(GETTY IMAGES )''මේ වෙලාවේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ මිනිස්සුන්ව ගෙවල් ඇතුළට දාලා නෙමෙයි, එළියට දාලා''

අගෝස්තු 20 දින රාත්‍රී 10 සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය 30 වෙනිදා (සඳුදා) අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ. රටේ පවත්නා වසංගත තත්වය පාලනය කිරීමට නම් එය තවදුරටත් දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට යෝජනා කරති.

ඒ සම්බන්ධ තීන්දුව අද (අගෝස්තු 27) ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමෙන් අනතුරුව ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

කෝවිඩ් 19 රෝගය පාලනය කිරීම සඳහා රට වසා තැබීමට රජය ක්‍රියා නොකරන්නේ නම් වෘත්තීය සමිති ඒ සඳහා මැදිහත් වී දින 14කට රට ලොක්ඩවුන් කරන බවට රජයට දැඩි බලපෑමක් එල්ලකර තිබු අවස්ථාවක මහා නා හිමිවරුන්ගෙන් ද රජයට ඉල්ලීම් ඉදිරිපත් විය. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දහයකින් ද ඉල්ලම් ඉදිරිපත් වූ අතර එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අතර ප්‍රසිද්ධියේ විවේචන එල්ල කර ගන්නා සිදුවීමක් බවට ද පත්ව විණි.

එම පසුබිම මත ප්‍රකාශයට පත් කෙරුණු නිරෝධායන ඇඳිරිනීතිය 'විද්‍යාත්මක ලොක් ඩවුන්එකක්' නොව 'සප්‍රයිස් ලොක්ඩවුන් එකක්' සහ 'අරියාදු ලොක්ඩවුන් එකක්' බවට වෘත්තීය සමිති රජයට චෝදනා කරති.

 

'සප්‍රයිස් ලොක් ඩවුන්එකක්'

 

වසංගත රෝග විද්‍යාව අනුව මෙවන් අවස්ථාවක කළ යුත්තේ වෛරසයේ හැසිරීම පාලනය කිරීමට නම් එම වෛරසය රැගෙන යන මිනිසුන්ගේ හැසිරීම පාලනය කිරීම බව වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

''මේ වෙලාවේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ මිනිස්සුන්ව ගෙවල් ඇතුළට දාලා නෙමෙයි, එළියට දාලා. අනිත් එක ලොක්ඩවුන් එක දෙන්නෙම සප්‍රයිස් කරලා. කුතුහලයෙන් පුරවලා පැය දෙක තුනක් ඇතුළත ලොක්ඩවුන් කරන කොට ආරම්භයේදීම අපි වෛරසයේ හැසිරීම බුස්ට් කරනවා. මේ ලොක්ඩවුන් එකේ අපි කියපු විද්‍යාත්මක සංකල්පයට අනුව කිසිම දෙයක් කරලා නෑ.'' යනුවෙන් රවී කුමුදේශ් කියා සිටියේය.

 

ඔහු පවසන ආකාරයට ලොක්ඩවුන් එකට පෙර සිදු කළ කෝවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය අගෝස්තු 25 වැනිදා වන විට 7000කින් පමණ අඩු වී තිබේ.

 

''දිනකට රුපියල් බිලියන 15ක පමණ පාඩුවක්''

 

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ සෞඛ්‍ය හා ආරක්ෂක සේවාවන්ට අමතරව කර්මාන්ත අංශයේ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවසර ලබා දී ඇත.

 

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන, ෆාමසි, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආදිය ද විවෘතව පවතී. එමෙන්ම එන්නත්කරණය වේගවත්ව සිදු කිරීමට පියවර ගෙන ඇත.

