කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට අනුයුක්තව සේවය කරන ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමෙන්තුවෙ සාලියපුර හමුදා කදවුරේ

ලුතිනක් කර්නල්වරයෙක් වසර 10ක් තිස්සේ ප්‍රේම කළා යැයි කියන ඇගළුම් කම්හලක සේවය කරනා කාන්තාවකගේ 16 හැවිරිදි දියණියකව බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් යුධ හමුදා මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

 
සැකකාර ලුතිනන් කර්නල් වරයා ගේ නිළ රථය මහනුවර පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
 
නීතීඥවරු සිවු දෙනෙකු පමණ මොහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇති අතර එම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඔහුව එදිනම ඇප පිට නිදහස් කර තිබේ.  B 61178/21  යටතේ ගොනුකර ඇති එම නඩුව 2022.01.10 දා යළි විභාගයට ගැනීමට නියමිතය. 
 
වාර්තාවන ආකාරයට, මෙම දැරිය වයස අවු 06 සිට මොහුව දන්නා අතර ඇයට අවුරුදු 09 සිටම මෙම පුද්ගලයා විසින් අපයෝජනයට ලක්වී තිබේ.  ඔහුට යම් ලිංගික බෙලහීනතාවයක් ඇති නිසා මෙම දැරිවියගේ මව (මොහුගේ පෙම්වතිය ) දැරිවියට මොහුගෙන් මෙවැන්නක් වේයැයි කිසි විටෙකත් නොසිතූ බව කියයි.  
 
දැරිය "අප්පච්චී" විසින් කලා යැ කියන සියල්ල පිළි ගෙන ඇත.
 
 ඇය මහනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයයක අධ්‍යාපනය ලබන අතර මේ දිනවල අ.පො.සා.පෙ ප්‍රථිඅල එනතුරු නිවසේ සිට ඇත.  
 
සැකකරු ආබාධිත සෙබලෙකු කීවද යුද්ධයෙන් ආබාධ වී නොමැති එහෙත් අධික දියවැඩියා රෝගයෙන් පෙලෙන්නෙක් බවත් කියැවේ.  
 
06 වියැති කාළේ සිට මෙම දැරිය ඔහුව අමතා ඇත්තේ "අප්පච්චී' කියාය.  
 
සැකකරු ඇයගේ මව නිවසේ නැති අවස්ථාවලද ඇයව කාර් රථයේ නංවා ගෙන මහ නුවර ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ වලින් තෑගී භෝග මිළදී ගෙන දෙන අතරම, රථ ගාල් තුළ  ඇති සිය රාජකාරි වාහනයේ පැය ගණන් මෙම දැරිවිය හා තනිවී ඔහුගේ රියදුරන්ව කෑමට පිට කර යවන බවද කියයි.  
 
මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත්ව තිබේ.
 
මෙම නිළධාරියා තවත් කාන්තාවන් හා පෙම් සබඳතා පවත්වමින් සිටිනා අතර ඉන් අයෙක්  විසින් මේ දැරියගේ විස්තර සහ ඇයව අපයෝජනයට ලක් කරනා වීඩියෝ පවා මුදා හරිමින් මේ විස්තර හෙළි කර ඇති බවත්  මේ වන විට ඔහුගේ පෙම්වතියන් දෙදෙනෙක් ඔහුට එරෙහිව කරුණු ඉදිරිපත්වී ඇති බවත් වාර්තාවේ. 
 

 

 


 

THE LEADER TV 
 
 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
 
 
 
ඇමෙරිකන් පාලනයට???
 
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්