පහුගිය දෙවෙනිදා පොහොට්ටුවේ පස් වෙනි ජාතික සමුළුව අමතලා මහින්ද මහත්තයා කිව්වේ අපි රාජ්‍ය බලය ගත්තට පස්සේ දේශපාලනයෙන් ඈත් උනා
කියලා.
 
ඒක නිසා තමයි ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ මේ තරම් දුරට වර්ධනය උනේ කියලා. අපේ පඹයෝ කොච්චර පිච්චුවත් අපි එයාලා අතර දේශපාලනය කරන්න ඕනි කියලා.
 
ඔන්න ලොක්කගේ කතාව අහලා පොරවල් වැඩේට බැහැලා. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ නාම්බෝ කීපදෙනෙක් වැඩේ පෙරමුණ අරගෙන..
 
උප සභාපති නාම්බා තමයි වැඩේ Lead කරලා තියෙන්නේ. දැන් කවුරු හරි බයිසන් කෙනෙක් කියයි ගුරුවරු වෙනත් දේශපාලන හස්තයකින් මෙහෙයවන නිසා ඒක වලක්වන්න ආවා කියලා. 
 
ඒ තර්කේ නං පෙරේදා මහින්දම බිඳලා දැම්මා. මහින්ද කිව්වේ ගුරුවරු අතර දේශපාලනය කරන්න කියලනේ. ඉතින් ඒක පොහොට්ටුවට විතරක් නෙවෙයි අනෙක් අයටත් අයිතියිනේ. 
 
කොහොම උනත් එතන ගියේ දේශපාලනය Project එකක් නෙවෙයි. හැබැයි මේවා පිටිපස්සේ දේශපාලනය නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. මොකද දැන් දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක වෙන කිසිදෙයක් මේ මිහිපිට නැති තරම්.
 
දැන් කාලයක් තිස්සේ ඇදෙන ගුරුවරුන්ගේ වැටුප් සටනට සහාය දෙන්න රට පුරා දෙමාපියන් ඊයේ පාරට බැහැලා තිබුණා. ගුරුවරුන්ට විරුද්ධව දෙමාපිය සංගම් හදන්න ආණ්ඩුවට හොඳ නම් ගුරු සටනට පක්ෂව දෙමාපිය සංගම් හදන්නත් ගුරුවරුන්ට අයිතියක් තියනවා.
 
ගුරුවරු එක්ක කරපු සටනෙන් විතරක් නෙවෙයි දැන් දෙමව්පියෝ එක්ක කරපු සටනෙනුත් ආණ්ඩුව පරාදයි.
 
ඊයේ වෙනකොට ඇරලා තිබුණ ඉස්කෝල සීමිත ප්‍රමාණයෙන් අති බහුතරයක දෙමාපියන් ගුරු සටනට සහය දීලා පාරට බැහැලා තිබුණා. 
 
ඒවා බලා ඉන්න බැරි නාම්බෙක් දෙන්නෙක් ඔය තැන තැන ඉන්න පුළුවන්. එහෙම කීපදෙනෙක් තමයි ඊයේ අර දෙමාපිය උද්ඝෝෂණට පැනලා,  දෙමාපියන්ට ගහලා, විරෝධතා පුවරු කඩාගෙන, ගුරුවරුන්ට තර්ජනය කරලා පිස්සුවක් නැටුවේ.
 
 
 
ඔන්න දැන් අර පොළිස් ඇමති සරත් වීරසේකරට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ඇවිත් තියනවා. ඉස්කෝලෙකට පැනලා ගුරුවරුන්ට බලපෑම් කරන දේශපාලන නාම්බෝ කීපදෙනෙක් අතටම අහු වෙලා. 
 
ඊළඟට මේ කාලේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලානේ ජනාධිපතිත් කියන්නේ. ඒකත් බලා ගන්න පුළුවන්. 
 
අනික පොහොට්ටුවේ නායක කාරකාදීන්ගේ ප්‍රතිචාරයත් බලා ගන්න හොදම වෙලාවක් මේක. අප්පච්චිගේ බණවල තරමත් බලාගන්න පුළුවන්. 
 
රටේ නීතිය ක්‍රියාත්මක කරන එක ආයතනයක් උන පොළීසියේ අපක්ෂපාතීත්වය බලා ගන්නත් පුළුවන්. 
 
