ශ්‍රී ලංකාව තුළ ගෑස් මෙටල් සිලින්ඩර ලක්ෂ 115 ක් තිබෙන (ලාෆ් සහ ලිට්රෝ එකතුව) නමුත්, වත්මන් ගෑස් අර්බුදය හමුවේ එයින් ලාෆ්ස් සිලින්ඩර ලක්ෂ 29
කට මේවනවිට ගෑස් නොමැති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
 
හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 29 ක් බයිසිකල්, ත්‍රීවීල්, කාර්වල පටවාගෙන පාරිභෝගිකයෝ හන්දියක් හන්දියක් ගානේ යමින් සිටින බවත්, ගෑස් හිඟය දිනෙන් දිනම උත්සන්න වන අතරම ගෑස් අර්බුදය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වන බව ඔහු කියා සිටියි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි. 
 
එහි මෙසේ සඳහන් වේ.
 
1564887842 keerthi l 1 
රජිත් කීර්ති තෙන්නකෝන් 
 
 
ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙ.ටොන් 1600 කි.  ඒයින් මෙ.ටොන්  350 ක් බෙදාහරින්නේ ලාෆ්ස් සමාගමයි. සපුගස්කන්ද රජයේ තෙල් පිරිපහදුවෙන් ලැබෙන ගෑස් මෙ.ටොන්  25 පමණක් දැනට එම සමාගම නිකුත් කරයි.  
 
2015 – 2019 වකවානුවේ ලිට්රෝ සමාගම නව මෙටල් ගෑස් සිලින්ඩර ලක්ෂ 32 ක් ද, ලාෆ්ස් සමාගම නව මෙටල් සිලින්ඩර ලක්ෂ 8 ක් ද ලෙස ලක්ෂ 40 ක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත. 
 
2020 – 2021 සමයේ තවත් නව සිලින්ඩර මිලියන 1.2 ක් අලෙවි කර ඇත. 
 
  
ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් නොමැතිවීම, ආනයන මිල හා අලෙවි මිල අතර පරතරය හේතුවෙන් ලාෆ්ස් ආයතනය දැන් විකුණනු ලබන්නේ සපුගස්කන්දෙන් ලැබෙන ගෑස් පමණී. ලිට්රෝ සමාගම මේ වසරේ මුල් මාස 3 තුල රුපියල් බිලියන 3.8 ක් පාඩු ලැබීය.  මේ මාසයේ ලිට්රෝ පාඩුව රුපියල් බිලියන 1.6 ක් පමණ විය හැකිය.  2021 වසරේ ලිට්රෝ සමාගම රුපියල් බිලියන 16 ඉක්මවන පාඩුවක් ලබනු ඇත.
 
අන්ත දිළින්දන් ඇතුළු මෙරට මිලියන 22 ක ජනතාවගේ බදු මුදලින් රටේ ජනගහනයෙන් සියයට 50කට රජය අඩු මිලට ගෑස් සපයයි. 
 
ශ්‍රී ලංකන් ආකාරයේ දැවැන්ත පාඩු ලබන රාජ්‍ය අයතනයක් ඒමගින් බිහිවෙමින් ඇත. එහි ප්‍රතිඑලය ලෙස රටේ ආර්ථික හා බැංකු පද්ධතිය මුළුමනින්ම කඩා වැටීය හැකිය. 
 
ලක්ෂ 29 ක් වන පාරිභෝගිකයින්ට ගෑස් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය වහා ඇරඹිය යුතුව ඇත.
  

 
THE LEADER TV 
 

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්!

 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්