බාල වයස්කාර සාමණේර හිමිනමකට අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින විහාරාධිපති හිමිනමක් තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත

බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

එරාවුර් සංචාරක අධිකරණය විසින් සැප්තැම්බර් 08 බදාදා නියෝග කර ඇත්තේ මඩකලපුව, එරාවුර් පොලිස් වසමේ පුන්නක්කුඩා විහාරාධිපති හිමියන් සැප්තැම්බර් 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
 
රටේ පවතින මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ විහාරාධිපති හිමියන් ශාරිරික ලෙස අධිකරණයට ඉදිරිපත් නොකළ නමුත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු විනිසුරුවරයා විසින් එම තීන්දුව ලබා දුන් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
විහාරාධිපති හිමියන් විසින් තමන් දිගු කලත් තිස්සේ අතවරයට ලක් කරන බවට එම විහාරස්ථානයේ අධ්‍යාපනය ලබන අවුරුදු 11 ක් වයසැති කුඩා හිමිනමක් අගොස්තු 25 වැනිදා දහවල් එරාවුර් පොලීසියට පැමිණිලි කර තිබුනි.
 
සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් එරාවුර් පොලිසිය විහාරාධිපති හිමියන් අගෝස්තු 26 වැනි  බ්‍රහස්පතින්දා මුල්වරට  අධිකරණයට ඉදිරිපත් කළේය.
 
 

THE LEADER TV 
 
සැප ගන්න රුසියාවට ගිය අයගෙන් අපුරු යෝජනාවක් ! 
 
 
අන්ධකාරයේ රිදී රේඛාව
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්