එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් එහි සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කරනු ලැබුවේ අධිකරණ
අමාත්‍යවරයට සහය දැක්වීමට යයි ජනාධිපතිවරයා පවසයි. 
 
'' එක් රටක් සහ එක නීතියක් වැඩසටහන මෙතෙක් සාර්ථක වෙලා නැහැ. එනිසා තමයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කළේ..'' යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසු බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සඳහන් කළේය. 
 
ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, අද (28) පස්වරුවේ පැවති විශේෂ රැස්වීමකදී  ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් හමුවූ අවස්ථාවේදීය. හවුල්කාර පක්ෂවල නායකයින්ට අමතරව සාකච්ජාවට අදාල විෂයබාර අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ම මෙම අවස්ථාවට එක්ව සිටියේය. 
 
බොදු බල සේනාවේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කොමිසමේ සභාපති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම මෙහිදී විරෝධය පළකර ඇති අතර,  එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවා පවසා ඇත්තේ, තමාට ද මෙම පත්කිරීම සම්බන්ධයෙන් විවේචනයක් ඇතත්, ජනාධිපතිවරයාට තමන් කැමති ඕනෑම අයකු පත්කර ගැනීමට බලයක් ඇති බවයි. 
 
එම අවස්ථාවේදී අමාත්‍යවරුන් ඇතුළු කිහිප දෙනෙකුම මෙම පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරද්දී උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇති අතර එහිදී දැඩි ආවේගයෙන් යුතුව අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකුල බලයක්  ඇතිබව අවදාරණය කර තිබේ. 
 
ජනාධිපතිවරයාගේ එකී බලතලවලට අභියෝග කිරීමට ඉඩදිය නොහැකි බවද ඇමතිවරයා අවදාරණය කර තිබේ. 
 
 
 
ඥානසාරගේ බලකායේ ‘අඩුව පිරිමැසීමට’ හිටපු කතානායක උපදෙස්
 
 
නීති විරෝධී කටයුතු නිසා හිරේ විලංගුවේ වැටී ජනාධිපති අනුහසින් නිදහස ලත් අන්තවාදී භික්ෂුවකගේ නායකත්වයෙන් නීති සම්පාදනය සඳහා පත් කරන ලද කාර්ය සාධක බලකායක ‘අඩුව පිරිමැසීම’ සඳහා හිටපු කතානායකවරයා යෝජනා ඉදිරිපත් කර තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගැසට් නියමයෙන් "එක් රටක්, එක් නීතියක්" ජනාධිපති කාර්යසාධක බලකායේ නායකත්වයට බොදුබල සේනානායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පත් කිරීම දැඩි ප්‍රහාරයට ලක් වුවද, සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ නායකත්වය දරන කරු ජයසූරිය ඒ සම්බන්ධයෙන් අදහස් පල කිරීමෙන් වැළකී සිටී.
 
“එක් රටක්, එක් නීතියක් ජනාධිපති කාර්යසාධක බලකාය ගැසට් නිවේදනය අනුව එය, "පුද්ගලයන් සමාන ලෙස සලකන බව තවදුරටත් තහවුරු" කිරීමට පත් කර තිබේ. එහෙත් සියලු ජනවර්ග හෝ ස්ත්‍රීන් මෙම  කමිටුව තුළ නියෝජනය නොවේ. අභ්‍යන්තර විවිධත්වයෙහි අඩුව පිරිමැසීම පිණිස ඊට මහජන අදහස් විමසීමට හැකි විය යුතුය,” යි කරු ජයසුරිය ට්විටර් පණිවිඩයකින් දන්වා තිබේ.
 
වර්තමාන අගමැති සහ හිටපු ජනාධිපති හවුල්වී ඉකුත් පාර්ලිමේන්තුවේ බලය පැහැරගත් අවස්ථාවේ ඊට එරෙහිව සටන් වැදුණු අයකු සේ සැලකෙන හිටපු කතානායකවරයා, නීති සම්පාදනය බාර පාර්ලිමේන්තුව වෙනුවට රටටම එක නීතියක් සැකසීමට වෙනම ආයතනයක් පිහිටුවීම පිළිබඳවද කිසිත් පවසා නැත.
 
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ යුද අයවැය සම්මත කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හැරගොස් ඇමැති ධූර භාර ගැනීමෙන් සැදැහැවත් බෞද්ධයකු සේ ප්‍රකට කරු ජයසූරියගේ දේශපාලනය ඉතිහාස ගතවී තිබේ. 
 
 
සබැඳි පුවත්
 
 
 
THE LEADER TV 
 
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
 
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්