රාජපක්ෂ ආණ්ඩුවේ තර්ජන ගර්ජන බිය වැද්දීම් මැද ගුරු විදුහල්පතිවරුන්ගේ කළු ගුරු දින විරෝධතා උද්ඝෝෂණ දිවයින පුරා සාර්ථකව පත්වා තිබේ.
 
 
අධ්‍යාපනය මිලිටරිකරණයට හා පෞද්ගලීකරණයට  මං පෙත් සකසන කොතලාවල පනත අහෝසි කරන ලෙසත්, වසර 23 ක් තිස්සේ දිග ඇදෙමින් තිබෙන වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් ඉල්ලා ගුරු-විදුහල්පතිවරු ගෙන යන අරගලයට දින 87ක් සපිරෙන අද [6] ලෝක ගුරු දිනය නිමිත්තෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධතාව කැඳවා තිබිණි.
 
දිවයිනේ සෑම නගරයකම ගුරු විදුහල්පතිවරුන්ට අමතරව සෙසු වෘත්තීය සමිති නායකයන්, බහුජන සංවිධාන නියෝජිතයන්, හා දේශපාලන ක්‍රියාධරයන් විරෝධතා උද්ඝෝෂණවලට එක් සිටි  අතර කළු කොඩි ඔසවා විරෝධය දැක්වූ බව ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ පවසති.
 
 අන්තර් ජාල ඉගැන්වීම් ඇතුළු සෙසු රාජකාරිවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසීමෙන් පසු වැටුප් විෂමතා ඉවත් කිරීමට ඇමැති අනු කමිටුවක් පත් කළ රාජපක්ෂ ආණ්ඩුව, එම කමිටුවේ වාර්තාව ලබා දීත් මසකට වැඩි කලක් ගතවුවද ඊට `විසදුම් ලබා නොදී ආණ්ඩුව කල් මරමින් සිටින` බවට ගුරු සංගම් චෝදනා කරයි.
 
 
මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර තමා යටතේ ඇති පොලිසිය යොදා ගනිමින් ගුරු- විදුහල්පතිවරුන් අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම් හා බිය වැද්දීම් කරමින් ගුරු සටන කඩාකප්පල් කිරීමට වෑයම් කළ ඔහු `වර්ජනයේ නිරත ගුරුවරුන් ත්‍රස්තවාදීන්` ලෙස හඳුන්වා දෙමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළේය.
 
  
එහෙත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ වැටුප් ගැටළුව විසඳීමකින් තොරව ආණ්ඩුව මේ වනවිට පළාත් සභා පාසල් විවෘත කිරීමට සූදානම් වන නමුත් එහි ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තමන් සූදානම් නොමැති බව‍යි.
 
 මේ වන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති ගුරු විදුහල්පති අරගලය වෙනුවෙන් සහාය පළ කර ඇත.
 
 වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන හා සමාජ ක්‍රියාධරයන් රැසක්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකුලව පැවැත්වෙන කළු ගුරු දින විරෝධතා, භාෂණයේ හා රැස්වීමේ නිදහස සනිටුහන් කරන්නක් බැවින් එය මර්දනය කරමින් උද්ඝෝෂණවලට සහභාගී වන්නන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට පොලිසිය හෝ වෙනත් අංශයක් කටයුතු කරන්නේදැයි නිරීක්ෂණය කරන ලෙසය.
 
 `මේ අරගලය ඔබේ දරුවා වෙනුවෙනි`, `නිදහස් අධ්‍යාපනය රැක ගනිමු`, `දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරනු`, යනුවෙන් පුවරු රැගත් උද්ඝෝෂකයෝ `කොව්ඩ් වලට මුවා වෙලා පොලිස් ඇමැති පුපන්නේ -ගුරුවරු හිරකරලා බය කරන්න දත කන්නේ`  `පාසැල් ටික වසා දමා - ගුරු විදුපති මහපාරේ`  `දමව් දමව් ඉරා දමව්-  කොතලාවල නමින් ආපු- බූරු පනත ඉරා දමව්` සටන් පාඨ හඬ නගමින් උද්ඝෝෂණයේ යෙදුනහ.
 
 Teachers 1
Teachers 2
Teachers 3

 

 


 

THE LEADER TV 
 
 
 
විමල්ට හොඳ වැඩේ 
 
 
 
මම ඕවට නෑ' - චිචී දස අතේ දිවුරයි ! 
 
 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්