ගෙන ඒමට අවසර ලබාදී තිබේ.
එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන්ව ගුවන්යානයක එකවර ගෙන ආ හැකි වන්නේ 75 දෙනෙකු පමණි.
එවැනි මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14ක් නිරෝධායනයට යොමුකළ යුතු වේ.

THE LEADER TV
Mi-35M හෙලිකොප්ටර් ටෙන්ඩර් මගඩිය පිටුපසත් රාජපක්ෂ කෙනෙක්?
යසට හිටිය ගීතාට වෙච්ච දෙයක් !