යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් ඇතුළු සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා  උතුරු පළාතේ දිස්ත්‍රික් තුනක විරෝධතා දියත් කර තිබේ.
අතුරුදහන් කර සිටින සිය දරු දැරියන් ඇතුළු  ඥාතීන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් අතුරුදහන් කරවීම් වලින් වඩාත්ම පීඩාවට පත් රටවල් තුනක් වන එල් සැල්වදෝරය, ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව ළමා දිනය සමරන ඔක්තෝබර් 1 වැනි සිකුරාදා යාපනය, මුලතිව්, වව්නියා, දිස්ත්‍රික්කයන්හි විරෝධතා දියත් වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
ලෝක ළමා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කොට ඇත්තේ 1959 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියත් එයින් තිස් වසරකට පසු ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියත් යන දෙකම සම්මත කර ගත් නොවැම්බර් 20 වැනි දා යි.
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් රජය විසින් යෝජනා කර තිබෙන වන්දි මුදල් සහ මරණ සහතික ලබා ගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන සියලු විරෝධතාකරුවන් බලධාරීන්ට අවධාරණය කර ඇත්තේ සිය සමීපතමයන් පන පිටින් ආපසු තමන් වෙත ලබා දෙන ලෙසයි. නොඑසේනම් ඔවුන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි.
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඳවීම පරිදි යුද්ධයේ අවසානයට පෙරදා බාර වී අතුරුදහන් වූ 280 දෙනකු අතර අටමස් බිලිඳකුද ඇතුළු වයස අවුරුදු 10ට අඩු දරු දැරියන් 29 දෙනකු පිළිබඳ මානව හිමිකම් සංවිධාන විසින් ලේඛනගත කොට තිබේ. එය එක් දිනක් තුලදී ලෝකයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් අතුරුදහන් වූ අවස්ථාව එය බව ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසයි. 
 
යාපනයේ නාවලර් වීදියේ පිහිටි  සරණාගතයන් පිළිබඳ  මහ කොමසාරිස්  ක්ෂේත්‍ර කාර්යාලය ඉදිරිපිටදී හැඬු කදුලින් විරෝධතා දැක්වු දෙමළ මාතාවන් අවධාරණය කර තිබුනේ වසර ගණනාවක් තිස්සේ යුක්තිය ඉල්ලා‌ සිටියත් මේ වන තෙක් තමන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවයි.  
 
අතුරුදහන් කර සිටින කුඩා දරුවන්ගේ ඡායාරූප ඇතුලත් බැනරයක්ද ඔවුන් ප්‍රදර්ශනය කර තිබුනි.
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය තම සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් දින 1669ක් තිස්සේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින  මුලතිව් දෙමළ මාතාවන් ප්‍රදේශයට ඇද හැලෙනන වර්ෂාව නොතකා විරෝධතා දියත් කර තිබුනි.
 
 UNCHR 2021.10.02 1
 
අපේ දරුවන්ට ජීවත්වීමේ අයිතිය නැද්ද?, ශ්‍රී ලංකාවේ හමුදාවට භාර දුන් පිරිමි ළමයින් කොහේද?, ඔබේ බන්ධනාගාරය අපේ දරුවන්ට පාසලක්ද?, දෙමළ දරුවන් ත්‍රස්තවාදීන්ද?, යනාදි සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ඔවුහු දිවයිනේ වසංගත අගුලු ඉවත් කළ පළමු දවසේ විරොධතාවයට එක්ව සිටියහ.
 
මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ප්‍රබාකරන් රංජනී මාතාව එහිදී අවධාරණය කර තිබුනේ 2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට එක්ව සිටින පවුල් අතරින් පවුල් තිහක අවම වශයෙන් එක් දරුවෙක් හෝ අතුරුදහන්ව සිටින බවයි.
 
ඔවුන් මාස තුනේ සිට අවුරුදු පහලව දක්වා වයස් කාණ්ඩ වලට අයත් බව ඇය වැඩි දුරටත් සදහන් කර තිබේ.
 
අතුරුදහන්වුවන්ට යුක්තිය ඉල්ලා ලෝක ළමා දිනයේ වව්නියාව බස් නැවතුම් පොළ ඉදිරිපිටදී  දියත් කළ විරෝධතාවය සදහා  දරුවන් කිහිපදෙනෙක්ද එක්ව තිබුනි.
 
 Chaild 201
 
ඉරණම නොදැන අවසන් ගමනේ:
 
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.
 
 
අවුරුදු තුන හමාරත් පසුකළ OMP කාර්යාලය
 
 
 
අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරක් පසු කර තිබේ.  
 
මෛත්‍රී - රනිල් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු OMP ප්‍රධානියාද පිළිගෙන තිබුනි.
 
“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.
 
ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි හිටපු  OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.
 
කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.
 
ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.
 
 
 

 
 
THE LEADER TV 
 
ජනාධිපති ගෝඨා ගැන පුතා කියපු කතාව!
 
 
පාස්කු ප්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්