පවතින තත්ත්වය හමුවේ ඩීසල් ලීටරයකින් රුපියල් 31 ක සහ පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 15 ක පාඩුවක් සිදුවන බැවින් ඉන්ධන මිල වැඩි කළයුතු බවටත්, එසේ නොමැති නම් එම පාඩුව පියවා ගැනීම සදහා
සහනාධාරයක් ලබාදෙන ලෙසටත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලය හමුවේ කළ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත.
තවදුරටත් මේ සම්බන්ධයෙන් නිලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී දෙනුම් දෙන බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.
ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ 11 වැනි සඳුදා පැවැති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට තීරණය කර ඇත.
පවතින තත්ත්වය තුළ ඛනිජ තෙල් මිල වැඩිකිරීමක් සඳහා රජයෙන් ඉල්ලීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ 11 වෙනිදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් සංස්ථාව පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසිය.
ඉන්ධන මිල වැඩි කරනවා - ඇමති බන්දුල
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දන මිල වැඩිකිරීමට කැබිනට්ටුවේ දී එකඟ නොවුවද, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, ඉන්දන මිල වැඩි කිරීමට අනිවාර්යයෙන් ම සිදුවන බවයි.
මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක වෙළෙඳ පොළේ මිල මත තීරණය වීම අනිවාර්ය බවත් ඒවා මෙරටට පාලනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වල අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල දැනටද ශ්‍රී ලංකා ට වඩා බොහෝ ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.
මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම ඉන්ධන මිල ගැලපුමක් කිරීමට සිදුව තිබෙන බවත් දැනටමත් මසකට රුපියල් කෝටි 1000 ක පමණ අලාභයක් සංස්ථාව ලබමින් සිටින බවත් වෙළඳ අමාත්‍යවරයා පැවසීය.
පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගිහින් :
ආහාර සහ වෙනත් භාණ්ඩ යන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් සැප්තැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2021 අගෝස්තු මාසයේ පැවති 4.3% සිට 2021 සැප්තැම්බර් මාසයේ දී 4.5% දක්වා ඉහළ ගොස් තිබේ.
ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති 4.1% සිට 2021 සැප්තැම්බර් මාසයේ දී 5.0% දක්වා ඉහළ ගොස් ඇත අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති 3.2% සිට 2021 සැප්තැම්බර් මාසයේ දී 3.3% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්නුම් කරයි.
THE LEADER TV
අඩු අත්දැකීම්වලට ඥාණාගේ නුවන ?
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් !