මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන
ලද අන්තර් පළාත් සංචරණ සීමා අනුව එක් නිවසකින් පිටව යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි.
 
රැකියා අවශ්‍යතා සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා පමණක් නිවසින් බැහැර යා හැක.
 
අගෝස්තු 16 සිට 31 දක්වා ක්‍රියාත්මක සෙසු සංචරණ සීමා පහත දැක්වේ.
 
# පොදු ප්‍රවාහන සේවා: පළාත් සීමාවලට අනුගත වෙමින් අත්‍යවශ්‍ය සේවා සඳහා බස් රථ සහ දුම්රිය අසුන් සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.
 
# පුද්ගලික කුලී රථ සේවා: පළාත් සීමා තුළ කාර් සහ ත්‍රීරෝද රථවල අසුන් සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා හැක. සෙසු රථවාහන ද අසුන් සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතුය.
 
# වෙනත් සේවා: විදුලි, ජල, දුරකතන සේවා/ඉන්ධන පිරවුම්හල්, ගෑස් පිරවුම්හල්/ තැපැල් සහ කූරියර් සේවා: අවම කාර්ය මණ්ඩලයක් යොදා ගෙන සියලුම අත්‍යවශ්‍ය සේවා සැපයිය යුතුය.
 
# රජයේ කාර්යාල: අන්තර් පළාත් සීමා යටතේ කාර්ය මණ්ඩලය අවම විය යුතුය. ආයතන ප්‍රධානියාගේ තීන්දුව අනුව ඔහු/ඇය වෙනත් පළාතක සිට රැකියාවට කැඳවිය හැක.
 
# පුද්ගලික අංශයේ ආයතන: අන්තර් පළාත් සීමා යටතේ කාර්ය මණ්ඩලය අවම විය යුතුය. ආයතන ප්‍රධානියාගේ තීන්දුව අනුව ඔහු/ඇය වෙනත් පළාතක සිට රැකියාවට කැඳවිය හැක.
 
# ආර්ථික මධ්‍යස්ථාන: දැඩි සෞඛ්‍ය නීති යටතේ තොග වෙළඳාම් සඳහා පමණක් විවෘත වේ.
 
# රැස්වීම්/ සමුළු/ දේශන/ ප්‍රචාරක වැඩමුළු: අනුමැතිය හිමි නොවේ.
 
 

'මේ රෝගය හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ' - හෙදියකගෙන් ඉල්ලීමක්

 
# කර්මාන්ත (ඇඟලුම්, කෘෂි, ධීවර සහ වෙනත්): දැඩි සෞඛ්‍ය නීති යටතේ පවත්වාගෙන යාමට අනුමැතිය හිමි වේ.
 
# සුපිරි වෙළඳසැල් (සුපර් මාකට්): සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වෙනත් දිනයන්හි ඇතුළත් කර ගත හැකි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් 25% කට පමණක් නිශ්චිත වෙලාවන්හි විවෘත වේ. එක් පුද්ගලයෙකුට වර්ග මීටර 1.5 ක ඉඩක් වෙන් විය යුතුය. ඇතුළත සිටිය හැකි උපරිම සංඛ්‍යාව පිටත ප්‍රදර්ශනය කළ යුතුය.
 
# වෙළඳ සංකීර්ණ (ෂොපින් මෝල්): අගෝස්තු 18 සිට වසා තැබෙයි.
 
# මූල්‍ය ආයතන (බැංකු, ෆිනෑන්ස් ආයතන, උකස් මධ්‍යස්ථාන සහ වෙනත්): සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වෙනත් දිනයන්හි ඇතුළත් කර ගත හැකි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් 10% කට පමණක් නිශ්චිත වෙලාවන්හි විවෘත වේ. ඇතුළත සිටිය හැකි උපරිම සංඛ්‍යාව පිටත ප්‍රදර්ශනය කළ යුතුය.
 
# රෙදි අලෙවිසල්: දැඩි සෞඛ්‍ය නීති යටතේ විවෘත වේ.
 
# කෘෂි නිෂ්පාදන: දැඩි සෞඛ්‍ය උපදෙස් යටතේ සාමාන්‍ය පරිදි විවෘත වේ.
 
# සිල්ලර වෙළඳසැල්/ග්‍රොසරි: නිශ්චිත වෙලාවක උපරිම 10 දෙනෙකුට ඇතුළු විය හැක. ඇතුළත සිටිය හැකි උපරිම සංඛ්‍යාව පිටත ප්‍රදර්ශනය කළ යුතුය.
 
# විවෘත වෙළඳසැල් සහ පොළ: ප්‍රාදේශීය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෙනත් දිනයන්හි ඇතුළත් කර ගත හැකි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් 25% කට පමණක් නිශ්චිත වෙලාවන්හි විවෘත වේ.
 

ශ්‍රී ලංකාවේ කොවිඩ්: ඔක්සිජන් මට්ටම අඩුවෙන බව නිවසේදීම හඳුනා ගන්නේ කෙසේද ?

