ඔක්සි මීටරයක් සදහා රුපියල් 3,000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතුව විශේෂ ගැසට්

නිවේදනයක් නිකුත් කර ඇත. 

රුපියල් 2,000 සිට රුපියල් 8,000 අතර විවිධ මිල ගණන් යටතේ ඇතැම් ඖෂධ වෙළඳසැල්හි ඔක්සි මීටර් අළෙවි කෙරුණු අතර ඇතැම් වෙළඳසැල්හි ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් අලෙවි කරන බවටද මාධ්‍ය විසින් මීට පෙර අනාවරණ කර තිබිණ.
 
නිසි ලියාපදිංචියකින් තොරව අළෙවි කිරීමට සූදානම් කර තිබූ ඔක්සිමීටර් 5,200 ක් ඉකුත් දින කිහිපය තුළ ඇතැම් ප්‍රදේශවලින් සොයා ගැණුණේද එම අනාවරණවලින් පසුවය. 
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂඥ කමිටුව අනුමත කර ඇත්තේ සැපයුම්කරුවන් පස් දෙනෙකුගේ ඔක්සිමීටර් පමණි.
 
ඔවුන්ගේ වෙළද නාම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන ලෙසටද ඉකුත්දා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට උපදෙස් ලබාදී තිබිණ.
 
අධික මිල ගණන් යටතේ සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන්ද පසුගිය දා මාධ්‍ය ඔස්සේ කරුණු අනාවරණ කළ අතර පසුව ඒ සදහාද පාලන මිලක් පැනවිය.
 
ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය  උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත්  පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල පෙන්වා දෙයි.
 

 
 
THE LEADER TV 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 
බැසිල්ගේ ආර්ථික පුනරාගමනය එන්නේ : අපේ ඊළඟ ආත්මේ | මොණරවිලගේ ලියමන 1 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්