leader s

 
කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් හෙට දිනයේ රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සුව සේවක සංගමයක් තිරණය  කර තිබේ.
සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය දැනුම් දී ඇත්තේ සිය ගැටළුවලට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් සැප්තැම්බර් 22 බදාදා දහවල් 12.00 ට රෝහල් ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ දියත් කරන බවයි.
 
කොවිඩ්  වසංගතය තීවුර වෙමින් පවතින මේ මොහොතේ සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලූ විසදීමට සෞඛ්‍ය  අමාත්‍යාංශය කටයුතු නොකිරීම මෙන්ම ඒ පිළිබදව සාකච්ඡා කිරීමටවත් අවස්ථාවක් සලසා නොදීම අතිශය කණගාටුදායක බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිගේ සහ සභාපති  චමින්ද නිලන්තගේ අත්සනින් යුතුව සැප්තැම්බර් 21 වැනි අගහරුවාදා සෞඛ්‍ය ලේකම් වෙත යොමු කළ ලිපියේ තව දුරටත් සදහන්ය.
 
"තවද සෞඛ්‍ය සේවකයන්ට ලබාදුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව කපා හැරීම කිසිසේත් පිළිගත නොහැක. අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනි තත්වයකි. එබැවින් මෙම ගැටලූ විසදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, එසේ නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අකමැත්තෙන් වුව දැඩි කිරීමට සිදුවන බවත් මතක්කර සිටිමු."
 
 
 
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ඉල්ලිම් පහ පහත පරිදිය,
 
01. රුපියල්  7500 කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව වසංගත කාලය තුළ අඛණ්ඩව ලබාගැනීම,
 
 
02. දින 180 සම්පූර්ණ කළ සියලූ සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන් ස්ථිර කිරීම සහ විශේෂ නිවාඩු දින, නිරෝධායනය වන දිනවලට ගෙවීම් සිදුකිරීම,
 
 
03. සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබා ගැනීම,
 
 
04. සෞඛ්‍ය කාර්යමණ්ඩල හිගය පියවීම,
 
 
05. අග්‍රහාර රක්ෂණ දීමනාව ගැටලූවකින් තොරව ලබාගැනීම.
 
 
 
සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ පිටපත් සෞඛ්‍ය ඇමැති,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්, දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් සහ රෝහල් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙතත් යොමු කළ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය දන්වා සිටි.
 
 
 
THE LEADER TV 
 
 
 
 ස ගේ ඇමරිකන් කතාවේ පිටපත
 

 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්