විරුද්ධ මතධාරීන් හඹා යාම වේගවත් කර ඇති පොලිසිය ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වාමාංශික නායකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
නව සමසමාජ පක්ෂයේ (NSSP) ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ට අද (අගෝස්තු 16 සදුදා) උදේ 10 ට කොම්පඤ්ඤවීදිය පොලීසියේ CID අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
 
මුස්ලිම් ජාතිකයන්ට පක්ෂ සාමාජිකත්වය ලබා දෙන්නේ ඇයිදැයි මීට ඉහතදී පොලීසිය පක්ෂයේ ලේකම්ගෙන් ප්‍රශ්න කර ඇති බව නව සම සමාජ පක්ෂය නිවේදනය කර තිබේ.
 
තම නායකයාගෙන් මෙයාකාර ප්‍රශ්න කිරීම සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වාමාංශික නායකයන් රාජපක්ෂ පාලනය විසින් දඩයම් කරනු ලැබීමක් බව එම පක්ෂය චෝදනා කරයි.
 
"ගෝඨාගේ පැසිස්ට් තන්ත්‍රය මේ ජාතිවාදී දඩයම කරන්නේ සුලු ජාතීන් මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වාමාංශික ප්‍රගතිශීලී නායකයන් දඩයම් කිරීමට බව පැහැදිලියි."
 
සියලු ප්‍රජාතන්ත්‍රකාමී බලවේග එක්සත්ව මේ දුෂ්ඨ, ඒකාධිපති හමුදා-පොලිස් පාලනය පෙරලා දැමීමෙන් තොරව පීඩිත ජනතාවට ගැලවීමක් නොමැති බව එම පක්ෂය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
 
 
 
THE LEADER TV 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්