තම සමාගම විසින් සීනි තොග සඟවා ගෙන තිබියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව

'ග්ලෝබල් පාර්ක්' සමාගම නිවේදනය කර සිටියි.

'ග්ලෝබල් පාර්ක්' සමාගම හිටපු අමාත්‍ය රවී කරුණානායක ගේ වැඩිමල් දියණිය වන ඔනෙලා සතු පෞද්ගලික ආයතනයකි.
 
එම සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ප්‍රියංක දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තම ආයතනය කිසිදු අයුරකින් අනවසර සීනි හෝ වෙනත් නීතියට පටහැනි භාණ්ඩ ගබඩා කිරීමක් නොකර ඇති බවයි. 
 
පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය අනවසර සීනි ගබඩා කිහිපයක් වැටළු අතර එම ගබඩා අයත් සමාගම් අතර පිරමීඩ් විල්මා සමාගම, ග්ලෝබල් ට්‍රේඩින් සමාගම, විල්සන් ට්‍රේඩින් සමාගම සඑ ආර්. ජි. ස්ටෝර්ස් යන සමාගම් වේ.
 
එම ලේඛනයේ රවී කරුණානායකගේ දියණියට අයත් 'ග්ලෝබල් පාර්ක්' සමාගමට නමින් සමාන වූ 'ග්ලෝබල් ට්‍රේඩින්' සමාගම ද වේ.
 
ඇතැම් සමාජ මාධ්‍ය වලින් රවී කරුණානායකගේ දියණියට අයත්  'ග්ලෝබල් පාර්ක්' සමාගමට එරෙහිව ප්‍රචාරයක් ගෙන යන්නේ එම වැරදි අවබෝධය නිසා බව එම සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රියංක දිසානායක පවසයි.
 
'ග්ලෝබල් පාර්ක්' සමාගම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළවේ.
 
 

 
THE LEADER TV 
 
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද? 
 
 
වැඩිහිටි ජනතාව කොරෝනා අනතුරට හෙළිම ගැන දත්ත හෙළිවේ
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්