leader s

උසස් පොලිස් නිලධාරියෙක්  මෝටර් රථයකින් මහමග ගමන් කරමින් සිටි පුද්ගලයකු වාහනයෙන් බස්සා පහර දෙනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වෙමින් පවතී.
පහර දෙන බව දර්ශනවල පෙනෙන නිලධාරියා සබරගමුව බාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුයි.
 
ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ රත්නපුර කිරිඇල්ල මාර්ගයේ දී මෙම පහරදීම සිදුව ඇති බවයි.
 
මෝටර් රථය අධික වේගයෙන් පැමිණි බව පවසමින් මෝටර් රථය අතරමග නවතා එහි සිටි පුද්ගලයෙකුට පහර දෙමින් ඔහු පොලිස් ජිප් රථයේ නංවාගෙන රැගෙන යාමට උසස් පොලිස් නිලධාරියා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් උත්සාහ දරන ආකාරය වීඩියෝ ගත වී තිබේ.
 
පොලිස් හිරිහැරයට පත් එම පුද්ගලයා චෝදනා කරන්නේ උසස්  පොලිස් නිලධාරියා බීමතින් සිටි බවටයි.
 
 
 
පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමේදී මෙන්ම පොලිස්  අත්අඩංගුවේදී වධ හිංසාවට ලක්  කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.
 
නැගෙනහිර පළාතේ දෙමළ තරුණයන් දෙදෙනකුට නිල ඇදුමින් සැරසී සිටින පොලිස් නිලධාරියෙක්  අමානුෂික ලෙස පහර දෙනු දැක්වෙන වීඩියෝවක් ද ඔක්තෝබර් 22 වැනි සිකුරාදා  සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වී තිබුනි.
 
එම පහරදීම සිදු කර තිබුනේ එරාවුර් පොලීසියේ සේවයේ නියුතු 61169 අංකය  පැළඳි රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් ඇම්. ජයසුරියයි.
 
 
 


THE LEADER TV 
 
ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන
 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්