 
# බේකරි, කොණ්ඩා සහ රුපලාවන්‍ය සේවා, ඉලෙක්ට්‍රෝනික උපාංග සහ හාර්ඩ්වෙයාර් වෙළඳසැල්, ලෝන්ඩරි, ගෘහ භාණ්ඩ, දුරකතන පහසුකම්/ ෆොටෝ කොපි සේවා සැපයෙන ස්ථාන (කමියුනිකේෂන්): සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වෙනත් දිනයන්හි ඇතුළත් කර ගත හැකි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් 25% කට පමණක් නිශ්චිත වෙලාවන්හි විවෘත වේ. ඇතුළත සිටිය හැකි උපරිම සංඛ්‍යාව පිටත ප්‍රදර්ශනය කළ යුතුය.
 
# ටේලර් සාප්පු: දැඩි සෞඛ්‍ය උපදෙස් යටතේ පවත්වාගෙන යා හැක.
 
# දුරකථන අලෙවිසැල්: ප්‍රාදේශීය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පවත්වාගෙන යා හැක.
 
# අධිකරණ ශාලා: වෙනත් දිනයන්හි ඇතුළත් කර ගත හැකි පිරිසෙන් (කාර්ය මණ්ඩලය හැර) 25% ඉක්මවා ඇතුළත් කර ගත නොහැක. අදාළ විනිසුරුවරයාගේ විශේෂ අනුමැතිය යටතේ එම කටයුතු සිදුවිය යුතුය. අධිකරණ සේවා කොමිසම ඊට අදාළ විශේෂ උපදෙස් ලබා දෙනු ඇත.
 
# බන්ධනාගාර: අමුත්තන් සඳහා විවෘත නොවේ.
 
# සෞඛ්‍ය ක්ෂේත්‍රය: සෞඛ්‍ය උපදෙස් අනුව අවශ්‍ය කාර්ය මණ්ඩලය සහිතව, සේවා අවශ්‍යතා අනුව ක්‍රියාත්මක විය යුතුය.
 
# දිවා සුරැකුම් මධ්‍යස්ථාන: සති දෙකක කාලයක් වසා තැබේ.
 
# පෙර පාසල්: නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.
 
# පාසල්: නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.
 
# විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන: නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.
 
# අතිරේක පන්ති (ටියුෂන්): නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.
 

කොවිඩ්-19: ශ්‍රී ලංකාවේ සතියක් තුළ රෝගීන් 34%කින් සහ මරණ 60%කින් ඉහළට
 
 
# විවාහ මංගල උත්සව: අගෝස්තු 17 වෙනිදා සිට අනුමැතිය හිමි නොවේ.
 
 
# අවමංගල්‍ය උත්සව (කොවිඩ් නොවන): රෝහලකින්/ හදිසි මරණ පරීක්ෂණයකින් පසු මෘත දේහය භාර දී පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතුය. සෞඛ්‍ය උපදෙස් පරිදි නිශ්චිත වේලාවක සහභාගි විය හැක්කේ උපරිම 25 දෙනෙකුට පමණි.
 
 
# ප්‍රිය සම්භාෂණ (විවෘත/ගෘහස්ත හෝ නිවෙස් තුළ): අනුමැතිය හිමි නොවේ.
 
 
# ආගමික ස්ථාන: ඒකරාශී වීම්වලට අනුමැතිය හිමි නොවේ. කුඩා කණ්ඩායම් වුවත් පන්සල්, කෝවිල්, දේවස්ථාන සහ පල්ලි රැස්වීම් සඳහා යොදා නොගත යුතුය.
 
 
# බෝඩින් නිවාස: සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය සඳහා විවෘත වේ. එසේ වුවත් අලුතෙන් පැමිණෙන පුද්ගලයන්ට නවාතැන් ලබා නොදිය යුතුය.
 
 
# කාය වර්ධන (ජිම්) සහ ගෘහස්ත ක්‍රීඩා ස්ථාන: අගෝස්තු 18 සිට වසා තැබේ.
 
 
# ඇවිදීම සඳහා ඇති මංතීරු: තනිව භාවිත කළ හැකි අතර ජන රාශි සිදු නොවිය යුතුය.
 
 
# ළමා උද්‍යාන: අගෝස්තු 18 සිට වසා තැබේ.
 
 
# කානිවල්, සංගීත සංදර්ශන, බීච් පාටි: අගෝස්තු 18 සිට වසා තැබේ.
 
 
# නාන තටාක: අගෝස්තු 18 සිට වසා තැබේ.
 
 
# වෙරළ (බීච්): ඒකරාශි සඳහා අනුමැතිය හිමි නොවේ.
 
 
# අවන්හල් තුළ ආහාර ගැනීම: දැඩි සෞඛ්‍ය උපදෙස් යටතේ සාමාන්‍ය දිනවල පවතින අසුන් සංඛ්‍යාවෙන් 50% පමණක් යොදා ගත යුතුය.
 
 
# අවන්හල් (Take away/ Delivery): දැඩි සෞඛ්‍ය උපදෙස් යටතේ ක්‍රියාත්මක වේ.
 
 
# සම්බාහන මධ්‍යස්ථාන: අගෝස්තු 18 සිට වසා තැබේ.
 
 
# හෝටල් සහ තානායම්: දැඩි සෞඛ්‍ය උපදෙස් යටතේ මුළු ධාරිතාවෙන් 25% කට පමණක් විවෘත වේ.
 
 
(BBC සිංහල සේවය)

 

 


 

 THE LEADER TV 
 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 
  

 

ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 

   

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්