මෙරටට හදිසියේම ගිලන් රථ ගුවන් යානයකින් පැමිණීම සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාරයේ පුවත් වාර්තා පලවී ඇත. 
 
 
ඉන් පුවතකින් කියවුනේ මේවනවිට කෝවිඩ් ආසදනයවී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය මංගල සමරවීර ප්‍රතිකාර සඳහා විදෙස් රටකට රැගෙන යාමට එම ගිලන් ගුවන් යානය කටුනායකට පැමිණ ඇති බවයි.
 
තවත් පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ හදිසියේ රෝගාතුර වූ මෙරට දේශපාලන ප්‍රභූවරයකු සිංගප්පුරුව වෙත රැගෙනයාම සඳහා එම ගුවන්යානය පැමිණ ඇති බවකි. එවැනි වෙබ් අඩවියක් ව්‍යංගාර්ථයෙන් පවසන්නේ එසේ සිංගප්පුරුවට රැගෙනගොස් ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ බවයි.
 
කෙසේවුවද 'ද ලීඩර්' මේ සම්බන්ධයෙන් කල සොයාබැලීමක දී ගුවන්තොටුපල ආරංචිමාර්ග වලින් වාර්තාවූයේ, රෝගියකු රැගෙන ඊයේ (14) දිනයේ ජර්මනියේ සිට මස්කට් හරහා කටුනායකට පැමිණි එම ගුවන් යානය අද යලි ජර්මනිය බලා පිටත්ව ගොස් ඇතිබවයි.
 
එම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියා වෙනත් ගිලන් රථ ගුවන් යානයකින් සිංගප්පුරුව බල පිටව ගොස් ඇත. 
 
VH PFS3
VH PFS4
VH PFS5VH PFS6
VH PFS2
VH PFS1
 
 

THE LEADER TV 
 
 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්