ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත එම පෙරමුණ විසින් ගෙන තිබු ඉතාමත් අගනා ප්‍රතිපත්තිමය තීරණයක්

එහි කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී වෛද්‍ය ප්‍රසාද් කාරියවසම්ට වලංගු නොවන තත්වයක් මතුව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

වංචා දුෂණ හෝ වෙනත් ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එලවන පක්ෂයේ ඕනෑම පළාත් පාලන මහජන නියෝජිතයකු වහාම සිය තනතුරින් ඉල්ලා අස්වන බවටත්, එසේ නැතහොත් වහාම ඔහුව හෝ ඇයව ඉවත් කිරීමට පක්ෂ නායකත්වයට බලය ඇති බවටත් පොහොට්ටු පක්ෂයේ මහජන නියෝජිතයින් දිව්රුම් දුන් අවස්ථාවේදී ප්‍රතිඥා දී තිබිණ.

එහෙත් පොහොට්ටු පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රී වෛද්‍ය ප්‍රසාද් කාරියවසම්ට මේවනවිට බරපතල චෝදනාවක් එල්ලවී ඇතත් ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගේ නිහඬතාවය එම පෙරමුණේ තරුණ නියෝජිතයින්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.

 

අතීත කතාව !

වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ ඔහුට නගර සභාවෙන් නිලනිවසක් ලබාදී තිබිණ. එවකට ඔහුගේ යාබද නිල නිවසේ පදිංචිව සිටියේ ඉන්ද්‍රා මලර් දහනායක නමැති වෛද්‍යවරියයි. එම නිවෙස් දෙක වෙන්ව තිබී ඇත්තේ එක බිත්තියකිනි. එම වෛද්‍යවරිය විශ්‍රාම ගිය වහාම වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් නිවෙස් දෙක වෙන්කර තිබු බිත්තිය කඩා එම නිවාස ද තම නිවසට ඇදාගෙන ඇත.

එසේ එම නිල නිවාස ඒකාබද්ධ කරගෙන ඇත්තේ නගර සභාවේ කිසිඳු අනුමැතියකින් තොරවය. එහෙත් නිල නිවෙස් සඳහා ගෙවීම් කර ඇත්තේ එක නිවෙසක් සඳහා පමණි.

එසේ ඔහු එම නිල නිවෙස වසර 11 තිස්සේ බලහත්කාරයෙන් අත්පත්කර ගෙන පදිංචිව ඇත්තේ තවත් වෛද්‍යවරයකුට ලැබීමට තිබු අයිතිවාසිකමක් උදුරා ගනිමිනි.

වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මෙම නිවසේ පදිංචිව සිට ඇත්තේ කොළඹ නගර සභාවේ වෛද්‍යවරියක ලෙස කටයුතු කළ සිය බිරිඳ ඇනා කාරියවසම් සමගය. කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් කාරියවසම් 2014 මැයි 21දා විශ්‍රාම ගෙන ඇති අතර, තම නිල නිවස (නිවාස දෙකම) සිය බිරිඳගේ නමට පවරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත් ඇය නගර සභාවේ පොරොත්තු සේවයේ නිලධාරිනියක නොවන නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

කෙසේවුවද දේශපාලන බලපෑම් කරමින් විශ්‍රාම ගැනීමෙන් පසුවද වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් වසර හතරකුත් මාස හතරක් මෙම නිල නිවාස වල පදිංචිව සිට ඇත.

 

විගනකාධිපතිගේ නියෝගය : දණ්ඩන කුලිය ලක්ෂ 80 යි !

මෙසේ රජයේ නිල නිවාස බලහත්කාරයෙන් අත්පත්කර ගෙන සිටීම හා ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම මුළුමනින්ම නීති විරෝධී බවට ආයතන සංග්‍රහයේ 19 පරිච්චේදයේ 7-1 යටතේ රජයේ විගණකාධිපතිවරයා විසින් නගර සභාවේ බලධාරීන් වෙත දැනුම්දීමක් කර තිබී ඇත.

බදු කාල සීමාව ඉක්මවා රජයේ නිවාසක පදිංචිව සිටින පදිංචිකරුවන් දණ්ඩන කුලියකට යටත් වන අතර ඒ අනුව වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් ගෙන් නිවාස කුලියට අමතරව වැටුපෙන් සියයට 8ක් හා එම නිවාස සඳහා එවකට පවත්නා විවෘත වෙළඳපල කුලිය යන දෙකෙහි එකතුව දණ්ඩන කුලිය ලෙස අයකරගන්නා ලෙස එම දැනුම්දීම මගින් බලධාරීන්ට නියෝගකර තිබේ.

ඒ අනුව දණ්ඩන කුලිය රුපියල් ලක්ෂ 80ක් ලෙස ගණන් බලා ඇති අතර එම මුදල ගෙවන ලෙස ඔහුට දැනුම්දීමක් කර තිබිණ.

 

රාජපක්ෂ පවුලේ ඥාතියකුවිම !

විගනාකාධිපති විසින් දැනුම්දුන් පරිදි දණ්ඩන කුලියද ගෙවීම වෛද්‍ය ප්‍රදීප් විසින් පැහැරහැර ඇති තත්වයක් තුල ඔහුට එරෙහිව නඩු පැවරීමට නගර සභා බලධාරීන් කටයුතු කර තිබේ. එහිදී නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරයා, වහාම එම නිවෙස් අත්පත් කරගැනීම සඳහා පිස්කල් නියෝගයක් ලබා දී ඇතත් ඉහල උසාවියකට යමින් එම නියෝගය අත්හිටුවා ගැනීමට වෛද්‍ය කාරියවසම් සමත්ව ඇත.

කෙසේවුවද බිරිඳ විශ්‍රාම ගෙන මස දෙකක් ඇතුලතදී සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට වෛද්‍ය ප්‍රදීප් කටයුතු කර ඇතත් රජයට අයවිය යුතු ලක්ෂ 80ක දණ්ඩන කුලිය ගෙවීම මේවනවිට පැහැර හරිමින් සිටින්නේ පොහොට්ටු පක්ෂයේ නගර සභා ප්‍රධානියා ලෙස සිය බලය අයුතු ලෙස යොදාගනිමින් නගර සභාවේ මුදල් කාරක සභාවට බලපෑම් කරමිනි.

එහෙත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කර ඇති නගර සභාවේ නීති අංශ මොහුට එරෙහිව මේවනවිට නඩු පවරා ඇතත් පොහොට්ටු පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. ඒ, ඔහු රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වීම නිසාය.

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක වෛද්‍ය ප්‍රදීප් කාරියවසම්ගේ දියණිය විවාහ වී සිටින්නේ මහින්ද රාජපක්‍ෂ විපක්ෂ නායකවරයාගේ නැගනියගේ පුත්‍රයා සමගය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්