leader s

පවුල් පිටින් පිටතින් ගෙනැවිත් පදිංචි කරවා දෙමළ ජනතාව දේශපාලන වශයෙන් දුර්වල කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයක් ගැන දෙමළ විපක්ෂය පක්ෂ බේද නොතකා විරෝධය පළකර සිටියි.
 
උතුරේ පළාත් මායිම් වෙනස් කොට ජනගහන රටාව කෘතිම ලෙස වෙනස් කිරීම වහාම අත්හිටුවන ලෙස උතුරු නැගෙනහිර මන්ත්‍රී කණ්ඩායමක් අභ්‍යන්තර ආරක්ෂාව සහ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය චමල් රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
 
 
සිංහල බහුතරයක් වෙසෙන පළාත් වලින් පවුල් දහස් ගණනක් උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික් මායිමේ පදිංචි කරවීමට ඇති සැලසුම් අනාවරණය වී ඇත්තේ, 'ගම සමග පිළිසඳර' 17 වැනි වැඩසටහන සඳහා දැන් බෝගස්වැව නමින් හැඳින්වෙන කොච්චියාන්කුලම් ගම්මානයට ජනාධිපතිවරයා පෙබරවාරි 3 වැනිදා ගිය අවස්ථාවේදීය.
 
 
 
එදින, “කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කණුගහවැවින් පවුල් 600ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කම්බිලිවැවෙන් හා වෙහෙරතැන්නෙන් පවුල් 430 ක් වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමනිලධාරී වසම තුල පදිංචි කිරීම ගැන වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්. එම් සමන් බන්දුලසේන විසින් අතිගරු ජනාධිපති තුමාගේ අවධානයට යොමු කරන ලදී,” යි දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරුන් ප්‍රමුඛ දේශපාලකයන් විසින් ඔක්තෝබර් 22 දා යවා ඇති ලිපියක දැක්වේ.
 
බෝගස්‌වැවට අමතරව යුද්ධයෙන් පසු නාමල්ගම 1, 2 , සැලළිහිණිගම සහ නන්දිමිත්‍ර ගම නමින් අලුතින් පිහිටුවන ලද ජනාවාස වල දැනටත් හමුදා සෙබළුන් ඇතුළු පිට පළාත් වලින් ගෙනා සිංහල පවුල් පදිංචි කරවා තිබේ.
 
“පළාත් මායිම් වෙනස් කිරීම සඳහා වන මෙම උත්සාහයේ යටි අරමුණ වන්නේ ජන සංයුතිය වෙනස් කොට දෙමළ ජනතාවගේ දේශපාලන ශක්තිය දුර්වල කිරීමයි. රටේ මුලෝපායික තීරණයක් වන පළාත් මායිම් වෙනස් කිරීම සිදු කළ යුත්තේ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන් ඇතුළු අදාළ පාර්ශව සමග විචාරනයෙනි. කෙසේවෙතත්, එවැනි සාකච්ඡාවක් කිසි කලෙකත් සිදුවී නැත,” යි දෙමළ දේශපාලකයෝ පවසති.
 
සෙල්වම් අඩෙයික්කලනාදන්, සෙල්වරාජා කජේන්ද්‍රන්, සුබ්‍රමනියම් නෝහරාදලිංගම්, සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් සහ චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන්ද, දෙමළ ජාතික සන්ධානයේ තවරාසා කලෙයිඅරසන් ද ලිපියට අත්සන් තබා තිබුණි.
 
 
 
අලුතින් පවුල් පදිංචි කරවීමට නියමිත වෙඩිවෛත්‍යකල්ලු ගම්මානය පිහිටා ඇත්තේ  වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මායිම්වය.
 
 
හේන් ගොවිතැන ප්‍රධාන ජීවිකාව කොටගත් පවුල් 478 කට අයත් 1200ක් දෙනා දැනට එගම වාසය කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
 
THE LEADER TV 
ගව තමෝ හමුවන්න ඉන්දියාවෙන් ගෞතම් ඇවිත් ! 
 
කක්කුස්සි පෝර නැව හම්බන්තොටට ! | අද ගොසිප් එක

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්