මෙහි පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම වනාහි 1992 වර්ගවාදීත්වය අත්හැරීමෙන් පසුව ලංකාවට පැමිණි දුර්වලම කණ්ඩායම බව කීම අතිශයෝක්තියක්
නොවේ.
 
කෙප්ලර් වෙසල්ස්, හාන්සි ක්‍රොන්යේ, ඇලන් ඩොනල්ඩ්, ජෝන්ටි රෝඩ්ස්, ජැක් කලිස්, ඩැරල් කලිනන්, ග්රැඉම්  ස්මිත්, ඩෙඅල් ස්ටේයින් වැනි ඇසූ පමණින් ගැස්සෙන නම් කිසිවක් එහි නොවිණි.
 
ඔවුන් සිටියේද ලංකාවට වඩා ඉදිරියෙන් නොවේ. තරගාවලි දෙකම 3-0 වශයෙන් ජය ගැනීමට සියලු අවස්ථා ලංකා පිලට තිබිණි. අවසාන ප්‍රතිපලය 2-1 සහ 3-0 වූයේ අපේම වරද නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.
 
දසුන් ශානක යටතේ තරුණ කණ්ඩායමක් පෙළ ගස්සවා ඉදිරි 20-20 ලෝක කුසලානය සඳහා මූලික වශයෙන් හොඳ කණ්ඩායමක් සාදා ගැනීම, 2023 එක් දින ලෝක කුසලානයේ ස්වයංක්‍රීය ශ්‍රේණි ගත වීම ඔස්සේ සුදුසු කම් ලැබීම තරගාවලි ඉලක්කය විය යුතුව තිබිණි.
 
එවැනි කිසිම ඉලක්කයක් නැති අයුරක් තරඟාවලිය පුරාම දිස්විණි. 2016 න් පසුව ගෙනගිය සුපුරුදු එදා වේල ප්‍රතිපත්තිය එලෙසම ක්‍රියාත්මක විය.
 
 
COLOMBO, SRI LANKA - SEPTEMBER 02: Sri Lankan batsman's Avishka Fernando (R) and Minod Bhanuka (L) take a single during the 1st ODI match between Sri Lanka and South Africa at R.Premadasa Stadium on September 02, 2021 in Colombo, Sri Lanka. (Photo by Isuru Sameera Peiris/Gallo Images/Getty Images) 
 
අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක ආරම්භක පිතිකරු යුගලට තහවූරු වීමට අවස්ථාව නොදී දිනේෂ් චන්දිමාල් තුන්වැනි තරගයට ඔබන ලද්දේ කුමකටද?  
 
චරිත් අකලංකට පිතිකරු ලැයිස්තුවේ අංක 4 ස්ථිර වන ලෙස වගකීම පවරන්නට තිබිණි. අංක 5 ඔහුගේ දක්ෂතාවන්ට මදි කමකි. 
 
ප්‍රධාන පිතිකරු ලෙස සැලකුනු ධනංජය ද සිල්වා බෙහෙවින් කණගාටුදායක තත්වයකට පත්වූයේ එකදු අර්ධ ශතකයක් හෝ නොලබාය.
 
 20-20 ඉනිම් තුනේම එකතුව ලකුණු 6 කි. හේතුව එදා වේලට එහෙ මෙහෙ එබීම නිසාය. නිසි ලෙස කළමනාකරණයක් සිදු කළේ නම් අද ධනංජය ලෝකයේ ප්‍රබලම අංක 3 පිතිකරු වෙනු නොඅනුමානය.
 
 
සාමාන්‍ය බාසාවෙන් කියන්නේ නම් 20-20 නිල් වෙන්නම කෑවේ පරිපාලන ඔලමොට්ටල කම නිසාවෙනි. කළ යුතුව තිබුනේ පිතිකරු දක්ෂතා පෙන්වීම සඳහා ඔවුන්ට යෝග්‍ය තණ තිළි යොදාගෙන වැඩි ලකුණු ඔස්සේ ඔවුන්ගේ විශ්වාසය වැඩි කිරීමයි.
 
 
නමුත් සිදුවූයේ දඟ පන්දු යවන්නන්ටවත් නුසුදුසු බාල තණ තිලි දීමෙන් පිතිකරු කොන්ද කැඩී මයි. 
 
අපගේ ප්‍රධානම දඟ පන්දු යවන්නන්ටවත් කිසිවක් කළ නොහැකි ලෙස අසරණ වූවත් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් සාර්ථක විනි. ශම්සි සහ ෆෝර්ටින් යන ඉතා ප්‍රාථමික මට්ටමේ දෙදෙනකුට අප පිතිකරුවන් අන්ද මන්ද විය.
 
බාල පිටි සකස් කර පාරා වලලු කෑ අවස්ථා ඉතිහාසයේ ඇත. මෙයත් එකකි. මෙහි භයානක කම නම් ලෝක කුසලානය අත ළඟ වීමය.
 
ෆෑන්ස්ලා ගැනත් දෙයක් කිව යුතුය, මෝඩ කමට සෝඩා බෝතල් හුරේ දැමීම නැවැත්විය යුතුය. එක තරගයක් දිනූ විගස මෝඩ චූන් නොගෙන යථාර්ථ අවබෝධයෙන් සිටිය යුතුය. 3-0 ලෙස දිනිය යුතුව තිබූ තරගාවලි දෙකක් කෙළවර වූයේ සතුටු දායක අන්දමින් නොවේ.
 
- බැට් මෑන් විසිනි 
 

THE LEADER TV 
 
රටවිරුවන් හූරංකන අලුත් විදිහ! ගුවන්තොටේ මගඩි එළියට! 
 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්