ඇත්තටම රටේ රාළ එහෙම කිව්වට ඔය ප්‍රශ්නයේදී ඔය කියන ඔක්කොම ගන්නේ අර ඉස්කෝලෙට පැනපු නාම්බන්ගේ පැත්ත. ඒ සත්තු Training කරලාම තියෙන්නේ අනින්නම තමයි. මොකද අපේ රටේ ජනතාව තවමත් ඔය ගාල කඩාගෙන පනින නාම්බන්ට ගහලා එලවන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඇත්තටම ඒක ලොකු අඩුවක්.
 
 මිනිස්සුන්ට අනින හරක්ට ගහලා එලවන්න ඕනි. දේශපාලනයේදී හිංසාව නං එයාලගේ දේශපාලනය ඒකට උත්තර දෙන දේශපාලනයත් එහෙම එකක් වෙන්න ඕනි. ඒක ස්වභාවික දෙයක්. කොහොම උනත් ආණ්ඩුව තමන්ගේ හරක් ගැටගහන්නේ නැත්තං ජනතාව හරි මැදිහත්වෙලා උන් ගැට ගහන්න ඕනි.
 
 
ඊළඟට මේ චන්ඩිද අප්පා. මොන ගස් ගෙම්බොද අනේ මේ. මේ හාදයෝ එක්ක බලද්දි කොච්චර උනත් රටේ රාළලා දැක්ක දේශපාලන චන්ඩින්ට පොඩි ගෞරවයකුත් දැනෙනවා. 
 
කොහොම උනත් රටේ රාළ කං කියන්නේ ඊයේ වෙච්ච් සිද්ධියට අදාළව රටේම ගුරුවරු යම් ක්‍රියාමාර්ගයකට යන්න ඕනි. හරක් ටික ඉස්සෙල්ලා අයිතිකාරයෝ ලව්ව ගැට ගහන්න ට්‍රයි එකක් දෙන්න.
 
හැබැයි ඒක වෙන්නේ නැති නිසා ඒකට බලකරන ක්‍රියාමාර්ගයකට යන්නත් ඕනි. අඩුම ගානේ මාවනැල්ල කලාපයේ ගුරුවරුවත් ඒ ක්‍රියාමාර්ගයට යන්න ඕනි. රටේ රාළ නං කියන්නේ ඒ ප්‍රාදේශීය සභා නාම්බෝ කීපදෙනා මේ වෙනකොට අත්තඩංගුවට අරන් තියෙන්න ඕනි.
 
ඒ වගේම ඉස්කොලෙට ගෙන්නලා බුලත් අතක් දීලා වැදලා ගුරුවරුන්ගෙන් සමාව ගන්න ඕනි. ඔන්න කරනවා නං වැඩ. 
 
හරියට බැස්සොත් වැඩේ කරන්න පුළුවන්. මතකනේ අර ගුරුවරියක් දණ ගස්සපු හාදයාට වෙච්චදේ. ගුරු බලය මේකට හරියට පාවිච්චි කළොත් ආණ්ඩුව කිලෝමිටර් ගානක් පස්සට විසි වෙනවා. ගුරු සටනටත් ඒක ලොකු වාසියක්. 
 
අනික ආයෙත් ඔය ප්‍රාදේශීය දේශපාලන නකුටන් ෆෝම් වෙන එක එච්චර හොද වැඩක් නෙවෙයි. කබ්බෝ ෆෝම් වෙනකොටම දෙන්න ඕනි කුඩු වෙන්න. නැත්තං ඔය හාදයෝ තමයි මහ එවුන් වෙනුවෙන් මේ රටේ ජනමතය මංකොල්ල කන්නේ.
 
ඒක නිසා ආණ්ඩුව ලෙහලා දාලා තියෙන හරක් කුලප්පු වෙන්න ඉස්සෙල්ලා ගැට ගහන එක ජනතාවගේ වගකීමක්.
 
අනික ඊයේ නං රටේ රාළ දැක්කේ හරකෙක් කිව්වට පිං ගොනෙක්.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
මීට
රටේ රාළ
 
(ප්‍රියන්ජීත් විතානගේ  FB  පිටුවෙන්....)
 
 Priynatha witharana
 
සබැඳි පුවත :
 
 
 
 

THE LEADER TV 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්