මහානායක හිමිවරුන් පාපිෂ්ඨ සාහසික බලවේගයක්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කර සිටියි.
 
රට තබන ලෙසට ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසික යැයි සෞඛ්‍ය ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.
 
රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අද (28) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. 
 
 
 
KabralLankac 1
 
වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය. 
 
 
''තවදුරටත් රට වසා තැබීම රටට ඔරොත්තු දෙන්නේ නෑ, රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නෑ කියලා මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් පණිවුඩයකින් පවසා තිබෙනවා. 
 
අද රට වසා තැබීමට සිදුවුනේ ඇයි? මේ රට වහන තැනට පත්වුනේ වෙන රටක ප්‍රශ්ණයක් නිසාද? එහෙම නැතිනම් අවශ්‍ය වෙලාවට තීන්දු ගත්තේ නැති නිසාද? නැතිනම් අවශ්‍ය වෙලාවට එන්නත් ගහපු නැති නිසාද කියලා කියන්න. 
 
රට වහන්න කියලා හැමෝම කියද්දී, සෞඛ්‍ය අංශ කියද්දී රට වහන්නේ නැතිව සිටියා. 
 
අන්තිමේදී මහ නායක හාමුරුවෝ කිව්වම රට වැහුවා කියලා ආගමික වාසියක් ගන්න, අපි හාමුදුරුවෝ කියන එක නම් අහනවා කියලා පෙන්වන්න හැදුවා.
 
 
 
 කොරෝනා නිසා රට වහනවද නැද්ද කියන තීරණය ගන්න ඕන හාමුදුරුවෝ කියන නිසා නෙමෙයි, සෞඛ්‍ය අංශ කියන නිසා. සෞඛ්‍ය අංශ කියන දේ අහන්නේ නැතිව, මහනායක හාමුදුරුවෝ කිව්ව නිසා අපි රට වහනවා කියලා තමන්ගේ ලැජ්ජාව වහගන්න හැදුවා. මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන්න හැදුවා. 
 
 
 
Kehaliya 2021 1
 
දැන් රට වහන්න කියන අය පාපිෂ්ඨ සාහසික බලවේග කියලා අලුත් සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා. එතකොට, මහානායක හාමුදුරුවෝ පාපී හැගීම් තියෙන  අය කියලා හගවන්න හදනවා.
 
 රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මහ නායක හාමුරුවන් අදහස් දැක්වීම පාපී ක්‍රියාවක්ද කියලා අපි අහන්න කැමැතියි.
 
 
 
 
සියල්ලට වඩා වටින්නේ මිනිස් ජීවිත...
 
අද රට වහල තියෙන නිසා ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා මුදල් ඇමැතිවරයා කියනවා. මේ රට ඇරගෙන ඉදලා, රටේ ජනතාවගේ ජීවිත නැතිවුනාම, මිනිස්සු නැති සුසානභූමියක් කන්නද?
 
 මිනිස්සු ලෙඩ වුනාම, දරුවන්ට තාත්තලා අම්මලා අහිමි වුනාම, අම්මලා තාත්තලාට දරුවන් අහිමිවුනාම, ආර්ථිකයක් මොකටද? ඒ වගේ තත්වයක් ඇතුලේ ආර්ථිකය බම්බුගහන්නද?
 
අපිට සියල්ලට වඩා වටින්නේ මිනිස් ජීවිත. ඒ නිසා තමයි රට වහලා හරි මිනිස් ජීවිත ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලුවේ.
 
 ආර්ථිකය දෙවනුව කල්පනා කරමු. හැබැයි මේ රටේ ආර්ථිකය විනාශ කරලා දැම්මේ මේ ආණ්ඩුවම තමයි. 
 
තමන්ගේ ගජමිතුරන්ට සැලකීමට අවශ්‍ය නිසා, තමන්ගේ ගජ මිතුරන්ට සැලකීමට අවශ්‍ය නිසා, තමයි ආර්ථිකය විනාශ කළේ.
 
 
 
Muttie
 
කොරෝනා වසංගතය හමුවේ පැණි පොවලා, මුට්ටි ගගට දාලා, එන්නත ගේන්න ඕන වෙලාවට ගෙනාවේ නැත්තේ මේ ආණ්ඩුවම තමයි. මේ ආණ්ඩුවේ තිබුණ උද්දච්චකම නිසා තමයි අද වන විට කොරෝනාවලින් අටදහසකට වඩා වැඩි පිරිසක් මිය ගොස් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට වඩා ආර්ථිකය වටිනවාද?
 
 
 
රටේ ආර්ථිකය වන්නේ මිනිස් ජීවිත ආරක්ෂාවුනොත් විතරයි. මිනිස් ජීවිතය රුපියල් ශතවලින්, මිලියනවලින් මනින්න බෑ.  
 
අපිට අවශ්‍ය මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක්. මේ ආණ්ඩවට, මේ පාලකයින්ට මිනිස් ජීවිතවල වටිනාකම තේරෙන්නේ නෑ. මිනිස් ජීවිතවට ලංසු තියන මේ ආණ්ඩුවට ජීවිත ගැන කිසිදු හැගීමක් නෑ. 
 
 
 
 

THE LEADER TV 
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරමක් : වෛද්‍ය සැපයුම් අංශයට චෝදනා ! 
 

 
මංගල අපි හැමෝගෙමයි ‍ | ක්‍රිෂාන්ත කුරේ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්