ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
 
 
එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇත.
 
මෙම භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව වේ.
 
භූමිකම්පාවේ කේන්ද්‍රය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් 180 ක් දුරින් පිහිටි මැන්ස්ෆීල්ඩ්( Mansfield ) ලෙස හඳුනා ගෙන ඇත. 
 
පළමුව මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6ක් ලෙස සටහන්ව තිබුනත් පසුව එය රිව්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව තිබෙන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
 
 භූමිකම්පාවේ ප්‍රබලත්වය තත්ත්පර 30ක කාලයක් දැනුණු බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. පළමු කම්පනය සිදුවී විනාඩි 15 - 20 ත් අතර කාලයකදී තවත් එක සුළු පසු කම්පනයක් මෙල්බර්න් හි ඇතැම් ප්‍රදේශ වලට දැනී ඇතැයි වාර්තා වේ. 
 
භූමිකම්පාවේ ප්‍රබලත්වය කැනබරා නුවර, දකුණු ඔස්ට්‍රේලියාව, තස්මේනියාව, නිව් සවුත් වේල්ස්, සිඩ්නි ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැනුනු බව වාර්තාවේ.
 
මෙල්බර්න් නගර සීමාවට අයත් Chapel Street සහ South Yarra ප්‍රදේශ වල ගොඩනැගිලිවලට සිදුවුණු හානි සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස වාර්තා වී තිබිණ. 
 
AUS 5
AUS 4
AUS 3
AUS 2
AUS 1
 

 
 
 
''ජීවිත හානියක් නැහැ'' - අගමැති කියයි  
 
 
 
මෑත ඉතිහාසයේදී ඕස්ට්‍රේලියාවට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙය බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
 
මීට පෙර 1989 වසරේදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිව්කාසල් ප්‍රදේශයට බලපෑ රික්ටර් දර්ශකයේ 5.6 ක් ලෙසට සනිටුහන්වුනු භූ කම්පනය මෙතෙක් වාර්තා වුනු ප්‍රභලම භූමි කම්පාව ලෙසට වාර්තා වී තිබිණ. එම සිදුවීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවද අතීත තොරතුරු වාර්තා සනාථ කොට සිටී. 
 
මෙම භූමි කම්පාවෙන් කිසිඳු සුනාමි අවදානමක් නොමැති බව ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කොට සිටී.
 
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, භූමිකම්පාවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියානුවන්ට මෙය ඉතා අහඹු අත්දැකීමක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියි.
 
(sbs.com.au)

 

THE LEADER TV 
 
 
 
 ස ගේ ඇමරිකන් කතාවේ පිටපත
 

 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්