ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය සහ මර්දනය කිරිම සදහා සියළුම සහයෝගය ලබාදීමට චීන රජය ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන
බව ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී චෙන්හුන්ග් පවසයි. 
 
ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ප්‍රදානයන් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියි.
 
චීන රජය වෙනුවෙන් ඔහු එබව සහතිකකර සිටියේ, අද දින (09) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග චීන තානාපති කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දීය. 
 
WhatsApp Image 2021 08 09 at 10.50.50 
 
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහ ශක්තිමත් කිරිමට සියයට 80 ක් පමණ ආවරණය වන පරිදි එන්නනත් මාත්‍රා මෙරටට ලබාදීම රජයට මහත් අස්වැසිල්ලක් වූ බවත්, ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙමින් කොවිඩි ආසාදිත රෝගී ජනතාවගේ ජිවිත බේරා ගැනීමටත්, වෛරසය පාලනය හා මැඩපැවැත්වීමටත් ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට චීන රජයේ සහාය ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙහිදී සඳහන් කළාය.
 
එමෙන්ම දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින අන්තර්ජාතික සබඳතා තව තවත් ශක්තිමත් කරමින් මෙරට කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයේ සිටම චීන රජය සහ ජනතාව මෙරට කොවිඩ් වෛරසය පාලනය හා මර්දන කටයුතු සදහා සහාය දැක් වූ බවත්, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස චීන රජයට හා ජනතාවට සිය කෘතඥතාවය පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවැසීය.  
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් , ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
 
 
 
 
THE LEADER TV 
 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්