 

 120257615 02

''මෙවන් තත්ත්වයක් ඇතිවූ විට රටේ තිබෙන දළ දේශීය නිෂ්පාදනයට යම් බලපෑමක් ඇතිවෙනවා. මා සිතන ආකාරයට දිනකට රුපියල් බිලියන 15(කෝටි 1500) ක පමණ අඩුවීමක් සිදුවෙනවා.'' - රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

 

රට වැසීමෙන් රටේ ආර්ථිකයට කෙරෙන බලපෑම අවම කරගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බවත්, හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම කළ යුතු බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

''මෙවන් තත්ත්වයක් ඇතිවූ විට රටේ තිබෙන දළ දේශීය නිෂ්පාදනයට යම් බලපෑමක් ඇතිවෙනවා. මා සිතන ආකාරයට දිනකට රුපියල් බිලියන 15(කෝටි 1500) ක පමණ අඩුවීමක් සිදුවෙනවා. සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදනය බිලියන 41(කෝටි 4100) ක් පමණ තිබෙනවා. එයින් බිලියන 15ක් අඩුවුනාම විශාල පීඩාවක් අපේ සංඛ්‍යාවලට සිදුවෙනවා. ඒවායෙන් අනිසි විපාක රාශියක් ඇතිවෙනවා.'' යනුවෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

සංචාරකයින්ට සහ ආයෝජකයින්ට නිරෝධායන ඇඳිරි නීතිය බල නොපාන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කටයුතු කිරීමට අවසර ලබා දී ඇත.

 

''අරියාදු ලොක්ඩවුන්''

 

මීට පෙර රට අගුලු දැමූ අවස්ථාවල දී රජය අදායම් මාර්ග අහිමි වූ ජනතාවට රුපියල් 5000 බැගින් ලබා දෙන ලදී. එහෙත් මෙවර එම මුදල රුපියල් දෙදහස දක්වා අඩු කර රජයෙන් කිසිඳු දීමනාවක් නොලබන, අඩු අදායම්ලාභී ජීවනෝපාය අහිමි පවුල් සඳහා පමණක් ලබා දීමට ක්‍රියා කර ඇත. එමෙන්ම නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙන රු.10,000 සහන මල්ල අඩු ආදායම් ලාභීන්ට පමණක් ලබා දෙනු ලැබේ.

 

LMadhara 1රැකියාව කර ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම නිසා දෛනික වැටුප් ලබන විශාල පිරිසක් දැඩි ලෙස අසරණ වී සිටිති

 

''රටේ ජනතාව තුළ මතුවෙච්ච විරෝධය අනුව ආණ්ඩුව අරියාදුවට රට වහපු එක තමයි දැන් කරලා තියෙන්නේ. මේ නැති වෙන්නේ මිනිස් ජීවිත. ඒවා රුපියල් වලින් හිලවු කරන්න, ඩොලර් වලින් හිලවු කරන්න කවුද ආණ්ඩුවට බලයක් දීල තියෙන්නේ'' යනුවෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සුරියආරච්චි කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී විමසා සිටියේය.

 

 

''නිවැරදි තීරණ, නිවැරදි අවස්ථාවේදී ගැනීම වැදගත්''

 

කෝවිඩ් 19 රෝගය පාලනය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත නිවැරදි තීරණ, නිවැරදි අවස්ථාවේදී ගැනීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නීය.

''මේ රෝගය බෝවන්නේ කෙනෙක්ගෙන් කෙනෙක්ට කියන එක දන්නවා. වෛද්‍යවරු පමණක් නෙමෙයි, ප්‍රජාව සහ පරිපාලනය අවුරුදු දෙකක් තිස්සේ මේ රෝගය ගැන මනා වැටහීමක් තියෙන අය. රෝගය ඉතා උග්‍ර වෙච්ච අවස්ථාවක තමයි අපි තීරණය ගත්තේ. නිවැරදි තීරණ, නිවැරදි අවස්ථාවේදී ගැනීම වැදගත්.'' යනුවෙන් ඇය පැවසුවාය.

වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. මේ අතර බඩු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. රැකියාව කර ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම නිසා දෛනික වැටුප් ලබන විශාල පිරිසක් දැඩි ලෙස අසරණ වී සිටිති. එමෙන්ම රට වසා තැබීම නිසා ආර්ථිකයට සිදුව ඇති පාඩුව ද සුළුපටු නොවේ.

මේ සියලු තත්ත්ව සළකා බැලීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන කාර්ය සාධක බලකාය නිරෝධායන ඇඳිරි නීතිය අගෝස්තු 30 වෙනිදා (සඳුදා) ඉවත් කිරීමට හෝ තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

(බීබීසී සිංහල සංදේශය)

THE LEADER TV 
 
 
ලංකාවේ නොහිටපු ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !
 

 
 
මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්