මුළු රටම අතිශය භයානක අයුරින් කොවිඩ් රැල්ලක ශීඝ්‍ර නැඟීමත් සමඟ කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය
රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා  'ටොසිලිසුමාබ්' නමැති  එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කරයි. 
 
එම එන්නත් ලබාදීම සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග එම තත්ත්වය උදාවී ඇත.
 
තම රටට ද හදිසි භාවිතය සදහා එම එන්නත් අවශ්‍ය විය හැකි බැවින් කිසිඳු එන්නතක් රටින් බැහැර කිරීම වැලැක්වීමට සිංගප්පූරු රජය තීරණය කර ඇත.
 
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලිසුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී යන්නේ එම එන්නතට රට තුල දැඩි ඉල්ලුමක් පවතින මොහොතකයි. 
 
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් ද තීරණය කළේ කඩිනමින් එම එන්නත් මෙරටට ගෙන්වීමටයි. 
 
ඒ අනුව ඊයේ දිනයේදී එන්නත් 100ක්, ලබන අගහරුවාදා තවත් එන්නත් 100ක් හා සැප්තැම්බර් මුල් සතියේදී තවත් එන්නත් 600 ක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබිණ.
 
  
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලිසුමාබ්” නමැති එන්නතට මෙරට තුල දැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමඟ එම එන්නතට කලුකඩ වෙලදපොලක් ද නිර්මාණය වී ඇති බව 'නෙත් නිවුස්' ඉකුත් දා පළමු වරට හෙලි කළේය. රුපියල් එක් ලක්ෂ 13,000ක් පමණ වන මෙම එක් එන්නතක් මෙරට කලුකඩ වෙළඳ පොළේ රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර මිලකට මේවනවිට අලෙවි වන බව එහිදි අනාවරණ කෙරින.
 
 
සෞඛ්‍ය බලධාරීන්ට පවා සොයා ගැනීමට නොමැති මෙම එන්නත් මෙරට කලු කඩ වෙළඳ පොළේ ඇත්තේ කෙසේදැයි 'නෙත් නිවුස්' කළ  සොයාබැලීමක දී හෙළිව ඇත්තේ, මෙරට ඇතැම් පාර්ශව ඉන්දියාවේ සිටින හිතවතුන් හරහා ගුවන් යානා කපිතාන්වරු මාර්ගයෙන් එම එන්නත් මෙරටට හොර රහසේ ගෙන එන බවයි. 
 
එලෙස රැගෙන ආ එන්නතක් ඉකුත් දිනවල මෙරට ප්‍රකට ව්‍යාපාරයක ඉහළ නිලධාරීයෙකුට ද ලබා දී ඇති බව 'නෙත් නිවුස්' වාර්තා කර තිබේ.
 
'නෙත් නිවුස්' කළ විමසීමකදී ඉහළ සෞඛ්‍ය බලධාරියෙකු පවසා තිබුනේ, මෙලෙස ගෙන එන එන්නත් මෙරට තුලදී නිසි නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවන බවයි.
 
'ටොසිලිසුමාබ්' එන්නත මෙරටට ගෙනෙන නිල නියෝජිතයා වන්නේ බවර් සමාගමයි.
 
මෙම එන්නත් හිඟය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළේය.
 
මුළු රටම අතිශය භයානක අයුරින් කොවිඩ් රැල්ලක ශීඝ්‍ර නැඟීමත් සමඟ කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා 'ටොසිලිසුමාබ්' නමැති  එන්නත රජයේ රෝහල්වල හිඟ වීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇතැයි 'මව්බිම' පුවත්පත ද වාර්තා කර තිබිණ. 
 
 
 
 
සබැඳි පුවත් :
 
 

 
 
The Leader TV
 
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරම කාගේ වැඩක්ද?
 
 

ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද?

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්