මැදපෙරදිග බලා යන මගීන් ගුවන්තොටුපොළේ දී රැපිඩ් PCR පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර,
ගුවන්තොටුපොළ රැපිඩ් PCR මධ්‍යස්ථානයේ පවතින තදබදය සහ ප්‍රමාදය මගීන්අපහසුතාවයට පත්වීමට හේතුවී ඇති අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.
 
පසුගිය දින කිහිපයේ දී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බහුතරයක් වූ ගුවන් මගීන්ට විවිධ වූ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවිය.
 

 
 
මැදපෙරදිග බලා යන මගීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, ගුවන්තොටුපලේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ රැපිඩ් PCR පරීක්ෂණයට මුහුණදී ප්‍රතිඵලය ලබා ගෙන විදෙස්ගත වීම සඳහා අවම වශයෙන් පැය හයකට පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස යි.
 
අදාළ මධ්‍යස්ථානය පෞද්ගලික රෝහලක් මඟින් පවත්වා ගෙන යන අතර, රැපිඩ් PCR පරීක්ෂණයක් සඳහා මගියෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 7,500ක් වේ.
 
 
මඟීන්ගේ චෝදනාව:
 
මේ අතරේ ඩුබායි බලා යන මගීන් චෝදනා කර සිටින්නේ ඔවුන් පිටත්වීමට පෙර බාහිර රෝහලකින් PCR පරීක්ෂණයක් කර එම වාර්තා ඉදිරිපත් කළද ගුවන්තොටුපලේ පිගිටුවා ඇති පෞද්ගලික ආයතයක් මගින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානයෙන් රැපිඩ් PCR එකක් කළ යුතු බවත් අදාළ මධ්‍යස්ථානයේ කටයුතු සිදුවන්නේ මන්දගාමීව බවයි.
 
මේ හේතුවෙන් තමන්ට විශාල කාලයක් පෝලිම්වල ගත කිරීමටත් අනවශ්‍ය වියදමක් දැරීමටත් සිදුව ඇතැයි ඔවුහු චෝදනා නගති.
 
ගුවන් මගීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් යොදවා රැපිඩ් PCR කටයුතු වේගවත් කර දෙන ලෙස ය.
 
දුරබැහැර සිට කුලීරථ වලින් පැමිණෙන මගීන් මෙම ප්‍රශ්නය නිසා තවත් අර්බුදයට පත්ව ඇති බවට ගුවන් මගීන් පවසයි. ගුවන්තොටුපොළට ප්‍රවේශ වීමට පෙර අදාළ පරීක්ෂණය සිදුකර ප්‍රතිඵල ලැබෙන තුරු සිටීමට සිදුවන බැවින්, විශාල ගමන් මළු රැගෙන පැමිණෙන මගීන්ට කුලීරථ පිටත්කර හැරීමට නොහැකි වීම එම ගැටලුව බව ඔවුහූ පවසති.
 
රැපිඩ් PCR පරීක්ෂණය ප්‍රමාදවන විට කුලීරථ වලින් අයකරන අමතර ගාස්තුව දරන්නට ද මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන මගීන්ට සිදුව ඇති බවට ඔවුන් චෝදනා කරති. මෙය ඔවුන්ගේ පීඩනය වැඩි කරන තවත් හේතුවක් බවට පත්ව තිබෙන බවට ඔවුන් පවසයි.
 
 
විදේශ රැකියා නියුක්ති කාර්යංශය මොකද කරන්නේ?
 
මෙම ප්‍රශ්නයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඩුබායිහි සේවය සඳහා යන ලාංකික ශ්‍රමිකයින් බවට සමාජ ක්‍රියාකාරීන් චෝදනා නගයි.
 
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යධිකාරී, මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පැවසුවේ මෙම ගැටලුව පිළිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ අවධානය යොමුව ඇති බවයි.
 
මගීන්ට සිදුවන අපහසුතාව වළක්වාලීම සඳහා විෂයභාර අමාත්‍යවරයා වහාම ගුවන් සේවා අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර, ඩුබායි බලා යන මගීන්ට කඩිනමින් විසඳුමක් ලබා දීමට පියවර ගනු ඇතැයි ඔහු පැවසීය.
 
රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට කිසිදු ආකාරයක බාධාවකින් තොරව ගුවන්තොටුපොළෙන් පිටව යෑමට අවශ්‍ය පහසුකම් සලසන බවද ඔහු තවදුරටත් පැවසීය.
 
 
මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයින්ගේ වර්ධනයක්
 
dsdfdfer
රැකියා සඳහා විදෙස්ගත වීමේ වැඩි ප්‍රවණතාවක්
 
 
මේ වන විට, රැකියා සඳහා විදෙස්ගත වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
 
එහි අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩුබායි - අබුඩාබි යන ගමනාන්තයන් සහ කටාර්, සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග කලාපයේ තවත් රටවල් 09කට මෙරටින් පිටව ගොස් ඇති ලාංකිකයින් සංඛ්‍යාව 75,000කට අධික බවයි.
 
පසුගිය මාස තුන ඇතුළත ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යළි පිටව යාමේ වර්ධනයක් ද පෙන්නුම් කරන බව ඔහු පැවසීය.
 
 

විදේශගතවීමට ගමන් බලපත්‍ර ලබා ගන්න පැමිණෙන අයට පණිවුඩයක්
 
 
විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තමා විදේශ රැකියාවක් සඳහා රටින් පිටව යන්නේ නම් තම කාර්යංශයේ ලියාපදිංචි වී පිටත්ව යන ලෙස යි.
 
ඒ සඳහා දිවයිනේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රාදේශීය ප්‍රධාන කාර්යයාල සියල්ල සෙනසුරාදා දිනයන්හි දීත් විවෘතව තබා ඇතැයි පැවසුනි.
 
ශ්‍රමිකයින් විදෙස්ගත වීම සඳහා ගුවන්තොටුපොළට යාමට පෙර තම කාර්යංශයේ ලියාපදිංචිවීම වැදගත් බව අතිරේක සාමාන්‍යාධිකාරී රන්දෙණිය පැවසීය.
 
 
(BBC සිංහල සේවය)

 

 


 

THE LEADER TV 
 
 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්