උතුරේ දෙමළ තරුණයකු පැහැරගෙන ගොස් පහර දී වධහිංසා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට චෝදනා එල්ල වී තිබේ.
පහර කෑමට ලක් වු එස් විනෝදන් යාපනය පොලිස්ථානයට හා යාපනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සැරසුන කෝපායි පොලිසියේ නිලධාරීන් පස් දෙනකු කෝපායි ප්‍රදේශයේදී තමා වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී පාරට විසි කර දැමු බවයි.
 
පොලිස් නිලධාරීන් තරුණයාට පිස්තෝලයකින් පහර දුන් බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
ජුලි 29 බ්‍රහස්පතින්දා මෙම පැහැරගැනීම සහ පහරදීම සිදුව ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
 
 
චුදිත පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු
 
 
 
යාපනය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ චෝදනාවට ලක්ව සිටින කෝපායි පොලිස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකු ස්ථාන මාරු කර යවා ඇති බවයි.
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණ පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
 
 
 

 
 
THE LEADER TV 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 

 
දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්