ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීම සැලැස්මක් ඇතිව කළේ නම් සාර්ථක වනු ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.
 
 
මෙතෙක් කල් ගොවි ජනතාව රසායනික පොහොර නමැති කලිසම හැඳ සිටි බවත්, සරමක් නොදී එක්වරම කලිසම ගැලවීමෙන් සියල්ලන්ම හෙළුවෙන් සිටින බවත්, කලිසම ගැලවීමට පෙර සරමක් මසා දුන්නේ නම් හෙළුවෙන් සිටීමට සිදු නොවන බව ද ඔහු කීය.
 
දැන් කළ යුතුව ඇත්තේ නැවත කලිසම ඇඳගෙන වසවිස කෑම නොව අණ්ඩ මැසූ සරමක් හෝ ලබා දීම බවත් ආණ්ඩුව සිටින්නේ එම ස්ථාවරයේ බවත් ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේය.
 
මාධ්‍ය අමතමින් ඔහු ඊයේ (16) එබව කියා සිටියේ, ගොවි ජනතාව මුහුණදී සිටින පොහොර ගැටලුව සම්බන්ධයෙන්  අදහස් පළ කරමිනි.
 
එහිදී මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.
 
''අපි කාබනික පොහොර ටික හදාගෙන ගොවිතැන් කරපු මිනිස්සු පස්සේ කෙමෙන් කෙමෙන් බටහිරින් ආපු රසායනික පොහොරවලට අහුවෙලා කෘෂිකර්මාන්තයෙත් කලිසම ගහගෙන තමයි හිටියේ. ඒ කලිසම ගලවන්න ඕනේ නැත්තං අපි කන්නේ වස විස. හැබැයි කලිසම ගලවන්න ඉස්සෙල්ලා සරම මහගන්න තිබුණා. අපි කලිසම ගැලෙව්වෙ සරම මහගන්නේ නැතුව. කලිසම ගැලෙව්වා. කලිසමක් නෑ. සරමත් නෑ. මොකද දැන් කරන්න ඕනේ කලිසම ගැලෙව්වා. සරම ඇඳ ගත්තෙ නැහැ කියලා දැන් ආයෙත් කලිසම අඳින්න ඕනෙද? නැහැ. වස විස කන එක නෙමෙයි පුළුවන් තරම් ඉක්මනට අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ආණ්ඩුව මේ දවස්වල ඉන්නේ එතන”

 

 

 


 

THE LEADER TV 
 
 

 

බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි 

 

 

 
අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්