80 දශකයේ සිට දසක හතරකට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායකඅභාවප්‍රාප්ත විය.

 
මිය යන විට  67 වියේ පසු වූ එතුමා දෙදරු පියෙකි.
 
'පෙරමඟ' සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ වසන්ත රාමනායක, පසුව එහි සහ දෙසතිය' සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කළේය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස ද  ඒ  මහතා කටයුතු කළේය.
 
කෙටි කලක් ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය හෙබවූ රාමනායක මහතා, ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු ලෙස ද ප්‍රකටය.
 
ඔහු විසින් ලංකාදීප පුවත්පතේ 'කිවිදා විග්‍රහය' දේශපාලන ලිපිය දීර්ඝ කාලයක් රචනා කළ අතර ජාතික රූපවාහිනියේ ද දේශපාලන සමාලෝචන වැඩසටහන් මෙහෙය වීය.
 
ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයන් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම අරමුණෙන් 2015 දි ඇරඹූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික  සංගමයේ (AMCA ) පුරෝගාමියා වන්නේ ද වසන්ත රාමනායක යි.
 
වසන්ත ප්‍රිය රාමනායක ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකි.
 
ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල  ජයරත්න මල් ශාලාවේ Respect හි තැන්පත් කර අතර අවසන් කටයුතු හෙට (15) ප.ව. 3.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. 
 
 


THE LEADER TV 
 
උකුස්සා දෙක සූදානම් | මොණරවිලගේ ලියමන 
 
 
ඇන්දෙන්න එපා සර්? | "ස" ගේ දැනගැනීම පිණිසයි. 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්