කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මි හිමියෝ අපවත් වූහ.
ඊයේ (27) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අපවත් වී තිබේ. 
 
අපවත් වන විට උන්වහන්සේ අවුරුදු 85ක් ආයු වළදා තිබුණි.
 
1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක.
 
කුසලධම්ම හිමියෝ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපතීන් වහන්සේ වූහ.
 
මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නා හිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබූහ.
 
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අද (28) දිනයේ තීරණය කරන බව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
 
THE LEADER TV 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන

හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්