එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සමග සම්බන්ධවීම සඳහා විශේෂ අංකයක් හඳුන්වාදීම අද (23) මාතරදී පැවැත්වෙන ජන රැලියේදී සිදුකිරීමට නියමිතය.

 

ඒ සඳහා ඔබ කල යුත්තේ ඔබේ දුරකතනයෙන් 1326 අංකයට ඇමතුමක් (මිස් කෝල්) දීම පමණි. එවිට එම මැතිවරණ ව්‍යාපාරයේ සියලු තොරතුරු ඔබවෙත ලබාදීමට කටයුතු සලස්වා ඇත.

Text 98 

සජිත් ප්‍රේමදාස සහභාගිවන ජන රැලිය අද පස්වරු 3.30ට මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ දී ආරම්භවන අතර එය පස්වරු 5.00 සිට 7.00 දක්වා සජීවී ලෙස විකාශය කිරීමට 'සිරස' නාලිකාව කටයුතු කර ඇත.

එසේම 'ද ලීඩර්' ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් එම රැලිය ආරම්භයේ සිට සජීව ලෙස විකාශය කිරීමට සැලසුම්කර තිබේ.

Sirasa Post

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්