ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්ත ගුරුගේ මැණික් පෞද්ගලික සමාගමේ අධිපති ජනදාස ගුරුගේ අභාවප්‍රාප්ත වේ.
අද (06දා) කොළඹ පුද්ගලික රෝහලක දී ඔහු මියයන විට 86වන වියෙහි පසුවිය. 
 
ඔහු දු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි.
 
මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ සැලකේ. 
මැණික් ව්‍යාපාරයට අමතරව වැවිලි කර්මාන්තයට සහ හෝටල් කර්මාන්තයට ජනදාස ගුරුගේ විසින් මුදල් ආයෝජනය කර තිබිණ. 
 
මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ විසිනි.
 
ඔහු ප්‍රකට සමාජ සේවකයෙකි. විහාරාස්ථාන ගණනාවක්ද ගුරුගේ විසින් ගොඩ නගා තිබේ. 
 
අවසන් කටයුතු හෙට (07දා) සිදු කිරිමට නියමිතය.
 
 
THE LEADER TV 
 
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2 
 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්