යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකානු සමාගමක් සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුමේ සඳහන් රටට අහිතකර කරුණු වෙනස් කිරිමට සූදානම්

බව අගමැති මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බව ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයින් පවසති.

 
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ 'නෙත් නිවුස්' වෙත මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ඊයේ (28) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාව පිළිබද අදහස් දක්වමිනි. 
 
 
 
අභ්‍යන්තර සාකච්ඡාව උණුසුම්
 
 
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (28) රාත්‍රී පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක හමුව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම සාකච්ඡාව ඊයේ පස්වරු 5.30ට පමණ ආරම්භ වී රාත්‍රී 10 පමණ වන තෙක් පැය හතර හමාරක් තිස්සේ පැවති නමුත්, අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .
 
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනුවෙන් ඇමතිවරුන් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් අතාවුල්ලා, වීරසුමන වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරු ද, අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ .
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ සහ පොහොට්ටු පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරු ද මෙම රැස්වීමට එක්ව සිටියේය. 
 
එසේම, ලංකා වතු කම්කරු සංගමය (CWC) නියෝජනය කරමින් සෙන්දිල් තොන්ඩමන් ද මෙම රැස්වීමට සහභාගී වී තිබිණ. 
 
 
 
  
යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එම ප්‍රශ්නවලට පිළිතුරු දී ඇතැයි වාර්තා වේ.
 
යුගදනවි තාප බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම තමාවත් මෙතෙක් දැක නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇතැයි ද වාර්තාවේ. 
 
 
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම විසඳා ගන්නා ලෙසත්, එලියට නොගෙන යන ලෙසත් හවුල් පක්ෂවල නායකයින් ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ .
 
 
මේ අතර යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා තිබේනම්, ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හවුල් පක්ෂ වල නායකයන්ට දැනුම් දුන් බවද වාර්තා වේ.
 
යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ යෝජනා තමාට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා මෙහිදි දැනුම්දුන් බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
 
"කරුණු 12ක් විතර සාකච්ඡා කළා. විවිධ කාරණා ගැන. ඒ කියන්නේ කොවිඩ් සම්බන්ධව, පොහොර සම්බන්ධව, යුගදනවි සම්බන්ධව ඊට අමතරව වරායේ ඇතිවෙලා තියෙන ගැටලු සම්බන්ධව මේ හැම එකක් ගැනම ඉතාම දැඩි සාකච්ඡාවක් සිද්ධවුණා. 
 
Dayasiri 2s 
 
ඒ සම්බන්ධව පක්ෂවල අදහස් එවන්න කියන අදහස එතුමා කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ අපේ තියෙන අඩුපාඩු දුර්වලතා පිළිබඳව අපේ වෘත්තීය සමිති කල්පනා කරන ප්‍රශ්න පිළිබඳව එතුමාට අපි යෝජනාවලියක් විදියට එතුමාට භාරදෙනවා."
 
 
විනිවිඳභාවය සම්බන්ධයෙන් ගැටලු  :
 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ, රජයේ ඇතැම් හවුල්කාර පක්ෂවල නියෝජිතයින්ට යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුමේ විනිවිඳභාවය සම්බන්ධයෙන්  පවතින ගැටලු එම සාකච්ඡාවේ දී නිරාකරණය වු බවය.
 
"යුගදනවි බලාගාරය පිළිබඳව සාකච්ඡා වුණා. බලාගාරය පිළිබඳ යම්කිසි පැහැදිලිකිරීමක් අවශ්‍යව තිබුණා අපේ සන්ධානයේ අනෙක් පක්ෂවල නායකයින් ට. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විදියට බැසිල් රාජපක්ෂ මහතා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. 
 
පැහැදිලිව කිව්වා මේ ටෙන්ඩර් එක කැඳවලා එකෙන් ලැබිලා තියෙන ලන්සුව LNG එකෙන් යුනිට් එකකට ඩොලර් 3යි ගාණක් වෙනවා. නමුත් මේ සමාගම ඩොලර් 1.4කට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලාබදායි දෙයක් අතහැරලා යන්නේ මොකටද කියලා.
 
Sagara s
 
විදුලි වෘත්තීය සමිති හමුවී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මෙහිදි තීරණය කළ බව රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේය.
 
 
 
"මහජන සභාව" අද 
 
 
 
මේ අතර, ආණ්ඩුවේ හවුල් පක්ෂ අද (29) පස්වරුවේ පැවැත්වීමට සැලසුම්කර තිබූ "මහජන සභාව " රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත. මෙම රැස්වීම අවලංගු කර ගැනීමට ප්‍රකට ව්‍යාපාරිකයකු ඊයේ දවස පුරා දරු උත්සාහය අසාර්ථක වී තිබේ. 
 
 250538311 4303383486446105 5287301002575648993 n 
 
 
 
සබැඳි පුවත්
 
 

THE LEADER TV 
 
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
 
 
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්